(බී.ජී. චතුරංග)
මෙවර පැවැත්වෙන ජනාධිපතිවරණ ඡන්ද විමසීමේදී රටේ ජනතාවගේ සහයෝගය සමගි ජනබල සන්ධානයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට ලබා දෙන්නයි ඓතිහාසික මිහින්තලා රජමහා විහාරාධිපති වලවාහැංගුනවැවේ ධම්මරතන නායක හිමියෝ පැවසූහ.
ධම්මරතන නා හිමියන් මේ බව කියා සිටියේ ජනාධිපති අපේක්ෂකවරුන් වෙත ඉදිරිපත් කරන ලද යෝජනාවලියට සජිත් ප්‍රේමදාස මහතාගේ එකඟතාවය පළවීමෙන් අනතුරුව එම එකඟතා ලිපිය පිරිනැමීම සඳහා පැමිණි දූත පිරිස සමග අදපැවති සාකච්ඡාවකදීය.
ඒ සඳහා වූ එකඟතා ලිපිය නායක හිමියන් වෙත පිරිනැමීම සමගි ජන බලවේගය බුද්ධි මණ්ඩපයේ සාමාජිකයන් වන මහාචාර්ය ගාමිණී රත්නත් ශ්‍රී හා මහාචාර්ය දුනේෂ් ගුණතිලක යන මහතුන් ඇතුළු දූත පිරිස විසින් සිදු කලහ.
ආනයන සහ අපනයන වෙළඳාම ඇති කරමින් පෘතුගීසින් පැමිණීමට පෙර යුගය නැවත ශ්‍රී ලංකාව තුළ ඇති කිරීම , උතුරු නැගෙනහිර පළාත්වල ජනතාවගේ ජීවන තත්ත්වය නගා සිටුවීම සඳහා ජල ව්‍යාපෘතියක් ආරම්භ කිරීම , ජාතින් අතර සංහිඳියාව ඇති කිරීම වෙනුවෙන් සිංහල හා දමිළ භාෂාවන් සියලු ජනතාවටම ඉගැන්වීම , ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එම දුරයට පත්වීමට පෙර ආගමික සිද්ධස්ථාන සඳහා ලබා දී තිබූ සහනශීලි පිළිවෙත නැවත ඇති කිරීම , රාජ්‍ය පාලනය කිරීමේදී යෙන්ම ආගමික නායකයින්ගේ අනුශාසනා ලබා ගත යුතු වීම , ආදී වාසී ජනතාවගේ මූලික අවශ්‍යතා ඉටුකිරීම , වර්තමානයේ පවතින විහාර දේවාලගම් පනත සංශෝධනය කිරීම හා පුරාවිද්‍යා පනත නැවත සංශෝධනය කර සාංඝික දේපළවල අයිතිය සම්බුද්ධ ශාසනයට පැවරීම යන යෝජනාවන් ඓතිහාසික මිහින්තලා රජමහා විහාරාධිපති හිමියන් විසින් ජනාධිපති අපේක්ෂකවරුන් වෙත ඉදිරිපත් කරන ලද යෝජනාවලියන් වෙයි.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
මිහින්තලේ හිමියෝ සජිත්ට සහය පළකරති
රමණි Tuesday, 13 August 2024 05:28 AM
දැන් මේ හාමුදුරුවෝ ඡන්දය ඉල්ලන අපේක්ෂකයෙක් නේද. ඉතින් දැන් මොකද මේ තමන් ඡන්දය දිනන්න බලන්නේ නැතුව අනුන්ව දිනවන්න හදන්නේ. ඡන්ද දායකයන්ව රැවටීමක් නේද මේ කරන්නේ
සෙනෙවිරත්න Tuesday, 13 August 2024 06:37 AM
මෙයා වැරැදිලාවත් දිනුවොත් නැවත ප්‍රේමදාස කරපු විකාර නැවතත් කරන එක දැන්නම් සහතිකයි... මතකයි ආර්යාව ගෙනත් රඟපෑම්, මෙයත් එහෙමයි. ඕනෑවට වඩා ආගම කරපින්නාගෙන කරන නාඩගම්... මෙයත් යන්නේ එතැනටම තමයි...
රනේ Tuesday, 13 August 2024 07:11 AM
අන්තිමට හැංගෙන්නම තමයි වෙන්නේ... දුකයි..!
Walaha Tuesday, 13 August 2024 09:09 AM
අපි හිතුවා පොල් පැලේ කයි කියලා...
Roshan Tuesday, 13 August 2024 09:32 AM
හොරාට කලින් කෙහෙල් කැන වැට පනින කොට අපි දන්නවා මෙයා හැරෙන්නේ කොහොටද කියලා
ලසන්ත Tuesday, 13 August 2024 09:32 AM
මේ සේයාරුවින් සබ්බ දුක්ඛ නිස්සරණය, අප්පිච්ඡ දිවිපවැත්ම වගේ ඒවා ප්‍රකට වේ.
අරවින්ද මොනරවිල Tuesday, 13 August 2024 09:57 AM
හානා හීය පානා හඬ හැරෙන් දැනේ කියලා ගැමි වහරේ කියමනක් තියෙනවා.. ඒක මතක් වුණා මේ නිවුස් එක දැක්කාම. ඒත් අපි බැලුවා ධම්මරතන නාහිමියෝ මොකද මෙතරම් ප්‍රමාද කියලා.
සන්ක Tuesday, 13 August 2024 10:37 AM
හාමුදුරුවනේ අපිනම් සජිත්ට ඡන්දෙ දෙන්නෙ නැහැ.මොකද පොහොට්ටු කම්බ හොරු සේරම දැන් සජඛෙට අරගෙන.දැන් ගමේ ජනතාව කියන්නෙ සජඛෙයි පොහොට්ටුවයි දෙකම එකයි කියල.ඉතින් දැන් ගමේ ජනතාව සේරම ඡන්දෙ දෙන්න මාලිමාවට. අනේ හාමුදුරුවනේ දැන් සජඛෙයි පොහොට්ටුවයි දෙකම එකයි.