විවිධ පුද්ගලයන් මහ පාරේ ඇවිදමින් හා දේශපාලන වේදිකාවලට නඟමින් කියන සුරංගනා කථා අනුව රටේ ආර්ථික වර්ධනය ඇති කළ නොහැකි බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කොළඹ දී ශ්‍රී ලංකා ආර්ථික සමුළුවේ දී අද (02) පැවසීය.
ආර්ථිකය දියුණු කිරිමේ දී අධික සහනාධාර වියදම් පිළිබඳ නැවත සිතා බැලිය යුතු යැයි ජනාධිපති පැවසීය.
ක්‍රමවත්ව බදු ගෙවන පිරිස නැවත තැවතත් පීඩාවට පත් කිරිම වෙනුවට බදු නොගෙවන්නන්ගෙන් බදු අය කරමින් ක්‍රමවත්ව බදු ගෙවන්නන්ට සහන ලබාදීය යුතු යැයි ද ජනාධිපතිවරයා කීය.


COMMENTS
මෙයාට නම් මල තලා හෝ නොතලා පැනි ගන්න තේරෙන්නේ නැහැ ඒකට දෙන්න ඕනේ මහින්ද මහතාට (බ)
මල් තලා හෝ නොතලා රොන් ගන්නකොට මල් මැරිලා ඉවර වේවි. (බ)
එතකොට ඡන්ද කාලෙත් කිව්වේ සුරංගනා කතාද ? කටින්ද දැන් කතාකරන්නේ ? වැඩක් කරපු මිනිහෙකුට විතරයි යමක් සැලසුම් කරලා ඒ වගේම කරන්න පුළුවන් වෙන්නේ. අනිත් අයට පුළුවන් කටින් බතල කොළ හිටවන්න, අනුන්ගේ වැරදි කියන්න හරිම ලේසියි (බ)
රට හදන්න ඉස්සෙල්ලා පක්ෂයේ විනය හදාගන්න පක්ෂ මුලස්ථානයට හු කියමින් පක්ෂයත් කොටස්කාරයෙක් වන ආණ්ඩුවට විරුද්ධ පෙළපාලි යන සාමාජිකයන්ට විරුධව පියවරක් ගැනීමට තවමත් බැරි වී ඇත (ම)
බදු සහ ණය වලින්ම රට දුවන්න හදන්නෙ නැතිව රටට ආදායම ලැබෙන වාරිමාරග ව්‍යාපාර , කෘෂි අපනයන ,සූර්ය බලශක්ති ව්‍යාපාර වැනි සංවර්ධන වැඩ ගැනත් ආණ්ඩුවේ අනවශ්‍ය වියදම් කපා හැරීම ගැනත් අවධානය යොමු කලොත් නරකද ? (අ)
මේ ගොල්ලොනෙ දැන් අවුරුදු 2 ක් සුරංගනා කතා කියන්නෙ (බ)
මල් ඉතුරුවෙලා තියෙන්න එපාය තලන්න හරි නොතලන්න හරි. අපි බදු ගෙවන්නම් කිසිම වැඩකට නැති අමාත්‍යංශ හදල ඇමතිවරු බිලියන ගණන් වල ගොඩනැගිලි කුලියට අරගෙන කෝටි ගණන්වල වාහන අරගෙන යහතින් වැජඹෙන්න. හිනා වෙන්න ඕනේ පැත්ත කියන්න පුලුවන්ද. (බ)
මැයි පළවෙනිදා අම්මගේ අප්පාගේ බුදලේ වගේ නොමිලේ යන්න අධිවේගී මාර්ගේ දුන්නේ කව්රු හදපුවද දන් නැහැ. සුරඟන කතා කියන්නේ කව්ද කියල කන්නාඩියක් ඉස්සරහට ගියානම් පේනවා.(අ)
අපි ක්‍රමවත්ව බදු ගෙව්වාම දුමින්ද දිසානායකට පුළුවන් ඒවායෙන් කුලී ගෙවන්න නිකන් තියෙන බිල්ඩිමකට නේද? (ම)
අනේ මන්දා මේවාට මොනා කියන්නද කියලා (ම)
විවිධ පුද්ගලයන් දේශපාලන වේදිකා වලට නගිමින් කියන සුරංගනා කථා අනුව රටේ ආර්ථිකය වර්ධනය කළ නොහැකි බව ඔබ තුමා කියන්න තිබුණානේ මැතිවරණයට කලින් (ම)
මෙයාල තවම පාද යාත්‍රා ගැනම කතා කරන්නේ ඇයි? ඒ තරමටම ඒක සාර්ථක ද? කවුරු කතා කලත් ඒ ගැන කියන්නේ..මාතෘකාවට අදාළව කතා කරන්න.. (ම)