මහරගම නාවින්නේදී බිරිය හා දියණිය මරුමුවට පත් වූ ලොරිය පැදවූ පියා රුපියල් ලක්ෂය බැගින් ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස නුගේගොඩ වැඩ බලන මහේස්ත්‍රාත් දීප්ති ලියනගේ මහතා නියෝග කළාය. කාර්මිකයකු වන එස්.ඒ.අජිත් ප්‍රියංගට එසේ ඇප නියම විය. ඔහුගේ රියදුරු බලපත්‍රය උසාවි බාරයට ගත් අතර ඔහුගේ මානසික තත්ත්වය පිළිබඳව ලංගම වෛද්‍ය මධ්‍යස්ථානයෙන් වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස පොලිසියට නියම කැරිණි.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
මහරගම අනතුරේ පියාට ඇප
දිමුතු Friday, 28 December 2012 09:31 PM
මේක හදිසි අනතුරක්.. අපට වඩා දුක තියෙන්නේ රියදුරට මොද මියගිහිං තියෙන්නෙ බිරිදයි දරුවයි ඒ නිසා දෙපාරක් හිතල අදහස් දක්වනවානම් හොදයි..!(නු)
සංජය Friday, 28 December 2012 10:27 PM
මේක හදිසි අනතුරක්. අපට වඩා දුක තියෙන්නේ රියදුරාට. මොකද මියගිහින් තියෙන්නෙ බිරියයි දරුවයි. ඒ නිසා තවවරක් හිතලා අදහස් දක්වනවා නම් හොදයි. (නි)
පාලිත වීරතුංග Friday, 28 December 2012 10:27 PM
හදිසි අනතුරකදී කෙනෙක් මිය ගිය විට වාහනය පැදවු රියදුරු සති දෙකක් රිමාන්ඩ් භාරයට පත් කරනන් මහේස්ත්‍රාත් තුමියට අමතක උනාද? මේ නීතිය බලපාන්නෙ පොඩි මිනිහාට පමණද?(නු)
ජයරත්න Friday, 28 December 2012 10:40 PM
අපට වඩා දුක තියෙන්නේ රියැදුරාට. මොකද මියගිහින් තියෙන්නෙ බිරියයි දරුවයි. (නි)
රසාල් Saturday, 29 December 2012 02:11 PM
මෙවන් අනතුරු නොවේවා (දී)
බිමල් Saturday, 29 December 2012 02:51 PM
අපි දන්න විදියට නම් අනෙක් පැත්තෙන් ආපු බස් එක වැරදි පැත්තෙනුයි ඇවිල්ලා තියෙන්නේ. ඒකෙන ගැළවෙන්නයි එයා අනෙක් පැත්තට කපලා තියෙන්නේ. (නි)
සේනාධී Saturday, 29 December 2012 07:43 AM
හදිසි අනතුරක් වුවත් මෙය රියැදුරුගේ නොසැළකිල්ලයි. (නි)
දම්මි Saturday, 29 December 2012 07:40 AM
අවමංගල්‍ය කටයුතු කරගන්නේ කොහොමද කියලාවත් නීතිය හිතුවේ නැද්ද? (නි)
නිමල් Saturday, 29 December 2012 07:51 AM
අද කාලේ හුගක් රියදුරන් වාහන පදවන්නේ "ඔන්න, පුලුවන් නම් බේරෙන්න" කියන මානසිකත්වයෙනුයි. (නි)
සරත් Saturday, 29 December 2012 08:03 AM
ඇප දෙන්නෙ මිනිස් වටිනාකමට නෙමයි.. උසාවි එන්න කියලා සහතිකයක් වශයෙන්..!(නු)
නිත්‍යා Saturday, 29 December 2012 08:16 AM
මොකද්ද ඇත්ත කියලා ටික දිනකින් දැන ගන්න ලැබේවි. එතෙක් ඉවසන්න. ඇත්ත නොදැන කාටවත් චෝදනා කරල වැඩක් නෑ. (ස)
අජිත් කරුණාරත්න Friday, 28 December 2012 07:24 PM
මම නම් කියන්නෙ එයාට ලොරියක් පදවන්න බලපත්‍රයක් නැතිව ඇති... මොකද ගොඩක් අය එහෙම ඉන්නවා..!(නු)
චින්තක Saturday, 29 December 2012 09:26 AM
අත් අඩංගුවට ගත යුත්තේ ඒවගේ ඇත්ත තත්වය වසන් කර කාඩ් බෝඩ් පෙට්ටි වැනි ලොරි නොවන ලොරි විකුණන්නන්ය (ස)
නිමල් Saturday, 29 December 2012 09:38 AM
එයාටත් පොඩ්ඩක් සැළකුවා නම් ඇත්ත කියයි. (නි)
අමිල කටුනායක Saturday, 29 December 2012 08:52 PM
උසාවිය ගත් ක්‍රියාමාර්ගය අගය කරනවා.. ඒ මනුස්සයා මොන තරම් වේදනාවෙන් ඇද්ද?(නු)
සෙනරත් Friday, 28 December 2012 08:36 PM
ජීවිත දෙකක වටිනාකම ලක්ෂ දෙකයිද? (නි)
මුතුකුඩ Friday, 28 December 2012 09:09 PM
මේ දවස්වල පියවරුන් අතින් බොහෝ අඹු දරුවන් මරණයට පත් වෙනවා..!(නු)
මුතුකුඩ Friday, 28 December 2012 09:11 PM
ඇයි සෙනරත්.. ලක්ෂයයි ලක්ෂයයි දෙලක්ෂයි.. එතන ජීවිත දෙකක් නේ ඉතිං හරිනේ..(නු)