ඉතාලියේ පාදෝවා මහා නගර සභාවට ශ්‍රී ලාංකිකයෝ දෙදෙනෙක් එහි පදිංචි ශ්‍රී ලාංකිකයන්ගෙන් ඡන්දයෙන් පත්වී සිිටිති. හතර දෙනෙක් ඡන්දයට ඉදිරිපත් වූහ.මොරටුව ලූනාවේ පදිංචි ශේහාන් සිල්වා (41) හා මොරටුව කොරලැවල්ලේ පදිංචි සජිත් ප‍්‍රනාන්දු, (51) මහත්වරු තේරී පත්වූහ. වේල්ස් කුමර විදුහලේ ආදි සිසුවකු වන ශේහාන් සිල්වා මහතා ශ්‍රී ලංකා යුද හමුදාවේ හිටපු ලූතිනන්වරයෙකි. ඔහු වසර 16ක් පුරා භාෂා පරිවර්තකයකු වශයෙන් සේවය කරමින් පාදෝවා නගර සභා බලප‍්‍රදේශයේ ස්ථිර පදිංචිය ලබා සිටියි. මොරටුව එගොඩඋයන මහා විදුහලේ ආදි සිසුවකුවන සජිත් ප‍්‍රනාන්දු මහතා ද වසර 21ක පටන් පාදෝවා නගරයේ ජිවත් වෙයි.පාපැදි ශූරයකු වූ ඔහු මොරටුව කොරලවැල්ලේ ව්‍යාපාරිකයෙක් ද විය.ඔහු ඉතාලි වැනෙතෝ පළාතේ ප‍්‍රසිද්ධ සමාජ සේවකයෙකි.ශේහාන්ට ඡන්ද 178ක් ද, සජිත්ට ඡන්ද 110ක් ද ලැබිණි. ප‍්‍රකාශ කළ මුළු ඡන්ද ප‍්‍රමාණය 378කි. එහි ශ්‍රී ලාංකිකයෝ 967 දෙනෙක් ඡන්දය දීමට සුදුසුකම් ලබා සිටිති.
1
මුස්ලිම් කොංග්රස් මන්ත්‍රිනිය බේරාගන්න ආණ්ඩුව උසාවි යයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ දෙපළටම මාගේ උණුසුම් සුබ පැතුම්!
සුබ පැතුම් සජිත්
ෂෙහාන් ඇත්තටම හොද සේවකයෙක්
ඇත්තටම අපේ රටට ලොකු ආඩම්බරයක්
ගොඩාක් සතුටුයි. ශ්‍රී ලංකාව වගේ පුංචි රටක ඉපදිලා තවත් රටකට ගියාම තමන් තනි වෙලා කියලා ගොඩාක් අය හිතනවා. නමුත් අපේ රටේම දෙදෙනෙක් මේ වගේ දෙයකින් ඉදිරියට ආවයි කියන්නේ ගොඩාක් සතුටක් වගේම ලොකු ජයග්‍රහණයක්.
මා ඔබලා ගැන ආඩම්බරයි. මොකද කියනව නම් මමත් මොරටුවේ කෙනෙක්. අපේ ජනතාවටත් කිසියම් සේවයක් කළොත් වඩාත් හොදයි
අපිට ගොඩාක් ආඩම්බරයි
මගේ උණුසුම් සුබ පැතුම් ඔය දෙපලට
ලංකාවෙන් පිටරටකට ගොස්, එවැනි රටක දීර්ග කාලයක් සුදුසු රැකියාවක නියුතු වෙමින්, යහපත් ලෙසින් ජීවත්වී, නගර සභාකට පවා තෝරා පත්කරගත් ඔබ දෙදෙනාට මගේ සුභ පැතුම්.
ඔබ දෙපළටම මාගේ උණුසුම් සුබ පැතුම්!
ලංකාවේ පුරවැසියෝ හැටියට මට ගොඩාක් සතුටුයි.............උණුසුම් සුබ පැතුම් ඔය දෙපලට....//
අපි ඔයාලට සුභපතනවා
ලංකාවේ පුරවැසියෝ හැටියට මට ගොඩාක් සතුටුයි
උණුසුම් සුබ පැතුම්! ශ්‍රී ලංකාවටම ආඩම්බරයක්
වේල්ස් කුමරුවන් සහ මොරටු පුතුන් රටට ආඩම්බරයකි....!
ලංකාවේ ඉන්න අය වගේ නැතිව වැඩ කරලා ලංකාවට ගෞරවයක් ගෙන එන්න ලැබේවායි මම සුභ පතමි .
හදවතින්ම ඔබ දෙපලට සුබ පැතුම්
මොරටු පුතුන්ට ජයවේවා
සජිත් ඔබට මගෙන් උණුසුම් සුභ පෑතුම්. ඔබ ලංකාවට අඩම්බරයක්.
හරිම සකුටුයි ජය වේවා.......