ශ්රී ලංකාවේ වේග පන්දු යවන ලසිත් මාලිංග ඕස්ට්‍රේලියාවේ බිග් බැෂ් ටී 20 ක්‍රිකට් තරග ඉතිහාසයට නව වාර්තාවක් එක්කරමින් පර්ත් හී වකා තනතිල්ලේ ඔහු මෙල්බර්න් ස්ටාර් කණ්ඩායමට ක්‍රීඩා කරමින්, පර්ත් ස්කොචර්ස් පිළට එරෙහිව ලකුණු හතක් දී, කඩුලු හයක් දවා ගත්තේය. මාළිංග ක්‍රීඩා කරන ටී 20 ක්‍රිකට් කණ්ඩායමට ශේන් වෝන්ද ක්‍රීඩා කරමින් කඩුල්ලක් දවා ගත්තේය. ලසිත්ගේ මේ දක්ෂතාවය පිළිබඳ ඕස්ට්‍රේලියා ක්‍රිකට් විස්තර ප්‍රචාරකයන් මහා ඉහළින් කතා කරති.
ලෝකයේ වැඩිම කඩුලු සංඛ්‍යාවක් දවාලු ශ්‍රී ලංකාවේ දඟ පන්දු යවන මුත්තයියා මුරලිදරන් ද ඕස්ට්‍රේලියාවේ බිග් බෑෂ් ටී 20 ක්‍රිකට් තරග සඳහා සහභාගී වන්නේ ය. තමන්ගේ දුස්රා පන්දු යැවීම පිළිබඳව ඕසට්‍රේලියා ටෙස්ට් පන්දු යවන ක්‍රීඩක නේතන් ලයන්, මුරලි දැනුවත් කරන බව වාර්තා වේ.
එහෙත් එවැනි පන්දු යැවීමක් කළ යුත්තේ අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සලයේ පිළිගත් නීතිරීති වලට අනුව බැව් ඕස්ට්‍රේලියාවේ තේරීම් කමිටු සභාපති පවසයි. ඉන්දියාව, පාකිස්තානය සහ බංගලිදේශ ක්‍රීඩකයන් දුස්රා පන්දු යැවීමේ යෙදෙන බව මුරලි ඕස්ට්‍රේලියා මාධ්‍යයට පවසා ඇත. සමහර ඕස්ට්‍රේලියා මාධ්‍යවේදීන් පවසන්නේ මෙවරද මුරලිට එරෙහිව ඩැරල් හෙයා සොවනැල්ල හොල්මන් කිරීමට ඉඩ ඇති බවයි.
1
“නැවෙන් කටට” දැන් හරහට
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දක්ෂ කමයි. වාසනාවයි එකතු උනාම ලොකු දෙයක් කරන්න පුළුවන් (දී)
නියමයි මාලි (දී)
දක්ෂයාට බොරු බැහැ (දී)
සුභපැතුම් (දී)
නියමයි මාලිංග (දී)
මේ යෝකර් අනෙක් තරග වලටත් වැටෙනවා නම්??? (නි)
තැනට දැම්මොත් හොදට වැටෙයි (දී)
මාලි මොකද ලෝක කුසලානේදී ඕක කරන්න බැරි උනේ (දී)
ඔහොම දැම්මනම් 20-20 අපි දිනනවා (දී)
ඇත්තටම ඔබ රටට ආඩම්බරයක් (දී)
නියමයි මාලිංග. අපේ සුභ පැතුම් (දී)
අහන්නත් සතුටුයි. ජයවේව මාලිංග ජයවේවා (දී)
ලංකාවේ ඔබේ අගය නොදන්නාමුත් අගය දන්නෝ ලොවේ සිටිත්. ඒ..ත් මාලි ඔබද රට පෙරට තබාගෙන ක්‍රීඩා කිරීම තමයි මූලික කියල සිතන්න.මාලි ඔබට ජය. (දී)
අපේ කළු මල්ලී.... (නි)
මොනවා වුණත් මාලිංග තවමත් පෙරමුණේ. (නි)
මාලිංග නියමයි (දී)
තව ඕනේ මාලි (දී)
ලංකාවේ නම උස්සල තියන්න මාලි (දී)
තව පුළුවන් මාලි (දී)
ඔයා නියමයි (දී)
සල්ලි වලට ඕන දෙයක් (දී)
ඊලග 20-20 තරඟය මාලිංගට බාරයි (දී)
මාලිංග ඔබට සුබ අනාගතයක් (දී)
ඔබ හරි වාසනාවන්තයි මාලි (දී)
ටි-20 තරඟය අපිත් බලන්න ගියා. මාලිංගට මොකද උනේ එදා (දී)
නියමයි මාලිංග (දී)
20-20 නැති කළා. මේක නියමෙට කරනවා (දී)
මාලිංග බැබලේ. රට නොබැබලේ. (දී)
සන්තෝසයි මාලිංග මල්ලි (දී)
මාලි තව පුළුවන් (දී)
මම හිතන්නෙ බටහිර රටවල තනනිලි මාලිංගට හොදට ගැලපෙනව කියල. මොකද මෙහෙ ගොඩක් තනනිලි හදන්නෙ දග පන්දු යවන්නන්නට ගැලපෙන ආකාරයට... (දී)
මේ වැටෙන යෝකර ඉස්සරහට ඔස්ට්‍රේලියාවටත් වැටෙයි ද ?දැන් ඉන්දියාවට නම් වැටෙන්නෙම නෑ නේ..(නු)
මේක හොද අදහසක්.. ගල් ගහපු අයමයි මල් ඉහින්නෙත්..!(නු)
ලංකාවේ අපිට මේකෙන් සෙතක් වෙලා තියෙනවද මල්ලී? (නි)
හැමෝම එකතුවෙලා මොහුගේ ඔලුව අවුල් කලාම හොඳට බෝල් යවන්න බෑ (නු)
ඔක්කොම සල්ලිවලට තමයි. අපරාදෙ ලංකාවෙ ප්‍රේක්ෂකයෝ..(නු)
අපේ ලංකාවෙදි ඇය මෙහෙම නොදැම්මේ? (නි)
ලොක කුසලානෙදි ඔය විදියට කළානම් කුසලානය අපේ අතේ.. එදා මොකද උනේ මල්ලි..!(නු)
යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද? (නි)
මාලිංග ඔහොම යං. බල්ලො බිරුවට කදුපාත්වෙන්නෙ නෑනෙ....! (අ)
යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද.. කිවුවලු. මේ පන්දු යෑවීම ඇයි ලෝක කුසලානෙට කරන්න බැරි වුනේ. කොහොමත් කොල්ලා වැඩ්ඩා. අපේ සුභ පැතුම්..!!!(නු)
අදහස් දැක්කමා දින්නදාට කොල්ලෝ කියන සිංදුව මතක් උනා..!(නු)
ඔය පොඩි අය එක්ක හොදට සෙල්ලම් කලාට ඉන්දියාවට මාලිංග බයයි .අනික ඔය ජාත්‍යන්තර තරග නෙමේනේ .
ළකුණු 11ට විකට් 10ක් ගන්න ලැබේවා! (නි)
ඔන්න ක්‍රීඩකයෝ නියමය..!(නු)
මාලිංගට සෙල්ලම්කරනවාට වඩා සල්ලි ලොකුයිනේ..!(නු)
ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ කියන්නේ ඕකට තමයි..!(නු)
මාලංගගේ ජයග්‍රහණයට සුභ පැතුම්... ඔහුට අනුග්‍රහය දැක්වූ ලාංකීයත්වයට අත දෙන ෂේනිඩ් මෘදුකාංග ජාත්‍යන්තර ආයතනයටත් අපගේ ස්තූතිය..
එම කණ්ඩායමේ ඉන්දියානු ක්‍රීඩකයෝ නැතිව ඇති..!(නු)