ඇවන් ගාර්ඩ් අධිපතිවරයා සමඟ සම්බන්ධයක් තිබෙනවා ද නැද්ද යන්න පැය 48 ක දී රටට හෙළි කරන්නැයි තමා අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාට අභියෝග කරන බව හිටපු යුද හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පැවසීය.
විජයදාස රාජපක්ෂ මහතා ඇවන් ගාඩ් සමග කිසිම සම්බන්ධයක් නැති අයුරින් හැසිරුණත් එය එසේ නොවන බවට සැකයක් ඇතැයි කී සරත් ෆොන්සේකා මහතා මේ සම්බන්ධයෙන් ඔහු දෙන පිළිතුර අනුව තමන් ඉදිරියේ දී අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව ද කීවේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අභියෝගය භාර ගන්න.(හේ)
ප්‍රසන්න, තරහාගියේ ඔයා කොටින්ගේ පැත්තේද? රට බේරාගත් උදාර නායකයෙකුට අපහාස නොකර ඉන්නවද? නීති විශාරදයින් රටට කළ සේවය මොකක්ද? (නි)
අපි බලමු මොකද වෙන්නේ කියලා (නි)
දැන්වත් පැත්තකට වෙලා ඉන්න බැලුවොත් හොඳයි නේද? (නි)
විජේදාස රාජපක්ෂ කියන්නේ පළපුරුදු නීති වෘත්තිකයෙක්නේ. එයා මේ අභියෝගය නම් බාරගන්න එකක් නැහැ (නි)
රවී රට බේරාගත්තා වගේම රට පාවා දුන්න එකත් කළා (බ)
බලු කුක්කන්ට මස් කටුවල රස ගැන හොඳ අවබෝධයක් සහ ඉවක් තිබුනට, රටේ නීති රීති ගැන අවබෝධයක් නැති බව අපි නම් තේරුම් අරගෙන ගොඩක් කල්.(හේ)
මෙතුමා මේ අභියෝගයට ලක්කරන්නේ මොකක් හෝ වරදක් ඇති නිසා නේද? (නි)
අර කියපු කතා වලට තරහ ඇති. (නි)
මෙයා ගැන දුක හිතෙනවා. කොච්චර පාඩම් ඉගෙන ගත්තත් මට්ටු වෙන්නේ නැති හැටි. (හේ)
මෙයාට සරිලන ලේකම්කම නොදුන්න හේතුවත් ඕකයි. (බ)
මෙයාට වෙන වැඩ නැද්ද ..ඇවන් ගාර්ඩ් ..ඇවන් ගාර්ඩ්...(රේ)
යුද සමයේ මෙතුමා ගැන හිතේ ලොකු ගෞරවයක් තිබුණා. දැන් එයම ඒ හැමදේම නැති කර ගෙන. හමුදාවේ ලද හැකි උසස්ස්ම ගෞරවයත් ලැබුණාට පස්සෙත් තව බල තණ්හාව (ම)
උගතුන් බුද්ධිමතුන් යැයි පිළිගත් අයත් කිළුටු සළු පිළි ප්‍රසිද්ධියේ අපුල්ලයි නම් සාමාන්‍ය ජනතාව ගැන කවර කතාද ?(රේ)
අපහු ගඳ ගස්සන්න යනව.(රේ)
ඔය අයම නේද එයාව මෙතනට ඇදගෙන ආවෙ? දැන් ඔහොම කතාකරන එක හරි නැහැ නේද? (නි)