
( පුෂ්පකුමාර ජයරත්න )
මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා මැල්සිරිපුර උමංදාවට පැමිණ සිරි සමන්තභද්‍ර හිමියන් හමුවී උමංදාවේ සිදු කෙරෙමින් පවතින වගා සංග්‍රාමය ඇතුළු විවිධ සංවර්ධන ව්‍යාපෘති රැසක් නැරඹීය.
සිරි සමන්තභද්‍ර හිමියන්ගේ අදහසකට අනුව වාර්ෂිකව සිදු කරගෙන යන පාසල් සිසුන් දස දෙනකු සඳහා මාසිකව ශිෂ්‍යාධාර ලබාදීමේ වැඩ සටහන යටතේ සිසුන් පිරිසකට ශිෂ්‍යාධාර ප්‍රදානය කිරීමද මෙහිදී නන්දලාල් වීරසිංහ මහතා අතින් සිදු කෙරිණි.
මීට අමතරව සිරි සමන්තභද්‍ර හිමියන්ගේ මෙහෙයවීමෙන් සකස් කරන ලද උමංදාව ඒකාබද්ධ කළමණාකරන පද්ධතිය එළිදැක්වීමද මහ බැංකු අධිපතිවරයා අතින් සිදු කෙරිණි.
මෙම අවස්ථාවට සහභාගි වීම සඳහා නන්දලාල් වීරසිංහ මහත්මියද පැමිණ සිටි අතර සිරි සමන්තභද්‍ර හිමියන් ඔවුන් දෙදෙනා වෙනුවෙන්ම උමංදාවේ විශේෂ ආහාර වට්ටෝරුවලින් සකසන ලද සුවිශේෂී ආහාර වර්ග රැසක රස බැලීමේ අවස්ථාවද දෙදෙනාට හිමි වූහ.








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර අගුලු දාලා තිබුණු කාමරේ තිබුණේ මොනවද කියලා අහලා බැලුවේ නැද්ද...?
දවල්ට කාබනික... රෑට යූරියා වගේ...
උමංදාවේ සිදු කෙරෙමින් පවතින වගා සංග්‍රාමය ඇතුළු විවිධ සංවර්ධන ව්‍යාපෘති රටේ වෙනත් ප්‍රදේශ වෙත ගෙනයාමට උමංදාවේ සහයෝගය ලබාගත හැකිවේ.
මහබැංකු අධිපති තමන්ගේ රාජකාරියේ වැඩ පෙන්නලා ඉවර කරලා මේවාට බැස්සා නම් නේද හොඳ? අන්තිමේදී අනික් හැම හෝතඹුවන් වගේම වෙන වැඩ කරලා තියෙයි...
මෙයාට මහබැංකුවේ රාජකාරිය කෙසේවෙතත් හෙන මාධ්‍ය ආවරණයක් නම් තියෙනවා.. වැසිකිළිට ගියත් ෆේස්බුක් එකෙ පෝස්ට් එකක් දානවා...
සක්විති කියලා නම දා ගත්තු කෙනෙක් මිනිස්සුන්ව රැවැට්ටුවේ පිළිගත්, වැදගත් මිනිස්සුත් එක්ක කරට කර ඉඳලා...!
ළඟදීම දේශපාලනයට එනබව පෙන්නුම් කරනවා...
බල්ලෝ කොච්චර උඩුබිරුවත් හාමුදුරුවන් තමුන්ගේ ගමන ඉස්සරහටම යනවා. ඒ ධෛර්යය අගය කරන්න වටිනවා ...
රාජ්‍ය, ජේෂ්ඨ හා රටේ වැදගත් තනතුරක් උසුලන අය තමන් යන එන තැන් ගැන මීට වඩා සැලකිලිමත් විය යුතු නොවේද?
මෙයත් සතපහකට වැඩක් නැති එකෙක්... මුන් ඔක්කොම හොරු...
නිල් කටරොලු කන්න ඇති එහෙනම්
එතුමා ගොවිතැන් බතක් කරගෙන හිටියා නම් ඒක මේ රටට කරන ලොකු සේවයක්... බල්ලගේ වැඩේ බුරුවා කරන වැඩ ගැන ලංකාව කප් ගහලනේ ඉන්නේ... සමහරක් ඊළඟ ඡන්දෙන් පස්සේ උමංදාවේ දිවුරන්න පෙරුම් පුරාගෙන ඉන්නවා කියලා වගේත් පේනවා.. ගංගාරාමය මේ රටට කළ දේට වඩා ලොකු හපන්කමක් උමංදාව කරයි වගේ... ඔහොම යං...!
ෆොටෝ එක බලු බැල්මට නන්ද සේනගෙයි ,නන්දලාල්ගෙයි පවුලේ සමාන කමක් තියනවා .බයත් හිතෙනවා අප්පා
ඇලෙන්නේ නැතුව විඳින්ට කියාපු තැන.
මහා බැංකු අධ්පති කම කරගෙන උන්නා නම් හොඳයි බොරු සෝබන වැඩ නොකර. උමන්දාවට ප්‍රසිද්ධියක් දෙන්න නම් දැන්වීමක් දාන්න
සිංහල බෞද්ධයෝ කියන්නේ මහා කුහක ජාතියක් එකෙන් නැගිටිනවාට කැමැත්තක් නෑ. හොඳ දේ අගය කරන්න ඔවුන්ගේ හිත ඉඩ දෙන්නේ නෑ. මොකක් හරි අඩුපාඩුවක් හොයලා ඒක ප්‍රසිද්ධ කරනවා. මේ වැඩේ ඇත්තටම හොඳ දෙයක්. මේක තව ටිකක් ගම්දනව්වල පතුරුවන්න ඕනේ. කොම්පොස් නොවේ යූරියා හරි දමන මෙහෙම වගා කරපු උන් අඩු පාඩු හොයන්නේ නෑ. මිරිපැලයක්වත් වත්තේ හිටවල නැති කුහක ගොන්නු ටිකක් මේකේ වැරි කිව්වාට බොහෝ පිරිසක් මෙම වැඩේ අගය කරනවා. රට දියුණු කරන්නනම් හොද දේ අගයන්න ඔනේ එය ප්‍රචාරය කරන්න ඕනේ.
ධර්මය දේශනා කරන්න ඉන්න ස්වාමීන් වහන්සේ ගොවිතැන් කරනවා. ඒවා නරඹන්න අපේ මහබැංකු අධිපතිතුමා ගිහින්..... අනේ කාලේ -වනේ වාසේ..
ජෙප්පන්ට චන්දෙ දෙන්න සමහරු බලන් ඉන්නවා. අරගලයේ පරමාර්ථය උනේ මේ දක්වා මජර දේශපාලනය නොකළ අලුත් බලවේගයකට බලය දීම උනත්, ඒක දැන් ජේවීපී මජරයෝ හයි ජැක් කරලා. අමතක කරන්න එපා ජවිපෙ කියන්නේ චන්ද්‍රිකා, මහින්ද, රනිල්, ෆොන්සේකා, සිරිසේන කියන අයව වරින් වර බලයට ගෙන්න උත්සහා කරපු ඒ වෙනුවෙන් තනතුරු (ඇමතිකම්), කප්පම් (VFM), මුදල් (වැසිකිලියේ ලක්ෂ 25) ගත්ත මේ රටේ දියුණුව වුර්තිය සමිති මගින් අඩාල කරපු අන් මත ඉවසන්නේ නැති කුහක ප්‍රචණ්ඩ පිරිසක් බව. මතකනේ අරගලය ඉවර වෙද්දී රට පුරා, ගෙවල්, හෝටල්, වාහන ගිනි ගත් විදිය. පොලු වලින් ගහලා මිනිස්සු මරපු විදිය. අතීතය අමතක නම් ජවිපෙ තෝරා ගනිල්ලා. දැන් වත් නැවුම් බලවේගයක් බලයට ගෙනෙමු!
අදහස හොඳ උනත් හැමෝගෙන්ම ඉල්ලා සිටින්නේ පලක් නැති දේශපාලනේ ඔලුවෙන් අයින් කරලා ගෙවත්තේ මිරිස් පැලයක් හෝ සිටවන ලෙසය.කෘෂි නිලධාරීන් නින්දෙන් අවදි විය යුතුය .ආර්ථිකය නැවත ගොඩ නැගෙන්නේ ජනතාව වැඩ කිරීමෙන් සොරුන් පාලන තන්ත්‍රයෙන් ඉවත් කිරීමෙන් ,උගතුන් පත් කිරීමෙන්
මහ බැංකුවේ අධිපති වශයෙන් මෙම තැනට පැමිණ අදහස් හුවමාරු කර ගැනීම ඉතා වටිනවා.අපි ජාතියක් වශයෙන් වගාවට හුරු විය යුතුයි .සමන්ත භද්‍ර හිමියන්ගේ වගා සංකල්ප වටිනවා
සිංහලයා කියන්නෙ කෙතරම් ගොබ්බ ජාතියක්ද කියල කොමෙන්ට්ස් වලින් පේනවා.අඩුගානෙ හරි දේ දැක්කම හරි කියන්නවත් හිතක් නෑ.මොනවහරි කුනු ගොඩක් ලියල දානව.අනාගතයක් නැති ජාතියක්.
නන්දේ, මහජනතාව රවට්ටන්න එපා. ඔබ සහ කබ්රාල් අතර වෙනසක් නෑ.
ඔය භූමිය මම කුඩා කාලේ සෙල්ලම් කල ලඳු කැලෑව. අක්කර 50 දිගැටි ඉඩම. දෙකෙළවර අක්කර 10ක් විතර පොල් හොඳට තිබුණා. මැද කොටස කිරි මැටි සහිත නිසා පොල් හැදුනේ නැහැ. කටුපිල සහ රණවරා තමයි තිබුණේ. තැනින් තැන දිවුල් තිබුණා. ධනවතුන් කිහිප දෙනෙක් මෙය සංවර්ධනය කරන්න හැදුවත් බැරි වුණා. මේ හාමුදුරුවන් කොහෙන් හෝ ලබාගත් අති විශාල මුදලක් වැයකරලා (අනුන්ගේ මුදල්) ඉඩමේ පස වෙනස් කරලා තමයි ඔය වවන්නේ. හමුදා සෙබළු විශාල සංඛ්‍යාවක් වැඩ... සාමාන්‍ය ගොවියෙක් තමන්ගේ ධනය වැය කරලා කුලියට මිනිස්සු අරගෙන කළා නම් පට්ට පාඩුයි...
බුදු අම්මේ බෙදාගෙන තියෙන කෑම.... බලන්නකෝ පිඟන් දෙක දිහා. පිඟන් පුරෝලා මාළුද? මස්ද? පැටිස්ද? කට්ලට්ද? ඔච්චර කන්නේ කොහොමද අප්පා? අනලා අනලා විසිකළාද අන්තිමට...?