මෙරට ඉතිහාසයේ පළමු වරට මුල් ළමාවිය පිළිබඳ ජාතික සංගණනයක් කිරීමට තීරණය කර ඇතැයි මුල් ළමාවිය සංවර්ධන පිළිබඳ ව්යා පෘතියේ අධ්ය්ක්ෂක වෛද්යි රවී නානායක්කාර මහතා කීවේය.
ලෝක බැංකු ආධාර යටතේ ක්රිායාත්මක වන මෙම සංගණනයට කාන්තා හා ළමා කටයුතු අමාත්යාංඇශය හා ජනලේඛන හා සංඛ්යාාලේඛන දෙපාර්තමේන්තුව දායක්තවය සපයයි.
මෙම සංගණනය හෙට 01 ආරම්භ කෙරෙන අතර සැප්තැම්බර් 30 වැනිදායින් අවසන් වීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාම හොඳයි. සංගණනය කරන ගමන් මේ තැන් ගැනත් හොයනවා නම් තවත් හොඳයි. අවිධිමත්ව ගෙවල්වල පවත්වාගෙන යන මුල් ළමාවිය මධ්‍යස්ථාන වල කිසිම ගුණාත්මකභාවයක් නැහැ. (නි)
සමහර මුල් ළමාවිය මධ්‍යස්ථාන පුංචි දරුවන්ට ගෙදර වැඩ දෙන තැන් තියෙනවා. හොඳට උගන්වන්වා කියලා දෙමව්පියන්ට පෙන්වන්නයි මෙහෙම කරන්නේ. නමුත් දරුවන්ගෙ ළමා මනස විකෘති වෙනවා (නි)
ලංකාවේ වැඩියෙන්ම තියෙන්නේ මුල් ළමාවිය මධ්‍යස්ථානද, චයිනිස් කඩද, සැලෝන්ද කියලා මටත් ප්‍රශ්නයක්. සංගණනය කරන එක හොඳයි. (නි)
ළමා අධ්‍යාපනය තැන් තැන් වල මෙහෙම ඕනෑ ඕනෑ විදියට කරන්න දෙන එකම රට ලංකාවද මන්දා? (නි)
කොළඹ අවට නම් පෙර පාසල් දරුවන්ට වඩා, තියෙන පෙර පාසල් ගණන වැඩි ඇති. (නි)
මේ කාලය තුළ අවසන් කරන්න පුළුවන්වෙන එකක් නැහැ මම හිතන්නේ. ඒ තරම් තියෙනවානේ (නි)
තැන තැන අධ්‍යාපනය විකුණාගෙන කෑමට නොදී, ඉතාම හොඳ සියළු පහසුකම් සහිතව උපාධිධාරි ගුරුවරුන් සහිතව එක ගමකට එකක් බැගින් රජයෙන් ස්ථාපනය කරන්න බැරි ඇයි? (නි)
මුල් ළමාවිය යනු දරුවෙකුගේ වර්ධනයේ වැදගත්ම අවධියකි. එය පුහුුණූ උපාධිධාරි ගුරුවරුන් යටතේ සිදුකළ යුතුයි. මෙය රජය අතට ගතයුතුයි. නමුත් අද වනවිට මෙය පහසුවෙන් කළහැකි රැකියාවක් පමණක් බවට පත්ව ඇත. (නි)
ඇතුළත්වීමේ ගාස්තු, මාසික ගාස්තු, යුනිෆෝම්, පොත් ලැයිස්‌තුවට, අලුත් ළමයි පිළිගන්න, නිදහස් දිනය සමරන්න ජාතික ඇඳුම් ළමා සාරි වලට, අධ්‍යාපන චාරිකා යන්න, සිංහල අවුරුදු පොළටයි අවුරුදු උත්සවයටයි ඇඳුම් වලට, වෙසක් එකට කූඩු හදන්නයි සැරසිලි වලට, පොසොන් එකට භක්‌ති ගීත ඇදුම් වලටයි වාහනයේ තෙල් ගහන්න, අවසාන කොන්සට් එකට, නත්තල් උත්සවයට හැමදේටම සල්ලි එකතු කරනවා. (නි)
මුල් ළමාවිය මධ්‍යස්ථානක වැදගත්ම අංගය දරුවන්ට දුවලා පැනලා ක්‍රීඩා කරන්න ලොකු ඉඩකඩක් ඇති ආරක්ෂිත පරිසරයක් මිස ඇහිරුනු පන්ති කාමරයක් නෙමෙයි. එහෙම තැන් කීයක් අපේ රටේ තියෙනවද කියලා මේ සංගණනයෙන් හොයාගන්න පුළුවන් වෙයි. (නි)
ඉතිහාසයේ පළමුවරට මුල් ළමාවිය පිළිබඳ ජාතික සංගණනයක් කරනවයි කියන්නේ මෙච්චරකල් මේ ගැන කිසිම සොයාබැලිමක් කරලා නැහැ කියන එකනේ. (නි)
මෙතුවක්කල් ළමාවිය සංවර්ධන ගැන කොපමණ වැදගත්කමක් රජයන් විසින් දී තිබුනාද කියලා මේකෙන්ම පේනවා. (නි)
මුල් ළමාවිය මධ්‍යස්ථාන මෙන්ම ඒ සම්බන්ධ ඩිප්ලෝමා ලබාදෙන ආයතන වල ගුණාත්මකභාවය ගැනත් සංගණනය කළයුතුයි. (නි)
ප්‍රබෝද, ඒ නිසා වෙන්න ඇති හුඟක් අය සා/පෙ අසමත් (නි)
අපේ රටේ ඉක්මනින්ම සහ පහසුවෙන්ම ගන්න පුළුවන් අධ්‍යාපන සහතිකය තමයි මේ සම්බන්ධ ඩිප්ලෝමාව. නමුත් හුඟක් අය පාසැල් අධ්‍යාපනය හරියට කරගෙන නැහැ. එහෙම අයද අපේ දරුවන්ට මුලින්ම හම්බවෙන ගුරුවරු වියයුත්තේ? (නි)
ප්‍රබෝද හරි. මමත් එකඟයි (නි)
මුල් ළමාවිය මධ්‍යස්ථාන, චයිනිස් කඩ, සැලෝන් අද වෙනකොට එක ගානට වැටිලා තියෙන්නේ. ඒ ඕනෑම කෙනෙකුට පහසුවෙන් මේවා ආරම්භ කරන්න පුළුවන් සහ නීති ලිහිල් නිසයි (නි)
ලංකාවේ මුල් ළමාවිය පිලිබඳ උපාධි තවම නැහැ . පිළිගත් සුදුසුකම විවෘත විශ්ව විද්‍යාල ඩිප්ලෝමාව. උපාධිධාරි වුන නිසාම කුඩා ළමුන්ට උගන්නන්න බැහැ. ඒ නිසා වෙනත් සුදුසු වැඩ පිළිවෙලක් සැලසුම් කල යුතු වෙනවා. (ම)
ලංකාවේ මුල් ළමාවිය පිළිබඳ උපාධි තවම නැත්නම් කළයුත්තේ ඒවා ඇතිකිරීම මිස දරුවන්ගේ අනාගතය එතරම් උගත්කමක් නැති අය අතට පත්කිරීම නොවේ. දැන් වෙලා තියෙන්නේ විවෘත විශ්ව විද්‍යාල ඩිප්ලෝමාවක්වත් නැතුව අතනින් මෙතනින් ගන්න ඩිප්ලෝමා පෙන්නලා ගුරුවරියන් ලෙස පෙනීසිටින එකයි. (නි)
රණවීර කියන්නේ ඇත්ත. අද හුඟක් තැන් වල තත්වය මේක තමයි. (නි)
මුල ශක්තිමත් නැත්නම් අග කොහොමත් ගන්න දෙයක් නැහැ. මේ නිසා මුල් ළමාවිය පිළිබඳ රජයෙන් උපාධි ඇතිකරලා නියමිත සුදුසකම් සහිත අයව මේකට යොමු කළයුතුයි. අපේ රටේ පෙරපාසල් වල ඉන්නේ ගැහැණු අය විතරයි. නමුත් දරුවන්ගේ පෞරුෂ වර්ධනයට පිරිමි ගුරුවරුත් සිටිය යුතුයි. වෙන රටවල එහෙමයි. (නි)
අම්මා තාත්තා දෙන්න ඕනෑ වගේ ගුරුවරියො සහ ගුරුවරු යටතේ හැදෙන්න පුංචි දරුවො ආසයි. එය වියයුතුයි. නමුත් ලංකාවේ පිරිමි පෙර පාසැල් ගුරුවරු ඇත්තේම නැති ගානයි. මෙය වහා නිවැරදි කළයුතුයි (නි)
මම දන්නා එක්තරා මුල් ළමාවිය මධ්‍යස්ථානයක් තියෙනවා. එ්කේ ප්‍රශ්න පත්‍ර පවා දෙනවා. මේවා කාට කියන්නද (නි)
පිළිගත් සුදුසුකම විවෘත විශ්ව විද්‍යාල ඩිප්ලෝමාවද එන් වි කිව් සහතිකයද? මේවා නැති අයව කි දෙනෙක් අද පෙර පාසැල් කරනගෙන යනවද ? (ම)
ගෙවල් වල මිදුලේ, සාලේ, ගරාජ් වල, මුල් ළමාවිය මධ්‍යස්ථාන කියලා කියන ඒවා පවත්වාගෙන යන්න නිතියෙන් ඉඩදෙන එකම රට ලංකාව විය හැකියි. (ම)
හතු පිපෙනවා වගේ මේවා හැමතැනම තියෙනවා තියෙනවා. තරඟයක් අද තියෙන්නේ මේ වා කරවන අය අතර.(ම)
පිරිමි පෙර පාසැල් ගුරුවරු එක් අයෙකු හෝ එක් මධ්‍ය්සථානයක සිටිය යුතුයි (ම)
ඕකට අපේ තෙවරප්පෙරුම ඇමති තුමාත් දාන්න ඕන (ම)
මේකෙ බොහෝ දෙනා දමා ඇති අදහස් සමඟ එකඟ වෙනවා. හුඟක් පෙර පාසැල්වල දෙමාපියන්ගේ කීමට චූටි දරුවන්ට නොකළ හැකි තරම් ගෙදර වැඩ, වාක්‍ය ලියවීම, ගණන් හැදවීම, රචනා ලියවීම වැනි දේ කරමින් දරුවන් ලෙඩ්ඩු කරනවා. (ම)
සමහර ඒවායේ බෝඩ් එක බැලුවම නම් ජාත්‍යන්තර තලයේ ඒවා වගෙයි. නමුත් ඇතුළට ගිහින් බැලුවාම ඩෙස්/පුටු ටිකකුයි ඹන්චිල්ලාවකුයි විතරයි. (බ)
ජාත්‍යන්තර සම්මුතීන්ට අනුව වයස අවුරුදු 4 ට අඩු ළමයින්ට තද නීති රීති සහ දැඩි කාලසටහනකට අනුව වැඩ කරවීම තහනම් දෙයකි. එමෙන්ම ඔවුන්ට නිල ඇඳුමක් හෝ එක පාට ඇඳුමක් ඇන්දවීමද තහනම්ය. නමුත් අප රටේ බහුතරයක් මොන්ටිසෝරි වල මෙම නීතිය අමු අමුවේම බිඳ දමති. (බ)
ඉගෙනගන්නද? උගන්වන්නද? ඒ ඇමතිත් එක්ක තව දාන්න අය ඉන්නවා (බ)
සමහරු මුදල් හදල් ඇති දෙමාපියන්ගේ දරුවන්ට වැඩි අවධානය යොමු කොට තෑගි බෝග ගැනීමට ප්‍රවණතාවයක් දක්‌වයි ඔවුන්ව පමණක් සුරතල් කරයි. වඩා ගනී. වාරාවසාන විවිධ ප්‍රසංගයට ප්‍රධාන කැපී පෙනෙන චරිත දෙන්නේ එවැනි දරුවන්ට පමණි (බ)
රටක ජිවනාලිය වන් ළමා අධ්‍යාපනය භාරදිය යුත්තේ උගත් පුහුුණුව ලත් අයට මිස පාසැල් අධ්‍යාපනයවත් නිසි ලෙස සපුරාගත නොහැකිව අතට නොවේ. ඒ අය අධ්‍යාපන කේෂත්‍රය හැර වෙනත් කේෂත්‍ර වල රැකියා වලට යොමු කළ යුතුයි.(ම)
එ්ක හොඳයි. ඕකට මම හිතන්නේ අපේ පාර්ලිමේන්තුවේ ගොඩක් අයත් අයිතිවෙයි. මොකද මුල් ළමාවිය සංවර්ධනය නොවුණු ගොඩක් අය ඔතන ඉන්නවා. (නි)
නිල ඇඳුමක් දුන්නේ නැත්නම් ඒකෙනුත් ගානක් ගන්නේ කොහොමද? ජාත්‍යන්තර සම්මුතීන් අපේ අය ගණන් ගන්නේ නැහැ. (ම)
සමහරු ඇතුලත්වීමේ ගාස්‌තු අය නොකරයි. නමුත් ඇඩ්මිෂන් නොගත්තාට එම මුදල ගානට වාර ගාස්‌තු වලින් හෝ පොත් ලිස්‌ට් එකෙන් සහ නිල ඇඳුමෙන් අල්ලයි.(ම)
ජාතික සංගණනයක් විතරක් කරලා මදි. රටේ ජනතාව කියන මැසිවිලි ගැනත් ළමා අධ්‍යාපනය ගැනත් රජය මිටවඩා වගකීමෙන් කටයුතු කළයුතුයි. දියුණු රටවල් දිහා බලා හැදිය යුතුයි (නි)
අයකිරිම් සම්බන්ධව රටේ නිතියක් නැති එක නෙමෙයිද මෙහෙම ගසාකෑමට හේතුව? (නි)
ව්‍යාපෘතියේ අධ්‍යක්ෂකතුමා ජනතා මත ගැනත් සළකා බලනවා නම් වටිනවා. (ර)