ඉතාලියේ පාදෝවා මහා නගර සභාවට ශ්‍රී ලාංකිකයෝ දෙදෙනෙක් එහි පදිංචි ශ්‍රී ලාංකිකයන්ගෙන් ඡන්දයෙන් පත්වී සිිටිති. හතර දෙනෙක් ඡන්දයට ඉදිරිපත් වූහ.මොරටුව ලූනාවේ පදිංචි ශේහාන් සිල්වා (41) හා මොරටුව කොරලැවල්ලේ පදිංචි සජිත් ප‍්‍රනාන්දු, (51) මහත්වරු තේරී පත්වූහ. වේල්ස් කුමර විදුහලේ ආදි සිසුවකු වන ශේහාන් සිල්වා මහතා ශ්‍රී ලංකා යුද හමුදාවේ හිටපු ලූතිනන්වරයෙකි. ඔහු වසර 16ක් පුරා භාෂා පරිවර්තකයකු වශයෙන් සේවය කරමින් පාදෝවා නගර සභා බලප‍්‍රදේශයේ ස්ථිර පදිංචිය ලබා සිටියි. මොරටුව එගොඩඋයන මහා විදුහලේ ආදි සිසුවකුවන සජිත් ප‍්‍රනාන්දු මහතා ද වසර 21ක පටන් පාදෝවා නගරයේ ජිවත් වෙයි.පාපැදි ශූරයකු වූ ඔහු මොරටුව කොරලවැල්ලේ ව්‍යාපාරිකයෙක් ද විය.ඔහු ඉතාලි වැනෙතෝ පළාතේ ප‍්‍රසිද්ධ සමාජ සේවකයෙකි.ශේහාන්ට ඡන්ද 178ක් ද, සජිත්ට ඡන්ද 110ක් ද ලැබිණි. ප‍්‍රකාශ කළ මුළු ඡන්ද ප‍්‍රමාණය 378කි. එහි ශ්‍රී ලාංකිකයෝ 967 දෙනෙක් ඡන්දය දීමට සුදුසුකම් ලබා සිටිති.
2025 නොවැම්බර් මස 04
614
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2305
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1715
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මොරටු පුත්තු දෙන්නෙක් ඉතාලි නගර සභාවකට
ශාන්ත Monday, 05 December 2011 04:03 AM
ඔබ දෙපළටම මාගේ උණුසුම් සුබ පැතුම්!
ශාන්ත, ට්‍රෙවිසෝ Monday, 05 December 2011 04:04 AM
සුබ පැතුම් සජිත්
සිල්වා Monday, 05 December 2011 04:09 AM
ෂෙහාන් ඇත්තටම හොද සේවකයෙක්
සුනිල් ශාන්ත Monday, 05 December 2011 08:35 AM
ඇත්තටම අපේ රටට ලොකු ආඩම්බරයක්
එම්.එස්.ටී. දුලක්ෂි Monday, 05 December 2011 10:12 AM
ගොඩාක් සතුටුයි. ශ්‍රී ලංකාව වගේ පුංචි රටක ඉපදිලා තවත් රටකට ගියාම තමන් තනි වෙලා කියලා ගොඩාක් අය හිතනවා. නමුත් අපේ රටේම දෙදෙනෙක් මේ වගේ දෙයකින් ඉදිරියට ආවයි කියන්නේ ගොඩාක් සතුටක් වගේම ලොකු ජයග්‍රහණයක්.
ඇන්තනි Monday, 05 December 2011 11:14 AM
මා ඔබලා ගැන ආඩම්බරයි. මොකද කියනව නම් මමත් මොරටුවේ කෙනෙක්. අපේ ජනතාවටත් කිසියම් සේවයක් කළොත් වඩාත් හොදයි
ආතා Monday, 05 December 2011 11:13 AM
අපිට ගොඩාක් ආඩම්බරයි
වසන්ත Monday, 05 December 2011 12:54 PM
මගේ උණුසුම් සුබ පැතුම් ඔය දෙපලට
ජයී Monday, 05 December 2011 04:16 PM
ලංකාවෙන් පිටරටකට ගොස්, එවැනි රටක දීර්ග කාලයක් සුදුසු රැකියාවක නියුතු වෙමින්, යහපත් ලෙසින් ජීවත්වී, නගර සභාකට පවා තෝරා පත්කරගත් ඔබ දෙදෙනාට මගේ සුභ පැතුම්.
dsfdsf Monday, 05 December 2011 08:45 PM
ඔබ දෙපළටම මාගේ උණුසුම් සුබ පැතුම්!
දීපා Monday, 05 December 2011 08:23 PM
ලංකාවේ පුරවැසියෝ හැටියට මට ගොඩාක් සතුටුයි.............උණුසුම් සුබ පැතුම් ඔය දෙපලට....//
සානුක Monday, 05 December 2011 11:57 PM
අපි ඔයාලට සුභපතනවා
සුජාතා Sunday, 04 December 2011 07:37 PM
ලංකාවේ පුරවැසියෝ හැටියට මට ගොඩාක් සතුටුයි
මෙරිල් ෆෙනෑන්ඩු Sunday, 04 December 2011 08:11 PM
උණුසුම් සුබ පැතුම්! ශ්‍රී ලංකාවටම ආඩම්බරයක්
Rasanga Lakshitha Sunday, 04 December 2011 10:04 PM
වේල්ස් කුමරුවන් සහ මොරටු පුතුන් රටට ආඩම්බරයකි....!
සමීර ෆෙනෑන්ඩු Sunday, 04 December 2011 10:05 PM
ලංකාවේ ඉන්න අය වගේ නැතිව වැඩ කරලා ලංකාවට ගෞරවයක් ගෙන එන්න ලැබේවායි මම සුභ පතමි .
ජගත් කිරිල්ලවල Sunday, 04 December 2011 11:51 PM
හදවතින්ම ඔබ දෙපලට සුබ පැතුම්
ශානි Monday, 05 December 2011 12:25 AM
මොරටු පුතුන්ට ජයවේවා
තිලක් ගමගේ Monday, 05 December 2011 01:09 AM
සජිත් ඔබට මගෙන් උණුසුම් සුභ පෑතුම්. ඔබ ලංකාවට අඩම්බරයක්.
නිම්මි Monday, 05 December 2011 12:37 AM
හරිම සකුටුයි ජය වේවා.......