(සුසිල් ප්‍රියන්ත)

බූස්ස මලිදූවේ චීන ක්‍රීඩාංගනයේදී  හමුවූ මළ සිරුර යුද හමුදා කමාන්ඩෝ බළකායේ හිටපු මේජර්වරයකුගේ බව රත්ගම පොලිසිය කියයි.

හිසට වෙඩි තබා ඔහු ඝාතනය කොට ඇතැයි  පොලීසිය කියයි.

මෙසේ මරා දමා ඇත්තේ දෑලත් නලින් තුෂාර ද සොයිසා නමැති හතලිස් එක් හැවිරිදි අයෙකි.

ඔහුගේ හිසේ තුවාලයක් තිබී ඇති අතර එය වෙඩි තැබීමකින් සිදුවූ බවට අනාවරණය වූ රජ්ජම පොලිසිය කියයි.

මෙය පාතාල කල්ලි දෙකක් අතර ගැටුමක් මත සිදුවූ ඝාතනයක් බවට සැක කරන බව පොලිසිය පවසයි.

අලුයම තුනට පමණ රතිඤ්ඤා ශබ්දයක් ඇසුණු බව ප්‍රදේශවාසීහු පොලිසිය කියා ඇත. යම්කිසි පිරිසක් විසින් ඔහු මෙම ක්‍රීඩාංගණය වෙත රැගෙන විත් වෙඩි තබා ඇති බවට පොලිසිය සැක කරයි.

ඝාතනය කෙරුණු හිටපු මේජර්වරයා ගනේමුල්ල සංජීවගේ ඝාතනයට සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කොමන්ඩෝ සලින්තගේ හිතවතකු බව කියන  පොලිසිය සලින්ත බස්නාහිර උතුර අපරාධ කොට්ඨාශය විසින් විදේශයකදී අත්අඩංගුවට ගත් අතර ඔහුගෙන් ලද තොරතුරු මත මියගිය මේජර්වරයා අත්අඩංගුවට පත්ව ඇතැයි පොලිසිය කියයි.

ගනේමුල්ලේ සංජීවගේ ඝාතනය සම්බන්ධයෙන් ඔහු විසින් කොමන්ඩෝ සලින්දට ආයුධ ලබා දී ඇති බවට විමර්ශන කටයුතුවලදී හෙළි වූ බව පොලිසිය සඳහන් කරයි.ඉන් අනතුරුව ඔහු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් පසු මෑතකදී ඇප පිට නිදහස්ව පැමණි අයෙකි