මෙල්බර්න් ටෙස්ට් තරගයේ පරජයට හේතුව මේ යයි එක එල්ලේම කිව නොහැකි නමුත් දුර්වල පහර තේරීම නිසාත්, පිතිහරඹයේ අවධානය බිඳී ගිය නිසාත් තමන් තරගය පරාජය වූ බව ශී‍්‍ර ලංකා නායක මහේල ජයවර්ධන පවසයි. තරගයෙන් අනතුරුව මෙල්බර්න් නුවරදී පැවැති පුවත් පත් සාකච්ඡුාවේදී මහේල මේ බව පවසා සිටියේය.
”තරගය ආරම්භ වූ ගමන්ම, (දෙවැනි ඉනිමේ) පළමු ඕවරයේදී අපේ කඩුලූ දෙකක් දැවී ගියා. ඒකෙන් ඕස්ටේ‍්‍රලියානු පිලට විශාල ජවයක් ලැබුණා. අපේ කඩුලූ එක පිට එක වැටුණා”
”මේ තරගයේදී අපට වැරදුණේ කොතැනද කියා ඇගිල්ල දිගු කරලා පෙන්වන්න බෑ. බොහෝ දුර්වල පහර තේරීම් රැුසක්ම එහි තිබුණා විතරක් නොවෙයි පිතිහරඹයේදී තිබිය යුතු අවධානයත් අප වෙතින් ගිළිහී ගියා” යයි මහේල ජයවර්ධන පැවසීය.
ටෙස්ට් තරගාවලිය පරාජය වී අවසන් නමුත් සිඞ්නිහිදී පැවැත්වෙන තුන්වැනි සහ අවසාන ටෙස්ට් තරගයේදී වඩාත් හොඳ තරගයක නිරත වෙමින් කණ්ඩායමේ ගෞරවය සඳහා සටන් කළ යුතු බවත් මහේල පැවසීය.
මහේල සිය අවසන් ටෙස්ට් ඉනිම හයේදීම ලකුණු 19 ඉක්මවා යාමට අපොහොසත්ව සිටින අතර මෙල්බර්න් පිටියේදී ඔහු දැවී ගිය ආකාරයෙන් පෙන්නුම් කළේ ලකුණු ලබාගැනීමට ගන්නා අසීරු උත්සාහයයි.
”ඇත්ත වශයෙන්ම මේ තරගාවලියේදී මා පිටියේ රැුඳී සිටිය යුතු කාලය ඉඳලා නෑ. ඒ නිසා මගේ පිතිහරඹය නැවතත් සුපුරුදු මට්ටමට ගෙන එන්නේ කොහොමද කියලා මා නිහඬවම සිතා බලන්න ඕනෑ” යයි තමන් දැවී ගිය ආකාරයන් පිළිබඳව කණස්සල්ල පළකරමින් ශී‍්‍ර ලංකා නායකයා පැවසීය.
35 හැවිරිදි මහේල ජයවර්ධන ටෙස්ට් පිලේ නායකයා වශයෙන් සහභාගි වන අවසන් ටෙස්ට් තරගය ජනවාරි මස 3 වැනිදා සිඞ්නි නුවරදී ආරම්භ වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මහේල තුන්වෙනි තරගයවත් දින්නන බලමු.. ඔබට ජය..!(නු)
මධූරංගගේ අදහස් නම් හරියටම හරි. (නි)
අවසන් තරඟයට අපි සුබ පතනවා . මහේල නැවත හොඳ ඉනිමක් කරන්න . ඔහු නායකත්වය තියෙනතුරු දිගටම වැඩ පෙනවයි මොනවද ඔට්ටු (ස)
අයි.පී.එල්. කාලසටහන අනුව ලංකාවේ ජාත්‍යන්තර ක්‍රිකට් කාලසටහන හදපු එකේ විපාක තමයි මේ පෙනෙන්න තියෙන්නේ. (නි)
මමනම් ලාංකිකයෙක් වශයෙන් ජය පරාජය සතුටින් භාර ගන්නවා. ඒක නොතේරෙන අය තමයි අපේ වීරයන්ට බනින්නේ (ස)
කවුරු කොහොම මොනවා කිවුවත් හැමදාම වෙන්නේ පිට්ටනියට බැස්ස ගමන් හැමෝටම සෙල්ලම් කරන්න බැරිවෙන එකයි. (නි)
පරදිනකොට ඔයාලට බැණවදින්න තරමේ පහත් තත්ත්වයනට වැටෙන්න අපිට න්ම බැහැ. (නි)
ලක්මාල්ගේ කටේ මී පැණි වක්කරන්න හිතෙනවා මට. (නි)
අවුරුදු 10-15 ලෝකේ හැමතැනම ගිහින් ක්‍රිකට් ගහල පුරුදු අය කියනවා නම් පරාජයට හේතුව දුර්වල පහර තේරීම සහ අවධානය බිඳී යාම කියලා, ඒක මොනජාතියේ විහිළුවක්ද කියලා මට නම් තේරෙන්නෙ නැහැ. (නි)
ලක්මාල් ඔබගේ අදහස 100% ක්ම හරි. මහේල, ඔබේ සුපිරි පිති ටෙසට් හරඹයට ඔය කල උදා වුණේ අයි.පී.එල් නිසයි. සංගාටත් ඒ සෙතේම තමයි. මතක තියා ගන්න. ඔයාලා මේ සෙල්ලම් කරන්නේ අර්ජුන,අරවින්ද,මහානාම,හෂාන් වගේ අය අමාරුවෙන් ගොඩනගපු අපේ රටේ ගෞරවය සමගයි. (නි)
මොනවා වුණත් අපේ කණ්ඩායම සමග අපි හැමදාම ඉන්නවා. පැරදුණත් අපි ඔබ සමගයි. (නි)
අපේ අයට ටෙස්ට් බැරිද? මට නම් හිතෙන්නේ එහෙමයි. (නි)
නටන්න බැරි කලේ පොලව ඇදයි බොලේ ... (නි)
අවධානය බිඳුනේ තරගය බලන්න ආපු කාවහරි දැකලාද? (නි)
ටෙස්ට් තරග අපට එපා. අයි.පී.එල්. ,මසාලා ක්‍රිකට් අපිට හොඳයි. (නි)
අම්මෝ! මගෙත් ඇගිල්ලක් කැඩුණොත් ලක්ෂ කීයක් පාඩු වෙනවද? මීළඟ එකෙත් මොකක්හරි කරලා ඇගිලි ටික බේරාගෙන ගෙදර ආවොත් ඇති. අයි.පී.එල්.එකත් ළඟයි නේ අප්පා. (නි)
ඇත්තට? (ස)
පරදිනකොට ඔහොම තමයි.. දිනන දාට කොල්ලො ෂා නියමයි කියනවා.. පැරදුනාම ඕවා තමයි අහන්න වෙන්නෙ.. කොහොම හරි අන්තිම තරගයවත් හොදට සෙල්ලම් කරන්න.. ඔබත් එක්ක අපි සැමදා ඉන්නවා.. ජයෙන් ජය..!(නු)
මහේල කවුරු කොහොම කිව්වත් ඔබට දිරිය ශක්තිය ලැබේවා..!(නු)
ටෙස්ට් තරග අපට එපා.. අයි.පී.එල්.. අපට හොදයි..!(නු)
කමක් නැහැ අනේ IPL එකට හොඳට සෙල්ලම් කරන්නකෝ. ජය වේවා (ස)
පැරදුනාට පස්සේ කියලා වැඩක් නැහැ එය සිතිය යුත්තේ තරගයට පෙර අනික මෙල්බන් තරගයදි පන්දු යැවීමත් සාර්ථක නැහැ.. අපේ පන්දු යවන්නන් පන්දු යැව්වෙ එක එල්ලයකට නෙවෙයි..!(නු)
නායකත්වය මාරු වෙනකොට හැම දේම අවුල් වෙනවා.ත. (නු)
මීට කලින් නේද මෙවැනි දුර්වලතා ගැන සිතාබලා ඒවාට විසඳුම් ගතයුත්තේ (ස)
ඔබ ලාංකීය ක්‍රිකට් වෙනුවෙන් කළ සේවය උදාරයි. නමුත් දැන් නවක තරුණ පරපුර ගැනත් සිතාබැලිය යුතුයි නේද? (නි)
අපි මීට කලින් අර්ජුන කිව්ව දේ පිළිගත්තනම් අද මෙහෙම වෙන්නේ නෑ (ස)
පැරදුනාට පස්සේ හැමදාමත් කියන කතා තමයි මේ. (ස)
හැමදාම නිදහසට කරුණු කිය කිය ඉඳලා හරියන්නේ නෑ (ස)
ලක්මාල්, ඔයා හරියටම හරි !!! මෙහෙම ගියොත් සිම්බාබේ ටීම් එකට වෙච්ච දේ තමයි ලංකාවේ ක්‍රිකට් වලට වෙන්නෙත් (ස)
සහතික ඇත්ත (දී)
ඇත්තටම දැන් ක්‍රිකට් අප්පිරියයි , මොන කරුමෙකටද මන්ද එකට තියෙන ආසාව නැති වෙන්නෙත් නැනේ. (ස)