මියන්මාරයේ පැවති 13 වැනි ආසියා යොවුන් බර ඉසිලිමේ ශූරතාවලියේ කිලෝ 50 බර පන්තිය (පිරිමි) ක්ලීන් ඇන්ඩි ජර්ක් ක‍්‍රමයට බර ඉසිලීමෙන් රන්පදක්කමක් සහ රිදී පදක්කම් දෙකක් දිනා ගැනීමට කුරුණෑගල මලියදේව ආදර්ශ විදුහලේ එකොලොස් වැනි ශ්‍රේණියේ ශෂික ඒකනායක සමත් විය. ශ‍්‍රී ලංකාව නියෝජනය කළ ශෂික ඇතුළු ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ අද (12) අලුයම කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් දිවයිනට පැමිණියහ. ඔහු රටවල් 65ක් පදරවා මේ ජය හිමිකර ගත්තේය.
වසර දොළහකට පසුව ආසියා යොවුන් බර ඉසිලමේ ශූරතාවලියකදී ශ‍්‍රී ලංකාව රන්පදක්කමක් දිනාගත් ප‍්‍රථම අවස්ථාව මෙය බවත් ශෂික හිමිකරගත් මෙම ජයග‍්‍රහණ සමගම ලෝක ශ්‍රේණිගත කිරිමේ පස් වැනි ස්ථානයට ඔහු පැමණි සිටින බව ශ‍්‍රී ලංකා බර ඉසිලිමේ සංගමයේ සහකාර ලේකමි කේ.ඒ කුමාරදාස මහත කීය.
සංචාරක ශ‍්‍රී ලංකා කණ්ඩායමට පොලොන්නරුව රාජකීය විද්‍යාලයේ ඉසුරු සේනාධීර, දිනුදා අබේසේකර සහ ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ ඩී.ඩී පළගසිංහ ක‍්‍රීඩිකාවෝ ඇතුළත් වූහ.
පුහුණුකරුවන් ලෙස ඩන්කන් ජයසිංහ, චමින්ද ගමගේ, ගාමිණී ගුණතිලක සහ රුක්ෂාන් ගුණතිලක සහ වික‍්‍රමසිංහ යන නිලධාරීන් කටයුතු කළහ.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශ්රී ලංකා නම ලොවට ගෙන ගිය ශෂික පුතේ, ජය වේවා (ස)
ක්‍රීඩකයාණෙනි, ඔබට මගේ ප්‍රණාමය සහ සුභ පැතුම්! දෑතේ සවිය ශක්තිය තරඟෙදි පෙන්වා, දසමහ යෝධ බලයෙන් බර ඉස්සූවා රන්වන් පදක්කම් නොඅඩුව ගෙනදේවා! ශෂික ඔබට අනාගතෙත් ජය වේවා! (නි)
සුභ පැතුමමේ දරුවාගේ නිවැරදි පාසල මලියදේව පිරිමි විද්‍යාලයද? මලියදේව ආදර්ශ විද්‍යාලයද? (නි)
මල්ලී, ඔබට ජය! (නි)
නියමයි මල්ලියා. ඔයාට ජයවේවා! (නි)
ඔයා අපේ රටට මැණිකක් මල්ලියේ. බුදු සරණයි! (නි)
නියම කණ්ඩායමක්. (නි)
ශෂික පුතේ ඔයා ලංකාවට ලොකු ජයග්‍රහණයක් . මගෙන් සුබ පැතුම් පුතේ (ස)
රට බබළවන්න ඔයාට මගෙන සුබ පැතුම් (ස)
ජය වේවා... අපගේ උණුසුම් සුබ පැතුම්! (ස)
මගේ උණුසුම් සුබ පැතුම් මල්ලි (ස)
සුබ පැතුම් පුතේ. මේ රට ගැන ලෝකය දන්නේ හොඳ දේවල් වලට නෙමෙයි (ස)
නියමයි ශෂික, සුබ පැතුම් (ස)
සුබ පැතුම් මලනුවණි...නුඹට වඩා නුඹ අපිට වටිනවා (ස)
මගේ උණුසුම් සුබ පැතුම් (ස)
ඇත්ත පුතේ , හැමෝම කරන්නේ රටේ නම විනාසකරන දේවල්.මේ වගේ වෙලාවක රටේ නම තියපු ඔයාලට සුබපැතුම් (ස)
අයියේ ඔයාට ජය හා සතුට ? (ස)
ඉගෙනීමට මුල් තැන දෙන්න . එතකොටයි ඕවගෙන් දිනන ඒවගේ ප්‍රයෝජනයක් තියෙන්නේ (ස)
මගේ ලක් මව තව දින දින සන සන්න දිරි දෙමි පුතේ තව ඉදිරියටම යන්න (ස)
පුතේ, ඔබට සුබ පැතුම්... ඔබේ ක්‍රීඩා දිවිය ඔලිම්පික් රන් පදක්කම් දක්වා දිගු වේවා!(ස)
ජය වේවා පුතේ !!හැබැයි අපේ රටේ ණය බරනම් කරට ගන්න පුළුවන් කිසි කෙනෙක් නෑ පුතේ (ස)
අති උතුම් නව ලොවක් ගොඩනගන්න අපෙන් ඔබට සුබ පැතුම් (ස)