යුරෝපයේ වීසිරි සිටීන නවක ගායකයන් සංගිත ලෝකයට හදුන්වා දීම සදහා ජර්මනියේ පැවැත්වෙන ‘ද වොයිස්‘ සංගිත වැඩසටහන සදහා ඉතාලියේ රෝම නුවර පදිංචි ශ්‍රි ලාංකික තරුණියක වන මිශේල් පෙරේරා (27) ඉදිරිපත්ව සිටී.
ඇය පිලිබඳව ඉතාලි මාධ්‍ය මහත් ඉහළින් කතා කරන අතරම ‘ද වොයිස්‘ සංගිත වැඩසටහනේ වීනිසුරුන් ඇගේ කටහඩ ගීත රැජනකට සමාන කළේ යැයි ද මෙයට පෙර ඇය ඉතාලියේ ජනප්‍රිය සංගිත වැඩසටහන් දෙකක් වන අමිචි හා ඉක්ෂ් ෂැටිටර් සදහා ඉදිරිපත් වුවද ඵහි වීනිසුරුවන් ඇගේ දකෂතාවය හදුනා නොගත් බව ද ඉතාලි මාධ්‍ය පවසයි. සංගිතාචාර්ය ඉතාලි ජාතික රේජ්න් ප්‍රැන්චෙස්කෝ යටතේ වසර දහයක් පුරාව ඇය සංගිතය හදාරමින් සිටී.
මෙයට පෙර ඉල් රේකොමන්දාතෝ හා ඉල් කන්තෝදි ජිරෝ නැමැති ඉතාලි සංගිත වැඩසටහන් දෙකේදීම ඇය ප්‍රථම ස්ථානයට පත් වීයග රෝමයේ කිස් කිස් ගූවන් වීදුලි සේවයේද ඇය ගීත ගායනා කරන්නීය. ඇය දකෂ වේදිකා නාට්‍ය නිලියකි.
ජර්මනියේ ප්‍රෝසිබන් රුපවාහිනි නාලිකාවෙන් අද දින සවස 8.15ට ඇය සජිවී ලෙස ද වොයිස් සංගිත වැඩ සටහනේ ගීත ගයන අයුරු වීකාශනය වීමට නියමිතය.
මොරටුවේ සිට මෙයට වසර 30කට පෙර ඉතාලියට පැමිණි මිල්ටන් පෙරේරා ටොනිටා ද මෙල් ඇගේ දෙමාපින්ය.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබේ දක්ෂකම් ලෝකයටම පෙන්වන්න. (නි)
ඔබගේ දක්ෂකම් ගැන අපි දන්නවා. සුභ පැතුම්! (නි)
හොදයි හොදයි ළමයෝ. (නි)
අපි මොරටුවට.... (නි)
ගොඩක් සන්තෝෂයි. නමුත් මෙයා ලංකා දෙමව්පියන්ට ඉපදුනු ඉතාලි පුරවැසියෙක් (ස)
මම හිතන්නේ සමන් කියන්නේ එයාගේ ගෙදර ගැන වෙන්න ඇති, මොකද අපේ රටනම් අපායක් නොවෙයි. (ස)
සමන්ට පිස්සුද? අපේ රට දැන් කොච්චර දියුණුද ?? (ස)
මිගාරට තමයි හොඳටම පිස්සූ (ස)
ලංකාවේ හාස්කම් (දී)
ගොඩක් හොදයි. ඉදිරියටම යන්න. (නි)
ඔයා ලංකාවට ඇවිත් දුක් විදින්නේ නැතුව ඔය හිටියා වගේ ඔය රටටම වෙලා ඉන්න. මෙහේ දැන් එකම අපායක් වෙලා. (නි)
ඔබ ලංකාවේ බව නිතර කියන්න
සුභ පැතුම් (ස)
පූරුවෙ පිනකටයි අපි මොරටුවෙ උපන්නේ.. මොරටුව මොරටුව මේ නොමැකෙන නම ලංකාවම සැරසුවා.. ඒකයි මොරටු ගම..!(නු)
අපේ උණුසුම් සුබ පැතුම් (ස)
මෙවැනි සම්පත් අපිට ගොඩක් වටිනවා. සුභ පතනවා නංගියෝ ඔයාට. (නි)
එල කිරි (ත)
නියමයි නංගි. (නි)
මෙයාගේ වොයිස් එක හරියට බියන්කා කැස්ටෆියුරිගේ වගේ. (නි)
ඔයා නිසා මේ වැඩසටහන අපි බලනවා . ඔයානම් හරිම දක්ෂ කෙල්ලෙක්, සුබ පැතුම් (ස)
ලංකාවේ දියණියට සුබ පැතුම් (ස)
හොද වැඩක් නංගි තව වැඩ පෙන්නන්න නංගි කොහෙ ගියත් ලංකාව මතක තියාගන්න..!(නු)
නියම කෙල්ලෙක්.. ලක්මවට ආඩම්බරයක්..!(නු)
අයියෝ සල්ලි
ඔය කළු මාමගෙන් පරිස්සම් වුණොත් හොඳයි (ස)
සුබ අනාගතයක් (ස)
නංගිට මගේ සුභ පැතුම්! රෝමයට සීමානොවී මිලානෝ වලටත් පැමිණ ඔබගේ කෝකිල නාදයෙන් අප මුසපත් කරන්න. (නි)
අපේ සුබපැතුම් (ස)
අපේ සුබ පැතුම් , සංගීතය ඉගෙනගැනීම ඉතා හොඳයි (ස)
හොඳ වැඩකාරයෝ ඉන්නේ මොරටු පුරේ තමයි. සුබ පැතුම් (ස)
මොරටුව ගමනම් ඉතින් කියල වෑඩක් නෑ...එලම කිරක් තමයි...... මොරටුව මොරටුව....මොරටුව අපෙ ගම... ලක්මව සැරසුව එකයි මොරටු කම......... (ස)
ඔබට සුබ පතනවා .ලක්මව සරසවන මොරටුව අපේ ගමයි (ස)
දිනුවොත් මම ගානෙ කෑම වේලක් දෙනව සතුටට (ස)
ඔයා ලංකාවට ඇවිත් දුක් විදින්නේ නැතුව ඔය හිටියා වගේ ඔය රටටම වෙලා ඉන්න. මෙහේ දැන් එකම අපායක් වෙලා (ස)
නියමයි (ස)
අපේ ගම ලෝකයේම ප්‍රසිද්ධ වෙනවා. හරිම සතුටුයි. (නි)
නියමයි නංගි ඔයාට ජයෙන් ජයම ප්‍රාර්ථනා කරනවා...! (නි)
මගේ උණුසුම් සුභ පැතුම්! (නි)