වැඩි පොළී ලබා ගැනීමේ අරමුණින් නාවල සක්විති ඉන්වෙස්ට්මන්ට් සමාගමේ තැන්පත් කළ රුපියල් කෝටි 105කට අධික මුදලක් වංචා කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට 2010 අගෝස්තු මුළදී අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයේ සිටි කුමාරි අනුරාධිනී ඇප මත මුදා හරින ලෙස නුගේගොඩ මහේස්ත්‍රාත් අජිත් එම් මාසිංහ මහතා අද නියෝග කළේය.
දැනට රිමාන්ඩ් බාරයේ සිටින සිරි කුමාර රණසිංහ හෙවත් සක්විති රණසිංහගේ බිරිය වන අනුරාධිනීට රුපියල් ලක්ෂයක මුදල් ඇපයක් ද, රුපියල් 25 ලක්ෂය බැගින් ශරීර ඇප තුනක් ද නියම කළ අතර විදේශ ගමන් බලපත්‍රය ද තහනමට ගැනිණි.
හැම මාසයකම අවසන් ඉරු දින රහස් පොලීසියේ පෙනී සිටීමට ද ඇයට නියම විය.
සක්විති ලබන 15 වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය දෙන්නම එළියට දාල,අධිපතිවයි ඇතුලට දාන්න ඕනෙ. (අ)
ලබන අවුරුද්දේ සක්විති නිදහස් වේවිද? අපි බලාගෙන ඉදිමු. (නි)
සක්විති ඒ හොර මුදල් ආයෝජනය කරලා තියෙන්නේ කැසිනෝ ව්‍යාපාරයටලු. (නි)
අහන්න සතුටු පුවතක්. මේ ගැන ගැඹුරින් හිතලා බැලුවොත් සක්විතිගේ වැරැද්දක් නැහැ. (නි)
කෝටි 100ක් වංචා කළාට කන්න වුණේ කල්දේරම් බත්නේ. (නි)
පවුල ලස්සනද දන්නේ නෑ නේද (ස)
වැරදි කලා නම් විද වන්නත් වෙනවනේ (දී)
ඔන්න මුදල් තැන්පත් කළ අයට චාන්ස් එකක්.(නදී)
මොනවා හිතෙන්න ඇතිද (දී)
ඈති ඔයින් ගියා (දී)
සල්ලි කොහේහරි හංගලා ඇති සමහරවිට. (නි)
දැන් එතකොට සල්ලි දෙන්නේ නැද්ද (දී)
පේනවද ලංකාවේ නීතිය... කොච්චර උතුම්ද ?? (ස)
වරදි කරා නම් විඳවන්න ඕන... (ස)
හිර ගෙදර ඉන්නවට වඩා එලියට ආපු එක හොඳයි කියලා හිතුනට ගෙදර ඉන්න නම් බය ඇති... (ස)