බකමූණ ගල්මුල්ල පාසලේ හයේ සිට එකොළහ දක්වා පන්ති වෙනත් පාසලකට මාරු කිරීමට එරෙහිව එහි ගුරුවරු පාසල ඇතුළට දමා ගේට්ටුව වැසූ මව්පියෝ පිරිසක් විරෝධයක් ඇරැඹූහ.
ඔවුන්ගේ ප්‍රධාන මැසිල්ල වනුයේ ගමේ දරුවනට ඈත පාලසකට යෑම අනතුරු දායක බවයි. එම මාර්ගයේ වල් අලින් ගැවසීම ප්‍රධාන හේතුව බව ඔවුහු කියති.
පිරිසක් වහළ උඩට ද නැග සිටියහ.
පාසලේ ප්‍රකාශකයකු පැවසුවේ දේමාපියන්ගේ ප්‍රශ්නයට පිළිතුරු දීමට තමාට නොහැකි බවයි.
කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ප්‍රසාද් ජයවර්ධන මහතා මාධ්‍ය සමග කතා කිරීමට නොහැකි බව කීවේය. උද්ඝෝෂණය පවතින ස්ථානයට යෑමට අවශ්‍යතාවක් නැතැයි ද ඔහු කීවේය.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙමාපියන්ටත් ළමයින්ටත් අපහසුතාවක් ඇති නොවන විදියට සංවර්ධනය විය යුතුයි. (ත)
මේ මොකද්ද මේ වෙලා තියෙන්නේ (දී)
එහෙම වෙන්න දෙන්න බැහැ, වරදක් සිද්ද වී ඇති ඒ දේ නීතියෙන් විසදා ගන්න මේ කල වැඩේ වැරදියි (දී)
අන්තිම නරකයි දෙමවිපියන්ගේ හැසිරීම. මේ දේවල් වලට ගුරු මණ්ඩලය පලිද? දෙමව්පියන්ට තිබුනේ අධ්‍යාපන නිලධාරින්ව සිර කරන එක. ගුරුවරුන්ගේ රාජකාරිය උගන්වන එක මිසක් පරිපාලන තීරණ ගන්න එක නෙවෙයි. මේ විදියටද දෙමව්පියන් දරුවන්ට ප්‍රශ්ණ විසඳන හැටි කියලා දෙන්නේ. මෙම ක්‍රියාව මම දැඩි ලෙස හෙලා දකිනවා. මමත් ගුරුවරයෙක්. (ස)
ඒ මිනිස්සු හරි මමනම් කියන්නේ (දී)
මෙ මිනිස්සු මේවා කොහෙන් ඉගෙන ගත්තාද මන්දා (දී)
මේ මිනිස්සුන්ව සංවිධානය කරේ කවුද කියලා ඉස්සෙල්ලාම හොයලා බලන්න (ස)
ඒ දේ නීති විරෝධී නේද (දී)
අනිවාර්‍යයෙන්ම මේ ඉල්ලීම් ඉටුකල යුතුයි (ස)
හොඳ වෑඩේ අතාරින්න එපා දුප්පතාගෙ දුක තේරෙන්නෙ නෑ පාලකයන්ට. (ස)
ඔය කියන පාසල තියෙන්නේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ හිගුරක්ගොඩ අධ්‍යාපන කලාපයේ. හයෙන් ඉහල පංති අයින් කරන්නත් සාධාරණ හේතු ඇති.ඒ ගැනත් සදහන් කලානම් මැදහත් බවක් තියෙනවා. (ස)
සිර කරුවන් සිර ගෙදර පාලනය අතට ගත්ත එකේ මේක මොකද්ද (ස)
දේශපාලකයන්ගේ තීරණවලට අහිංසක ළමයි බිලි..... (ත)
හිරගෙදර උද්ඝෝෂණය වගේ. (ත)
දෙපැත්තම වැරදියි. අධ්‍යාපන ප්‍රශ්න මීට වඩා බුද්ධිමත්ව විසඳන්න ඕනි (ස)
ආසියාවේ ආශ්චර්‍යය , අධ්‍යාපනයේ අවසානය (ස)
මහජනතාවගේ දුක තේරෙන්නේ නෑ. (ත)
දැන්වත් තේරෙනවද මහත්තයෝ (ස)
වෙනසකටත් එක්ක හොදයි (දී)
පව් ළමයි ටික (දී)
සාධාරණ උද්ඝෝෂණයක් (ස)
සාධාරණ ඉල්ලීමක් , බලධාරීන්ගේ අවධානයට (ස)
දෙමවුපියන්ට ගිය කලක් (දී)
ගුරුවරු මොකද කරන්නේ (දී)
මගේ සහයත් දෙමවු පියන්ට (දී)
මනම් කියන්නේ ඒ දෙමවු පියන් හරි ඉවසලා ඉවසලා බැරිම තැන තමයි මෙහෙම දේවල් කරන්නේ (දී)
මමනම් කියන්නේ එහෙම කරන එක හොද මදි (දී)
මදැයි ... (ස)