IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


මහ පොළොව අඳුරේ ගිලෙන කතාවේ බොරුව

ආදි ශිෂ්ඨාචාරයක් ලෙස සැලකෙන දකුණු ඇමෙරිකාවේ මායාවරුන්ගේ තාරකා ලිතකට අනුව 2012 දෙසැම්බර් 21 වැනි දින  හෝ ඊට ආසන්න දිනයක ලෝක විනාශයක් සිදුවන බව ඒ පිළිබඳව තොරතුරු සොයා බැලීමට යෙදුනු අය ප‍්‍රකාශ කර තිබෙන බව අද මුළු ලොවම දන්නා උණුසුම් ප‍්‍රවෘත්තියක් බවට පත්ව තිබේ. අප රටේ ජනමාධ්‍ය මගින්ද මේ පිළිබඳව බොහෝ ලිපි ලේඛන පළ කිරීමට කටයුතු කළ බව නොරහසකි. ලෝවැසි ලොකු කුඩා සෑම දෙනකුගේම මුව අග මෙම ප‍්‍රවෘත්තිය කියැවෙන බැවින් තාරකා විද්‍යාඥයකු ලෙස එම කරුණ පිළිබඳව තොරතුරු සොයා බැලීමේදී අප සෞරග‍්‍රහ මණ්ඩලයේ ග‍්‍රහයින් නිසා හෝ එසේත් නොමැති නම් පිට සක්වළ සිට මෙහි ඇදී එන ග‍්‍රහවස්තුවක් නිසා හෝ මායාවරුන් දැක්වූ ලෝක විනාශයක් මෑතකදී සිදුනොවන බව තරයේම කිව හැකිය. පසුගිය වසර හැටක පමණ කාලය තුළදී ලෝක විනාශ අනාවැකි දෙක තුනක්ම අසා ඇති අප හට, 2012 දෙසැම්බර් 21 වැනි දින ලෝක විනාශය ද මිනිසුන් මුලාකිරීම සඳහා ගෙතූ අමූලික බොරුවක් ලෙස මම දකිමි. මෙයට හේතුව මායාවරුන්ගේ අනාවැකිය සත්‍ය කිරීමට වසර දෙක තුනක සිට ඇමරිකානු නාසා ආයතනය ගාවා අන්තර්ජාලය හරහා පෙන්වා දුන් නිබොරු නැමති ග‍්‍රහවස්තුව අතිවිශාල වේගයකින් යුතුව පැමිණ අප පෘථිවිය හා ගැටෙන බවකි. මෙම නිබොරු ග‍්‍රහවස්තුවට සිදුවූයේ කුමක්දැයි යන්න කිසිවකු නොදන්නා බැවින් එමගින් කිසිසේත්ම අප පෘථිවියට හානියක් සිදුවිය නොහැකිය. මායාවරුන්ගේ දින දර්ශනය හෙවත් තාරකා ලිත ද එම භාෂාව හරිහැටි නොදත් අය සාමාන්‍ය මිනිසුන් තුළ බියක් හා ත‍්‍රාසයක් ඇතිකිරීම සඳහා ගෙතූ කථාවකි. දින දර්ශන යනු කෙටි කාලයක් සඳහා ප‍්‍රයෝජනයට ගන්නා ක‍්‍රමවේදයකි. මෙයද විශ්ව වස්තූ හා භාවිත කිරීමේදී කලින් කලට ඈත් විය යුතුය. තමන්ගේ ශෝචනීය අවසානය පවා නොදැන සිටි මායාවරුන්ට ලෝක විනාශයක් ගැන කිවහැක්කේ කුමන පදනමක් මතද යනු මාහට ප‍්‍රහෙලිකාවකි. අප සූර්යයා වටා පරිභ‍්‍රමණය වන්නාවූ ග‍්‍රහයින් අට දෙනාගෙන් ග‍්‍රහයින් දෙතුන් දෙනකු පෘථිවිය වෙත එක එල්ලේ පිහිටීමෙන් 2012 දෙසැම්බර් 21, 22 සහ 23 යන දිනයන්හි පොළව මතට හිරුඑළිය වැටීම වැළකී ඝන අඳුරෙන් වැසී යන බව ලොව පුරාම ප‍්‍රචලිත වී ඇති තවත් කරුණකි. දින තුනක්ම අඳුරේ සිටීමට සිදුවෙතැයි යන බිය නිසා ලෝක ජනතාව පමණක් නොව අප රටේ සමහර ප‍්‍රදේශවල අයද බැටරි ඉටිපන්දම් සහ භූමිතෙල් එක්රැස් කරන බවද අසන්නට ලැබිණි. අපගේ පියෙවි ඇසට දිස්වෙන විශාලම වස්තූ දෙක සූර්යයාත්, එමෙන්ම චන්ද්‍රයාත් බව ඔබද දන්නා කරුණකි. මෙම වස්තූන් දෙක එක එල්ලේ පිහිටීමෙන් ඇති වන්නාවූ පූර්ණ සූර්යග‍්‍රහණ වලදී පොළොවේ සුළු බිම් තීරුවකට පමණ අඳුරක් පතිත වනුයේ. මෙයද එම වස්තූන්ගේ පිහිටීම අනුව අඩුවැඩි වේ. මහ පොළොවේ අඩක්වත් පූර්ණ සූර්ය ග‍්‍රහණයකදී අඳුරු කිරීමට මෙම වස්තූ දෙකට නොහැකි නම් දොඩම්, නාරං ගෙඩි තරම් විශාලව පෙනෙන බුධ, සිකුරු, අඟහරු, බ‍්‍රහස්පති සහ සෙනසුරු යන ග‍්‍රහ වස්තූන් වලින් දෙක තුනක් එක එල්ලේ පිහිටීමෙන් අප පෘථිවිය මතට සූර්යයා ගෙන් පතිත වන්නාවූ ආලෝකය අවහිර වන්නේ කෙසේද? මෙය තාරකා විද්‍යාව පිළිබඳව කිසිදු දැනුමක් නොමැති අය අන්තර්ජාලය හරහා යැවුනු පුවතක් බව කිවයුතුය. පූර්ණ සූර්ය ග‍්‍රහණයකදී වුවද විනාඩි 7 1/2 කට වඩා සූර්යා මුවාකර ගෙන සිටීමට සඳට නොහැකි බව පෙන්වා දීමට කැමැත්තෙමි. අප ජීවත්වන පෘථිවිය ඇතිවී වසර කෝටි 450 ක් පමණ ගතවී ඇත. එතෙක් මෙතක් යුග කීපයක්ම පසුකොට තිබෙන අප මවුග‍්‍රහයාගේ උපත සිදුවූවාක් මෙන්ම එහි අවසානයක්ද සිදුවිය යුතුය. මෙහි පැවැත්ම බොහෝදුර පාහේ රැඳී ඇත්තේ සෞරග‍්‍රහ මණ්ඩලයේ අධිපතියා වන සූර්යයා මතය. මෙලෙස අප පාලකයා වන සූර්යයා මත සිදුවන සුළු වෙනස්වීමක් වුවද පාථිවි ජීවීන් කෙරෙහි තදින් බලපාන බව කිවයුතුය. මිනිසා විසින්  ස්වභාව ධර්මයට විරුද්ධව කෙරෙන ගස්කොලන් කැපීමේ සිට විෂ වායුන් වායුගෝලයට මුදාහැරීමේ ක‍්‍රියාවලිය මත ගෝලීය උෂ්ණත්වය දිනෙන් දින වැඩිවී ගොස් අනාගතයේදී පෘථිවි ග‍්‍රහයාගේ මහා විනාශයක් සිදුවනු නිසැකය. මෙහිදී ගස් වැල් ඇතුළු ශාක ලෝකයත්, මිනිසාත් ඇතුළු සියලූම ජීව ලෝකයත් විනාශ වී යනු ඇත. වසර කෝටි ගණනාවක සිට තම අක්ෂය වටා පැය 24 කට වරක් භ‍්‍රමණය වෙමින් පැයකට කි.මි. 107,880 ක වේගයකින් යුතුව තම පාලකයා වන සූර්යා වටා ගමන් ගනිමින් පවත්නා අප පෘථිවියට විශ්ව මූලධර්ම මත තවත් වසර කෝටි ගණනක් මෙලෙසටම පැවතිය හැකිය. ඈත විශ්වයේ සිට කිසිදු ග‍්‍රහවස්තුවක් අප පෘථිවිය හා ගැටීමට නොඑන බැවින් 2012 දෙසැම්බර් 21 වැනි දින ලෝක විනාශයක් සිදුවීමට ඉඩ ඇතැයි සිතීම මුලාවකි. එලෙසම 2012 දෙසැම්බර් 21, 22 සහ 23 යන දිනයන්හි අප පෘථිවිය රාත‍්‍රි කාලයේදී මෙන් පැය 24 පුරාවට අඳුරේ පවතී යන මතය ද මහා මුලාවක් බව කිව යුතුය. සූර්යයා ගෙන් ඇති කෙරෙන බලපෑමක් මත හෝ එසේත් නොමැති නම් පෘථිවි අභ්‍යන්තරයෙහි සිදුවන මහා පිපුරුමක් මත අප ජීවත්වන පෘථිවි ග‍්‍රහයා විනාශ වීමට ඉඩ තිබෙන බවද මෙහිලා අප පාඨකයනට පෙන්වා දිය යුතුය. 2012 දෙසැම්බර් 21 වැනි දින ලෝක විනාශයක් සිදුවන බවට කිසියම් අයෙකු විශ්වාස කරන්නේ නම් ඒ අය හට බිය නොවී ජීවත් විය හැකි යහපත් රටක් ලෙසට ලෝකයට අපගේ රට වන ශ්‍රී ලංකාව හඳුන්වා දිය හැකිය. ලොව පුරා කාලගුණ විපර්යාස සහ භූමිකම්පා ආදිය සිදුවුවද ඒවා මෙම ලෝක විනාශය කෙරෙහි බල නොපානු ඇත. පිටසක්වලින් පැමිණෙන අත්භූත යානා පිළිබඳව මේ දිනවල විශාල ආන්දෝලනයක් ඇතිවී තිබේ. මෙලෙස මෙහි පැමිණෙන පිටසක්වල ජීවීන් රැගත් යානා මගින් 2012 දෙසැම්බර් 21 වැනි දින පොළවට ප‍්‍රහාරයක් එල්ල කොට, එය විනාශ කරනු ඇතැයි යන ආකල්පයක් මිනිසුන් තුළ ගොඩ නගා ඇත. නීල් ආම්ස්ට්‍රෝ ඇතුළු ඇමෙරිකානු ඇපොලෝ නියමුවෝ සඳ මතට ගියේ ආයුධ රැගෙන නොවේ. එමෙන්ම මෙහි එන පිටසක්වල ජීවීන්ද අප හමුවට එනු ඇත්තේ සුහද චාරිකාවක් සඳහා බැවින් ඔවුන් මහපොළොව විනාශ කිරීමට කටයුතු නොකරනු ඇත යනු මාගේ විශ්වාසයයි.

තාරකා විද්‍යාඥ අනුර සී. පෙරේරා
තාරකා විද්‍යාඥ අනුර සී.පෙරේරා



අදහස් (0)

මහ පොළොව අඳුරේ ගිලෙන කතාවේ බොරුව

අනුර ශාන්ත Tuesday, 18 December 2012 01:52 PM

අනේ ඇත්තටම එහෙම දෙයක් වුණත් මොනවා කරන්නද (ස)

:       0       0

ජයසිංහ Monday, 17 December 2012 02:11 AM

ඇත්තෙන්ම නියමයි. (නි)

:       0       0

සමන් Tuesday, 18 December 2012 09:46 AM

එතකොට මේ කතාව බොරුද? (නි)

:       0       0

විරාජ් Wednesday, 19 December 2012 10:55 AM

වෙච්ච දවසට සද්දේ නැහැ (දී)

:       0       0

උපුල් Sunday, 16 December 2012 06:35 PM

මානසික ‍ලෙඩ තියන අය තමයි 21 ලෝක විනාසය වෙනවා කියලා බලාගෙන ඉන්නේ. (නි)

:       0       0

දනුෂ්ක Monday, 17 December 2012 11:32 AM

බොරු කතාවක්නේ (දී)

:       0       0

සිතුම් Sunday, 16 December 2012 07:28 PM

ලෝක විනාස කතාවක් උස්සල පෙන්නලා, බඩුමිල යවනවා අහස උසට (දී)

:       0       0

සිතුම් Sunday, 16 December 2012 07:33 PM

රැවටෙන්න එපා බයවෙන්න එපා... (නි)

:       0       0

චින්තක Sunday, 16 December 2012 07:38 PM

ලොක විනාශය යනු මේ අප ජීවත්වන් ලෝකය, සියලුම ග්‍රහලෝක ද ඇතුලුව සියල්ලේම විනාශයයි. මෙය අද හෙට නම් වෙන්නේ නැහැ. එහෙත් යම් දිනක එය සිදුවෙනු ඇත. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 739 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 565 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site