රංගනයට ඇය කෙතරම් දක්ෂද යන වග අතිශයෝක්තියකින් ප‍්‍රකාශ කළ යුතු නැත. රංගනයට කෙතරම් හපනියක්ද යන්න, දුලීකා සිය රංග කෞෂල්‍ය වෙතින් අපූරුවට ප‍්‍රකාශ කොට ඇති ශිල්පිණියකි. සිනමාව, රූපවාහිනිය, වේදිකාව යන ඕනෑම අංශයකට සුදුසු රංග හැඩතල ඇය සතුවීම, ඇයගේ රංගන වින්‍යාශය වෙතින් දැකගත හැකි විශේෂත්වයයි. සමාජ විද්‍යා අංශයේ උපාධිධාරිණියක වන දුලීකා මාරපන යනු නිකම්ම නිළියක යන මාතෘකාවෙන් ඔබ්බට ගිය රංගනයේ වින්දනය පේ‍්‍රක්ෂකයින්ට ලබාදුන් රංගන ශිල්පිණියකි.
අවසන් වූ ”මලී” නාට්‍ය වෙතින්ද අපූරු චරිතයක් රඟපෑ දුලීකා, වේදිකාවේ බර්නාඩාගේ සිපිරිගෙයට වී කරන රංගනය හරිම අපූරුය. එලෙසින් මතකය රඳවන චරිත සමග හමුවන දුලීකා මේ දිනවල තවත් අපූරු රංගනයක නියැලෙමින් සිටින්නීය. ශෂී වීරවංශගේ කතා සංකල්පයකට අනුව ප‍්‍රසන්න ඉත්තෑපාන නිර්මාණය කරන ”පුරකලනි” නාට්‍යයේ රඟපාන ඒ චරිතය ගැනත් හෙට දින බොහෝදෙනා විශේෂිතව කතා කරන බව නම් ඒකාන්තය. ඒ සියල්ලට සාපේක්ෂව අද දවසේ ඇය සමග කළ පිළිසඳරකි මේ.
දුලීකා මේ දිනවල තරමක් විවේකයෙන් ගත කරන බව ආරංචියි?
පුරකලනි ටෙලි නාට්‍යයේ රූගත කිරීම් වලින් පස්සෙ ටිකක් විවේකයෙන් ඉන්න ඕනෑ කියලා හිතුවා. ඒත් වේදිකාවේ බර්නාඩාගේ සිපිරිගෙය සහ අතුරුපසට චැට් කියන නාට්‍ය ද්විත්වයේ රඟපානවා.
පුරකලනි නාට්‍යයේ රඟපෑ චරිතය හෙටදින මහත් ආන්දෝලනයක් ඇති කරාවි කියලා කියන්න පුළුවනි නේද?
අනිවාර්යයෙන්ම එහෙම වේවි. අද සමාජයේ බහුලව කතාබහ වෙන, මාතෘකා වෙන ගණිකා වෘත්තිය තේමා කරගත් කතා පුවතක්. මම එහි රඟපාන්නේ ගණිකා වෘත්තියේ යෙදෙන තරුණියන් සිටින තැනක පාලිකාවක ලෙසයි. මෙය අද වන විට අපේ සමාජයේ ව්‍යසනයක් වූ කාරණයක් බවට පත්වෙලා. සෑම තැනකම පාහේ ඔඩු දුවා ඇති මේ සමග මනුෂ්‍ය ජීවිතයට, ජන ජීවිතයට බලපාන විදිය සහ වෙලා තියෙන හානිය ගැන කතා වෙන නිර්මාණයක්. මෙය එක්තරා විදියක අභියෝගාත්මක චරිතයක් වෙන්න පුළුවනි. ඒත් මම ඒ අභියෝගය බාරගත්තා. පියවි සිහියෙන් බලන අය එය අපූරුවට නරඹාවි. ජීවිතය විහිළුවක් කරගත් අය අප රඟපාන මේ චරිත දිහා වැරදි ඇහැකින් බලන්නත් බැරි නැහැ. මීට අමතරව සුසිරන්ද සිල්වාගේ නාට්‍යයකත් රඟපෑවා.
කොහොම වුනත් ඇයි ටික දවසකට ටෙලි තිරයේ රඟපෑමෙන් ඉවත්ව සිටින්න තීරණය කළේ?
දිගටම නාට්‍ය වෙතින් මාව දැකගන්න ලැබුණා. වෙනස් චරිත කළත්, රංග ශිල්පියකු හෝ ශිල්පිනියක ජීවිතේ අලූත් දේ ගන්න, ඒ විවේකය අවශ්‍යයි. මේ නිසා මේ විවේකයේදී බාහිර ස්වරූපයේ සිට වෙනස් වී යළි අවතීර්ණවීම හොඳ බව මගේ අදහසයි.
ඔබ ඔබගෙ බාහිර පෙනුම සමබරව තබාගන්න උත්සාහ ගන්නෙ නැද්ද? ඒ වෙනුවෙන් ගත් විරාමයක්ද මේ?
බාහිර ස්වරූපය චරිතයකට අත්‍යාවශ්‍යම සාධකය නෙවෙයි. රංගනයේ දී අත්‍යාවශ්‍යම සාධකය වන්නෙ කුසලතාවයයි. පෙනුම තිබුණත් කුසලතාවය නැත්නම් වැඩක් නැහැ. ඒත් බාහිර පෙනුමත් වැදගත් වන අවස්ථා තිබෙනවා.
ඒ කියන්නෙ ඔබගෙ බාහිර පෙනුම ඔබගෙ රංගනයට බාධාවක් වුණේ නැද්ද?
මේ තාක් මේ ගමනට එය බාධාවක් වුණේ නැහැ. මාව අවශ්‍ය චරිතය සඳහා අවශ්‍ය නිර්මාණකරුවන් මාව ගන්නවා. මම ඊට උපරිම දායකත්වය ලබාදෙනවා. ඒත් චරිතය සඳහා බාහිර පෙනුම අත්‍යාවශ්‍ය චරිතයක් නම් මට ඒ වෙනුවෙන් කැප වෙන්නත් වෙනවා. එය කාලය අනුව සිදුවන දෙයක් වේවි.
නමුත් බොහෝ තරුණ රංගන ශිල්පිනියන් වයසින් මුහුකුරා ගිය චරිත නිරන්තරයෙන් තෝරා ගන්නෙ නැහැ. ඒත් ඔබ ඊට වඩා වෙනස්?
මට වයස නෙවෙයි වැදගත්. මට ලැබෙන පරාසය තුළ කළ හැකි චරිතය පමණයි.
ඔබට රූපය වැදගත්ම නැද්ද?
මට අවශ්‍ය ඊට වඩා නිරෝගීකමයි. රූපය තිබුණත් නිරෝගී නැත්නම් වැඩක් නැහැ. එතැනින් එහා මම ජවසම්පන්නව රඟපානවා. මගේ රාජකාරිවල යෙදෙනවා. බටහිර රටවල පවා හැකියාවට මිස රූපයට මුල්තැන දීලා නැහැ. ඒ නිසා උදේ ඉඳන් මට රූපය ගැන හිත හිතා කාලය වැය කරන්න ඕනත් නැහැ.
අද දුලීකාගේ ජීවිතය ගැන කතා කළොත්? මොනවගේද ගෙවෙන්නෙ?
රංගන ශිල්පිණියක් කියා වෙනස් ජීවිතයක් මට නැහැ. සාමාන්‍ය සමාජයේ සාමාන්‍ය චරිතයක්. රඟපෑම ගැන කතා බහ වෙනවා ඇති. ඒත් මම මගේ ජීවන රටාව තුළ ඉඳගෙන මට ආවේනිකව වෙනස් විදියට ජීවත් වෙනවා ඇති.
මොකක්ද ඔබට ආවේනික ජීවන රටාව?
මම මනුස්සවාසයට ආසයි. පැවරී ඇති රාජකාරිවලින් මිදුණු අවස්ථාවලදී විශේෂිත අවශ්‍යතා ඇති දරුවන් වෙනුවෙන් වැඩ කරනවා. බලය හැකියාව පහසුකම් අඩු ජනතාව වෙසෙන තැන්වලට ගිහිල්ලා හැකි විදියට උදව් කරනවා. මම හිතන්නෙ ඒක සමාජ වගකීමක්. එහෙම නැතිව කාගෙන්වත් ලකුණු දාගන්න නෙවෙයි. මේ සියල්ලට අමතරව පෞරෂ සංවර්ධන උපදේශිකාවක ලෙසත් කටයුතු කරනවා. රංග ශිල්පිනියක යනු නිරන්තර ඉගෙනීම් කරන කෙනෙක්. මගේ වැඩිපුර හැදෑරීම් කරන අතරේ, සමාජය වෙනුවෙන් ඉටුවිය යුතු දේත් සිද්ධවේවි. එය එක්තරා වගකීමක් ලෙසයි මම දකින්නෙ.
ඔබ මෙලෙසින් අදහස් දැක්වුවත්, අද නිළිය කියන සමහර අය ගැන සමාජය කතාවන්නෙ යහපත් දැක්මකින් නොවෙයි. ඇයි එහෙම වෙන්න හේතුව?
එතැන වැරැද්ද තියෙන්නෙ මේ නිර්මාණකරණ අය අතරමයි. හුදෙක් වෙළඳ පරමාර්ථ සඳහා පමණක් අද පිරිසක් පැමිණ සිටිනවා. ඔවුන් නාට්‍ය නිර්මාණය කරනවා වෙනුවට කරන්නෙ නාට්‍ය ගහන එකයි. නිර්මාණ කිරීම හා ගහන එක අතර වෙනස බොහෝයි. ගණිකා වෘත්තියේ යෙදෙන අයත් ඒ ගහන නාට්‍යවලට අරගෙන. ඉතිං එයාලා ශිල්පිණියො නෙවෙයිනෙ. එයාලා මෙතැනට ඇවිත් එයාලගෙ වෘත්තියට වටිනාකමක් ගන්න හිතාගෙන කටයුතු කරනවා. එයාලා මෙතැනට ආවාට එයාලගෙ මුල් වෘත්තිය අමතක කරන්න බැරුව ඇති. ඇත්තටම එයාලා එනවත් නෙවෙයි. මෙතැනට ගෙනැත්දාලා.
පුරකලනි නාට්‍යයේ කතා වන්නෙත් මේ කතිකාවත නේද?
අද දක්නට ලැබෙන ඒ ව්‍යසනය ගැන අපූරුවට කතාවෙන නිර්මාණයක්.
ස්තුතිය - ශෂී වීරවංශ මහත්මියට
සටහන/ඡායාරූප - සඳුන් ගමගේ |

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෑත කාලයේ මගේ ප්‍රියතම නිළිය ඔයයි. සුබ පැතුම් (ස)
ඇය ඉතා හොද නිලියක් (දී)
මම ඔබ රගන අයුරු බලා සීටීමට පින් කළෙමි. (නි)
මම අසාම නිලියක් ඔබ, ඔබට සුභ අනාගතයක් (දී)
ඔබ ලංකාවේ බිහිවුණ අති දක්ෂ රංගන ශිල්පිණියක් (ස)
දුලීකා කියන්නෙ ඇත්තටම රඟපාන්න පුලුවන් නිළියක් නිසා කට්ටිය මොන තරම් කැමතිද කියලා පේනවනෙ. ටෙලිනාට්‍යයක් දෙකක් එලියට දාගත්තම මම තමා නිළිය කියලා හිතන් ඉන්න අය තමා 95% ඉන්නෙ.ඔබට සුබ ගමන්..!(නු)
යකඩෝ! අදුරන්නත් බැහැනේ දැන්. (නි)
ඔබ ගොඩක් දක්ෂයි.. නිහතමානී.. අපේ අනිත් නිලියන්ටත් ආදර්ශමත් චරිතයක්.. ඔයාට සුභම සුභ අනාගතයක් අක්කේ..!(නු)
ඔබට සුභ අනාගතයක් වේවා! (නි)
අති විශිෂ්ට නිළියක් . රඟපෑම නියම ආකාරයෙන්ම කරනවා. අපි ගොඩක් කැමතියි ඔයා රඟපානවා බලන්න. ඔබට ජය (ස)
ඉතාමත්ම දක්ෂ නිලියක්.. මලී ටෙලිනාට්‍යය ඒකට හොදම උදාහරණය..!(නු)
ඔබේ රංග හැකියාව අති විශිෂ්ටයි(නු)
මම ඒත් මාතෘකාව දැක්කහම හිතුවේ ඇත්තටමයි කියලා. (නි)
සුභපතනවා ඔබට (දී)
"මලි" ටෙලිනාට්‍ය හි ඔබේ චරිතය විශිෂ්ටයි.(නු)
ඔයාගේ රඟපෑම ඉතාම ඉහලයි. කොහොමද එහෙම රඟපාන්නේ කියලා හිතාගන්නත් බෑ (ස)
දක්ෂ නිළියක්. සුභ පැතුම්! (නි)
නංගි, ඔබගේ රංගනය අති විශිෂ්ටයි. (නි)
ගොඩක් දක්ෂ නිළියක්, අපේ සුබ පැතුම් (ස)
ඔබ ඉතාම දක්ෂ චරිතාංග නිළියක් , සුබ පැතුම් (ස)
ඔබගේ රගපම ඉතාම හොදයි (දී)
ඔබට සුබ අනාගතයක් !!!!!! (ස)
සොයුරියනි, ඇත්තෙන්ම ඔබ දක්ෂ කෙනෙක්. (නි)
ඔබට සුභ අනාගතයක්! (නි)
මම දැකපු දක්ෂම රංගන ශිල්පිනිය ඔබ තමයි..!(නු)
ඇත්තටම ගරු කරන නිලියක්..!(නු)
ලස්සනයි. (නි)
ඔබ අතිවිශිෂ්ට නිළියක්. (නි)
විශිෂ්ට නිලියක් (දී)
ඔබ දක්ෂ නිළියක්. මම ඔබව අගය කරනවා. (නි)
ඔබ විශිෂ්ටයි. මගේ උණුසුම් සුභ පැතුම්! (නි)
මමත් ගොඩක් කැමති නිළියක්. මගේ උණුසුම් සුභ පැතුම්! (නි)
සුපිරි නිලියක් ....(අ)
ඔබ ලංකාවටම ආඩම්බරයක් අක්කේ (ස)
මගේ ආසම නිළිය ඔබයි. මම සුභ පතනවා ඔබට (දී)
සද අමාවකයි නාට්‍යයේ ඇස් නොපෙනෙන චරිතයකින් පටන් අරන් ඉසුරු භවන ලස්සන චරිතයකින් අප මෝහනය කළ දුලීකා නංගියේ ඔබ නියම චරිතාංග නිලියක්.. අපෙන් සුභ පැතුම්..!(නු)
බුදු සරණයි
ඒ චරිතයත් ලස්සනට කරන්න. ඔබට සුභපැතුම් (දී)
මම දැක ඇති දක්ෂතම නිළිය ඔබයි. එසේම චරිතය ගැනත් කිසිදු දිනෙක කිසිදු නරක දෙයක් මම අසා නැත. (නි)
අනුර ඔබේ කතාවට මම එකගයි.. සුනෙත්‍රා දුලීකා මාරපන කියන නිලියට ආදරේ කරන අයයි එසේ කියන්නේ එයට ආදරේ කරන රසිකයෝ ඔබ කලබල කරන්න එපා..!(නු)
බුද්ධිමතුන්ගේ මෙවන් දක්ෂතා ඇත්තෙන්ම බලන්න ආසයි. (නි)
මම කැමතියි ඔයාගේ රඟපෑම් වලට නියමයි. (ස)
ඇය ලංකාවට ආඩම්බරයක්. (නි)
මම ගොඩක්ම කැමතියි ඉසුරු භවන ටෙලිනාට්‍යයේ ඔයාගේ රඟපෑම් වලට (ස)
දූලිකාට ප්‍රශ්නයක් නොවුණු ඇයගේ රූපය ගැන ඇයි මේ අනෙක් අයට මෙච්චර අමාරුවක්? (නි)
ඔබ ඇත්තෙන්ම හොද නිළියක්. සුභ පැතුම්! (නි)
සියළු බැදීම් වලින් නිදහස්ව සිටින ඔබ විශිෂ්ඨයි (ස)
ඇත්ත ඇත්ත කතාව ඇත්ත (ස)
ඔබ අපට දිදුළන තරුවකි. (නි)
ඔබ අතිවිශිෂ්ඨයි. අපට ඔබ ආඩම්බරයක්. ඇත්තටම ටිකක් කෙට්ටු වෙන්න බලන්නකෝ. (නි)
ඔයා රගපාද්දී, අපිට හිතෙන්නෙ නැහැ ඒක රගපෑමක් කියලා. ඒ තරම්ම තාත්විකයි. (නි)
ඇත්තටම දුලීකා, ඔබ මලී ටෙලිනාට්‍යයේ කළ රගපෑම අති විශිෂ්ටයි. (නි)
ඔබගේ රංගනය ඉතාමත් තාත්විකයි අක්කේ. (නි)
සුබ පැතුම් , මාලනී නිලි රැජිනගේ පස්සේ ඉන්න රැජින ඔයයි (ස)
ඔබ සැබෑම දක්ෂ නිළියක් , සුබ පැතුම් .! (ස)
දැන් ලස්සන වෙලානේ !!! (ස)
මලී කතාවේ ඔබගේ රගපෑම විශිෂ්ටයි. (නි)
රිදීතිරයේදී අපිව හිනස්සවලා අපේ ලේ පිරිසිදු කරනවාට ඔබතුමියට බොහොම පින්. (නි)
ඇති විශිෂ්ට රංගන ශිල්පිනියක් ඔබ (දී)
ඇත්තෙන්ම ඔබ වැනි දක්ෂ රංගන ශිල්පිනියන් අපේ ලංකාවට අවශ්‍යම කාලයක් මේ.ඔබේ දක්ෂතාවයෙන් නවක දක්ෂයින්ටත් අත්වැලක් දෙන්න පුලුවන්නම් ඒක ගොඩක් වටිනවා.ඔබට ජය (ස)
ඩිංගිරිගේ චරිතයට අනුගතවූ ඔබේ විශිෂ්ඨ චරිතාංගන ශිල්පිනියක්.. ඔබට අපේ උණුසුම් සුභ පැතුම්..!(නු)
තව ටිකක් කෙට්ටු වෙන්න බලන්නකෝ. (නි)
ඔබට සුභ අනාගතයක්. ඇත්තෙන්ම ඔබ අපට ආඩම්බරයක්. (නි)
මගේ කැමතිම නිළිය . ඉතාම දක්ෂයි ..... (ස)
විදේශවල ජීවත් වෙන අපේ නිවහනට ඩිංගිරි අම්මාගේ චරිතයෙන් පුංචි තිරයෙන් පැමිණි සාර්ථක රංගනයක යෙදෙන දූලීකා මාරපන සහෝදරියට අපේ සුභ පැතුම්..!(නු)
ඇත්තටම නව පරපුරේ දක්ෂතම නිළිය ඔබයි. (නි)
මේ කවුද අප්පා (ස)
ඇත්තටම අද සිටිනා දක්ෂතම නිළිය ඇයයි. එහි විවාදයක් නැත. (නි)
ඔබ ඇත්තෙන්ම නිහතමානී, සුන්දර, අග්‍යග්‍රණ්‍ය කලාකාරිනියක්. (නි)
දක්ෂ නිළියක්..!(නු)
ඔබ ඉතාම දක්ෂයි.. අපි ඔබට සුභ පතනවා..!(නු)
සුභ පැතුම්!(නු)
ඔබ නියම කළා කාරිනියක්. ඔබට තෙරුවන් සරණයි (දී)
ඔබ ඇත්තෙන්ම අපූරු මිතුරියක්. (නි)
ඇත්තෙන්ම ඔබගේ රංගනය ඉතාම අනර්ඝයි. ටෙලි නාට්‍ය හා නාට්‍ය වල එම චරිත වලට ඔබ හරිම අපූරුවට පණපොවනවා. බ'ර්නාඩාගේ සිපිරිගෙය මම නැරඹුවා. එහිදීත් ඔබගේ රංගනය කදිමට ප්‍රදර්ශනය වෙනවා. ඔබට සුභ අනාගතයක්! (නි)
ඔබට සුභ පැතුම්! (ස)
ඇත්තමයි ඔයා රඟපාද්දි බලන් ඉන්න ආසයි (ස)
ඔබේ රංගනය අති සාර්ථකයි.සුබ පතමි (ස)
අක්කි ඔයා කෑගල්ලෙ කොන්වන්ට් එකේ කෙනෙක් වීම එකෙ ඉගෙන ගත් අපි හැමෝටම ආඩම්බරයක්.. ඔයාගේ රංගනය හරිම ඉහළයි..!(නු)
සුභපතනවා මම ඔබට (දී)
ඔයා 80 අපේ නාට්‍ය කණ්ඩායමේ කෙනෙක්ද?(නු)
විශිෂ්ට නිළියක්! සුභ පැතුම්! (නි)
ඔබ ගොඩක් නිහතමානී කෙනෙක්. මම ඔබට සුභ පතමි. (නි)
අපේ අනිත් නිලියන්ටත් ආදර්ශමත, මෙග් උණුසුම් සුභ පැතුම්..!(නු)
බොහොම හොද නිලියක්.. සුභ පැතුම්.,!(නු)
ඔබ අතිදක්ෂ කාන්තාවක්. මම ඔබව අගය කරමි. (නි)
ලංකාවට පහළවුණ දක්ෂතම නිලියක්. මහත් උණ එක පාඩුවක් නොකරගෙන ඕනම චරිතයක් දක්ෂ ලෙස රගපානවා..... දිගටම රගපාන්න.... ඔබට ජය....!(නු)
ඔබේ රංග හැකියාව අති විශිෂ්ටයි (දී)
මම ඇත්තෙන්ම ඔබේ රංගන දිවියට සුබ පතනවා (ස)
ඔයා දැං ගොඩක් ලස්සන වෙලානේ..?(නු)
මගේ කැමතිම වගේම මං දැකලා තිබෙන දක්ෂම නිළිය ඔබතුමියයි. එහි ආයේ විවාදයක් නැහැ. (නි)
ඔබ විශිෂ්ට රංගන ශිල්පිනියක් (දී)
මහත ටිකක් අඩු කර ගත්තනම් නේද හොඳ (ස)
දක්ෂයි.. දක්ෂයි.. ගොඩක් දක්ෂයි.. ඔබට දිගු ගමනකට ආසිරි..!(නු)
මම ඔබගේ මිතුරෙක් වෙනවා වසර දොළහකට පමණ පෙර.. ඔබ විශිෂ්ඨයි...!(නු)
අපට ඉන්න දක්ෂම නිළියක්..!(නු)
නිලියන්ට තියෙන පාඨක උනන්දුව ? මහජන නියෝජිතයන් කරවමුද මේ අය ? (ස)
වාව්.. නියමයි..!(නු)
ඔබගේ රංගන හැකියාව ඇති විශිෂ්ටයි (දී)