(ක.ග කරුණාරත්න)
තමන් පොලිසිය බාර ගෙන මාස 03 ක් වැනි කෙටි කාලයක් තුළ පොලීසිය පොලිෂ් කරන්නට පටන් අරගෙන තිබෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (09) පොළොන්නරුවේදී ප්‍රකාශ කළේය.
ඉදිරි මාස කිහිපය තුළ පොලිසියේ සම්පූර්ණ පරිවර්තනයක් වෙනසක් ඇති කරන බව ද ජනාධිපතිවරයා කීය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව ප්‍රකාශ කළේ අද (09) පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පොළොන්නරුව දිස්ත්‍රික් සමුළුව අමතමිනි.
එහිදී තවදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා - සමාජයට බරපතළ පිළිලයක් වී තිබෙන මත්ද්‍රව්‍ය ජාවාරම්, පාතාලය මැඩලීමට දැන් පියවරගෙන තිබෙන බව කීය.
පොලිසිය තමන් බාරගෙන මාස තුනකටත් අඩු කෙටි කාලය තුළ මේ රටේ මත්කුඩු ජාවාරම්, අපරාධ මර්දනය, පාතාල මර්දනය පිළිබඳ ප්‍රතිඵල ඔබ මාධ්‍ය තුළින් දකින බවත් මත්ද්‍රව්‍ය මර්ධනයට කටයුතු කළ පොලිස් නිලධාරීන්ට, ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළ පොලිස් නිලධාරීන්ගේ පවුල්වල අයට පළමුවෙනි වතාවට පදක්කම් පිරිනැමූ බවත් කීවේය.
පසුගිය වසර 25 - 30 ක් පොලීසිය බාරව සිටි සෑම ආණ්ඩුවකම ඇමතිවරු මොනවාද කළේ කියා තමන්ට කණගාටුවක් දැනෙන බව කී ජනාධිපතිවරයා පොලිසිය පොලිසියක් විදිහට හදන්නට ඒ කවුරුවත් වැඩ කර නැතැයිද පැවසීය. තමන් පොලීසිය පොලිෂ් කිරීමට පටන් ගෙන තිබෙන බවත් පොලීසිය ශක්තිමත් කිරීමට පියවර ගෙන ඇති බවත් එහි අරමුණු නීතිය, සාමය, සදාචාරය පිරි වංචාවෙන් දූෂණයෙන් තොර සමාජයක් සෑදීම යැයිද කිීය.
ඒ ඇරෙන්න කන පැලෙන්න ගහන්න වත් අතපය කඩන්නවත් හිරිහැර කරන්න වත් නොවේ යැයි ද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සර් රට බාර අරගෙන අවුරුදු හතරක් මොනවද කළේ? පොලිසිය බාර අරගෙන මාස තුනෙන් කරපු වැඩ ගැන කතා කරන එකේ තේරුමක් නැහැ. මොකද ඔබතුමා ජනාධිපති නිසා.
අපි ඔබතුමාට බාර දුන්නේ රටක් මිසක් පොලිසියක් නෙවෙයි.. රට බාර ගත්ත කෙනා අවුරුදු හතරකට පස්සේ පොලිස් නිලධාරීන් මාසයක් දෙකක් ඉඳලා අල්ලන කුඩුවලින් ක්‍රෙඩිට් එක දාගන්න හදන එක ඉතාමත් වැරදියි.
ඔබතුමාගේ කතා අහලම එපා වෙලා. කරාට පස්සේ කියනවද?
මම හිතුවේ එතුමා ග්‍රාමසේවක තනතුරේ විතරයි වැඩකළේ කියලා... බැලින්නම් පොලිෂ් කිරීමේ වැඩත් කරලා තියනවා වගේ. මට නම් අනුන්ගේ තියා මගේ සපත්තුත් පොලිෂ් කරන්නේ හරිම අමාරුවෙන්.
පොලිසිය පොලිෂ් කරන එකනම් ගොඩක් හොඳයි. මොකද ඒක ඒ තරමටම මලකඩ කාලා ජරාජීර්ණ වෙලා තියෙන්නේ වැඩි කොටසක්ම... නමුත් අතරින් පතර ශක්තිමත් ලෙස මලකඩ කියන නාමයක්වත් ගෑවිලා නැති පිරිසිදු තැනුත් නැතුවාම නොවේ...
පොලීසියේ කාර්යය විය යුත්තේ නිල ඇඳුමේ බලය පෙන්වා මහජනයා මර්දනය කිරීම නොව, යම් අභියෝගයක් පැමිණි විට එය තර්කානුකූලව සහ උපායශීලිව විසදීමයි. මෙය සාක්ෂාත් කර ගත හැකි හොඳම ක්‍රමය නම්, පොලිසිය තුල ඔවුන්ට වැඩිදුර අධ්‍යාපනය ලබා දීමයි. ඕනෑම අධ්‍යාපනයක් හරහා මිනිසෙකුගේ සිතීමේ ශක්තිය වැඩි දිව්නු කල හැකියි. මේ සඳහා මෑතකදී යෝජනා වූ පොලිස් විශ්ව විද්‍යාලය පිහිටුවීම හොඳ දෙයක් යයි සිතමි.
කුඩු තියෙන්නේ කොහෙද කරන්නේ කව්ද? මේ හැමදේම අවුරුදු ගානක් තිස්සේ පොලිසිය දන්නවා. නමුත් අල්ලන්නේ පොලිසියට කැමති විදිහට කැමති කට්ටිය. දැන් අල්ලන්නේ සිරිපාලගේ ඡන්දෙට සටන් පාට හිඟ නිසාය.
මෙහි ස්තුතිය හිමිවෙන්න ඕනා මේ වැටලීම රටට ජාතියට ආදරෙන් ඉටුකරපු ඒ වීරෝධාර නිලධාරීන්ටයි.
පොලිසිය පොලිෂ් කරන්න. දැන් මෙතෙක් කල් කීයක් දේවල් කළාද? මරණ දඬුවම දෙනවා කිව්ව කාලේ මැරුවා නම් මෙලහකටත් මැරිච්ච අයගේ කටුත් දිරලා. මේ සියල්ල තමුන්නාන්සේගේ ඡන්ද ගුණ්ඩු.. මෙයා කියන ඒවා කොහොමද විශ්වාස කරන්නේ? උදේ කියන දේ හවසට වෙනස් වෙනවා. කිව්ව දේ නැහැ කියනවා. නොකරපු ඒවා කළා කියනවා. අවසානයේ වචන වැලක් විතරයි. පොලොන්නරුවේ අසරණ ගොවීන් ටික වී මාෆියාවෙන් ගලවන්නකෝ. තමුන්නාන්සේගේ මල්ලි තමයි උඩින්ම ඉන්නේ...
මෙතුමා මොනවා කළත් සමහරු බලන් ඉන්නේ බනින්නමයි. මැදහත් අදහස්වලටයි මම නම් ගරු කරන්නේ (මම කිසිම පක්ෂයක බත් බැලයෙක් වෙන්න කැමති නැහැ.) මිනිස්සු දේශපාලන පක්ෂවල වහල්ලු විදිහට සිතන එකත් ලංකාවේ දියුණුවට විශාල බාධාවක්. පොලිසිය ඔච්චරකල් කුඩු ඇල්ලුවා තමයි. එ්ත් හැමවිටම දේශපාලන බලපෑම් තිබුණා. දේශපාලක අමනයින්ගේ ආරක්ෂාව නැත්නම් ලංකාවේ කුඩු මෙච්චර පැතිරෙන්නේ නැහැ නේද? මිනිසුනේ ඇස් ඇර බලවු ලංකාවට සිදුවී ඇති විනාසේ...
ආයතනයක ප්‍රධානියා එම ආයතනයේ ප්‍රගතියට සහ බැස්මට මුලික වශයෙන්ම වග කිව යුතු බව අපි දන්නා පොදු කරනුක්. එය රටක කුමන සේවකයකටත් අදාලයි. එය තමන් කළාද තම සේවකයා කළාද යන්න මතුපිටින් බලන කෙනාට වැදගත් නැත. ආයතනය ලාභාදායකද? පාඩුද? යන්න පමණක් ප්‍රමාණවත්... හොඳ නම් හොඳ නම ලැබෙන අතර නරක නම් නරකනම ලැබෙනවා. එය යථාර්ථයයි. නමුත් අපේ ජනාධිපති හරියට පොඩි ළමයෙක් වගේ... වැරද්දක් නම් අනිකාව මාට්ටු කරන ගමන් හොඳ දෙයක් නම් පැනලා ඉදිරිපත් වෙලා එය තමන් කළ බව පවසනවා. ඔහුගේ තනතුර රටේ මූලිකම තනතුර වග ඔහුට නොවැටහේද? රටක ඕනෙම දෙයකට ඔහු වගකිව යුතු බව ඔහු නොදනීද? ඔහු පොලිසිය බාරව ඇමතිට වඩා බලවත් රටේ ජනාධිපති වග ඔහුට අමතක වීද? මේ ඔක්කොම මම එකවරක් පැවසුවා සේ "පොර ටෝක්" නොවේද?
අන්ධ කයිප්පුද මන්දා... එක එක දවසට එක එක කතා කියවන්න පටන් අරගේම හරියට නින්දෙන් ඇහැරිලා වගේ... මැරුණත් රනිල් අගමැති කරන්නේ නැහැ කියලා කියලා කටගන්න ලැබුනේ නැහැ. මෙන්න බොලේ අගමැති ලිපිය රනිල්ට පූජා කරනවා. ඔය කියන එක කතාවක්වත් කවුරුවත් විශ්වාශ කරන්නේ නැති දවසක් ළඟදීම උදාවෙන පාටයි...
රනිල්වත්, මහින්දවත්, චන්ද්‍රිකාවත් නොකළ විදියට අද මෛත්‍රී යටතේ කුඩු පාතාලය බිඳවැටෙන බව පේනවා. ඒ්ක විතරක්වත් හරියට ඉවර කළොත් මෛත්‍රිට ආයිත් ජනාධිපතිකම දෙන්න වටිනවා.
ජනාධිපති කෙනෙක් වගේ කතාකරා නම් හොඳයි
හරි හරි. හොඳ දේවලට හොඳයි කියන්න ඕනෑ. ඉක්මණින් මුළුරටම යහමගට ගේන්නකෝ...
ජනතාව නම් බලාගෙන ඉන්නේ ඔබතුමාව පොලිෂ් කරන්නයි...
ඔය "පොලිෂ් කිරීම" 2015 ජනවාරි මාසයේ ඉඳලම කරානම් ඔබ දෙවැනි වරටත් රටේ මුල්පුටුවට උස්සා තැබීමට රටේ ජනතාව උනන්දුවෙන බව අපට හිතන්න ඉඩ තිබුණා. දැන් ඉතින් ඒකට පමා වුණා වැඩි බව එයාටම තේරුම් ගිහින් තිබෙන නිසා ජොබ් එක අහිමි වුනාට පස්සේ "පොලිෂ්" කිරීමේ ජොබ් එක තෝරාගෙන තිබෙන බව මින් පැහැදිලිවම එයා ප්‍රකාශ කර තිබෙනවා ! බොහෝ තරු හෝටල්වල කොරිඩෝවල රෑට අමුත්තන් සිය පාවහන් දොර ඉදිරියේ තබා තිබෙන්නේ පොලිෂ් කිරීමට එන සේවකයාට ගෙන යාම සඳහායි. මෙයා පැන්ෂන් ගිය පසු එයාගේ නිවසේ ගේට්ටුව ඉදිරියේ පාවහන් පොලිෂ් කරවා ගැනීමට කැමති අයට මෙය මහඟු අවස්ථාවක් වෙනු ඇත !!!
මේවා දේශපාලන කතා.
අනේ මහත්තයෝ පදක්කම් පිරිනමලා වැඩක් නැත. ඔවුනට අවශ්‍ය මුල්‍යමය ආධාරයි.
තව සුලුකාලෙකින් පුටුවෙන් බැහැලා යන්න වෙන නිසා ඕනදෙයක් කියලා ගියදෙන්.. සාමාන්‍යයෙන් රටේ ජනපතිවරයෙක් කියන ප්‍රකාශයක් ජනතාව ඉතා ඕනෑකමින් සවන් දෙනවා.. නමුත් මේ ජනාධිපති කවට අන්දරේ ගානට වැටිලා නිසා කියන කිසිම දෙයක් ගණන් ගන්නේ නැහැ..
දැන්ද පොලිෂ්කරන්න මතක් වුනේ.
අපේ රටේ නායකයෝ... ඇයි කටින් බතල හිටවන්නේ? මිනිසුන්ව නොමග යවමින් රටකට කරන්න වුවමනා දේ දන්නේ නැතිවද? තමන්ට බලය තියෙනවා ඕන දෙයක් කරන්න... නමුත් කිසිම දෙයක් කරන්නේ නැහැ. කියව කියවා කාලේ නාස්ති කරලා ලෝකෙ වටේ රවුම් ගහලා ඊළඟ මැතිවරණයේදී කියනවා. මට ඡන්දෙ දෙන්න.. ඉස්සර කරපු මෝඩකම් නැවත කරන්නේ නැහැ කියලා... එතකොට අවුරුදු 8 ට්‍රෛනින්ග් එකට හොරා කන්නෙත් නැහැලු... ඇත්තටම නායකයින්ටද පිස්සු... නැතිනම් ජනතාවටද? මෛත්‍රි අාවේ... රාජපක්ෂලා හෙට හිර ගෙදරට යවන විදියට... නමුත් කෙරුවේ මහින්දට හොරෙන්... අගමැතිකම දුන්න එක.. මේ ගොල්ලන්ගේ සෙල්ලම්වලට අහුවෙන්න එපා. ජනතා විමුක්ති පෙරමුණට ඡන්දෙ දීලා එහි නායකයා ජනපති කරලා බලමු... මේ කැඳ හැලිය අවුරුදු ගානක් තිස්සේ හරිම අප්පිරියයි... වයසට ගිය මහල්ලෝ පිස්සු විකාරෙන් රටේ වැඩ කරන්නේ...
මධූෂ් අහුවුණු නිසා මෙතුමාත් චූන්වෙලා කතා කරන්නේ...මෙයාගේ මෙහෙයුම් වැඩ පිළිවෙලවල් නොවේ..
පුළුවන්නම් බැංකු හොරා සහ මිග් ඩීලර්ස් අල්ලලා පෙන්නන්න. ඔබතුමාට සුපිරි ගේම් දෙන්න පුළුවන් කියලා අපි දන්නවා... කරපු වැඩ මතක් වුණාම...
ඔබතුම පොලිසිය භාර ගන්න කලින් මත්කුඩු කිලෝ 200 ට වැඩිය අත් අඩංගුවට ගත්තේ. මහා පරිමාණයේ කුඩු රජවරුන් මහා උළු ගෙදර තපින්නේ. එහෙම උනේ මේ මස තුන හතරට ඉස්සර නේද?
බොහොම දුර්වල පාලකයෙක්. කතා සහ සංචාර වලින් කාලය විනාශ කලා මිසක .... ජනාධිපති බලතල වලින් කොච්චර දෙයක් කරන්න තිබුණද.
ඔව්, සියලුම ආණ්ඩු වල, පොලීසිය බාර ඇමති මේ කාරනා නොසලකා හැරීයැයි කියමුකෝ, එතකොට රට වෙනුවෙන් හිටපු අහිංසක කැබිනට් ඇමතිවරු මොකද කලේ ? ඒ ගොල්ලොත් අහක බලාගෙන ඉදල . නැතිනම් මේ ප්‍රස්න මෙච්චර දුරදිග යන්නේ නැහැනේ. හේතුව හැමෝම එකතු වෙලා ඡන්ද දිනන්න මේ කට්ටියව පෝෂණය කළා . ඒ නිසා විපක්ෂ වලට හැප්පෙන්නත් පාතාලය ඕන වුනා . නැතිනම් ඡන්ද පරාදයි . ඒක තමයි ඇත්ත . කොහොමත් මේ රටේ බුද්ධිමත් අය දේශපාලකයින්ට පාතාලේ උප්පැන්නේ රෙජිස්ටර් කරලයි තියෙන්නේ .
ඇයි ඔබ තාජුඩීන්ගේ සිද්ධිය ගැන ක්‍රියාමාර්ගයක් ගන්නේ නැත්තේ...? ඡන්දෙ කාලයේ ඔබ ඔහුගේ දෙමව්පියන්ට පොරොන්දු වුණානේ...
2018 ආපු ගමන් ගොනු කල දූෂණ වංචා ෆයිල් ටිකත් පොලිෂ් කරලම දාලා වගේ... ඒ ගැන නෝ කතා... වෙන කතා නම් ඒවා යට ගහලම තියයි ..
පොලිස්පතිතුමාටයි සහ ලතිෆ් ජේ. නි. පොලිස්පති තුමාටයි පින්සිද්ද වෙන්න මාකඳුරේ මදුෂ් ඇල්ලුවා දැන් මෙයාලා බයිලා කියනවා.. කාලයක් කිව්වා යුද්දේ අවසාන කාලේ ජනාධිපති හිටියේ චීනේ... කියලා.
අනේ අම්මපා මේ හාදයා කියන දේවල්වලට මට පිටිපස්සෙන් හිනායන්නේ...
ඔබතුමා පොලිෂ්වෙලා පවුලේ සියලුදෙනා පොලිෂ් කරලා පක්ෂේ පොලිෂ් කරලා ඕවා කියන්න