ජාතික මලල ක‍්‍රීඩා තේරීම් කමිටුවේ නව සභාපතිවරයා ලෙස ලාල් චන්ද්‍රකුමාර මහතා පත් කෙරෙනු ඇතැයි වාර්තා වේ. ඒ සඳහා ශ්‍රී ලංකා මලල ක‍්‍රීඩා සංගමයේ නිර්දේශය ක‍්‍රීඩා ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ මහතාට ඊයේ (14) ඉදිරිපත් කළ බව ද වාර්තා වේ. ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ මහතා ”ලංකාදීප’’ යට කළ විමසුමක දී පැවසුවේ කෝසල සහබන්දු මහතා එම ධුරය බාර නොගන්නේ නම් මලල ක‍්‍රීඩා සංගමය කමිටු සභාපතිවරයාට අලූතෙන් නිර්දේශ කළ අයට තමාගේ අනුමැතිය ලබා දීමට ඊයේම කටයුතු කළ බවය. ”මේ ප‍්‍රශ්නය සම්බන්ධයෙන් පුවත්පත්වල පළවූ ප‍්‍රවෘත්ති ගැන මා අවධානය යොමු කර කෝසළ සහබන්දු මහතා තනතුර බාර නොගන්නේ නම් ඔහු ඉවත් කරල ඒ තැනට සංගමය නිර්දේශ කළ අය පත් කරන්න මම උපදෙස් දුන්නා,” යයි ද ඇමැතිවරයා පැවසීය. ජාතික මලල ක‍්‍රීඩා තේරීම් කමිටුවේ සභාපති ධුරයට යෝජනා වී තිබෙන චන්ද්‍රකුමාර මහතා මලල ක‍්‍රීඩා තාක්‍ෂණ නිලධාරියෙකි. ඔහු අන්තර්ජතික මලල ක‍්‍රීඩා සංගමයේ අදියර ෂෂ කථිකාචාර්යවරයකු වන අතර මලල ක‍්‍රීඩා තාක්‍ෂණ නිලධාරීන්ගේ සංගමයේ වත්මන් ලේකම්වරයා ද වේ. මේ අතර මලල ක‍්‍රීඩා සංගමය කලින් නිර්දේශ කළ තේරීම් කමිටුවේ සාමාජිකයන් ලෙස ඒ. පේ‍්‍රමචන්ද්‍ර, සුමිත් දල්පදාදු, ෆයිස් ඉස්මයිල් හා ධම්මිකා මැණිකේ යන මහත්ම මහත්මීන් ඇතුළත් වන අතර අලූතින් ජී.ජී.යූ. සමන් කුමාර මහතා ද තේරුම් කමිටු සාමාජික තනතුරකට යෝජනා වී තිබේ. මලල ක‍්‍රීඩා සංගම් ආරංචි මාර්ග සඳහන් කරන අන්දමට ක‍්‍රීඩා ඇමැතිවරයාගේ නිර්දේශය සඳහා සාමාජිකයන් 10 දෙනෙකුගෙන් යුත් සංශෝධිත නාම ලේඛනයක් ක‍්‍රීඩා ඇමැතිවරයාට මේ වන විට යොමු කර තිබේ.
2025 දෙසැම්බර් මස 04
803
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
589
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
466
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මලල ක‍්‍රීඩා තේරීම් කමිටුවට අලූත් මුහුණු
අජිත් Thursday, 15 November 2012 04:45 PM
මුහුණු විතරක් අලුත් වෙලා වැඩක් නැහැ. වැඩත් අලුත් විය යුතුයි. (නි)