IMG-LOGO

2025 ඔක්තෝබර් මස 21 වන අඟහරුවාදා


’මිනිස්සු අමාරුවේ වැටුනාම සජිත්-අනුර හැංගුන තැන වහා හෙළි කරන්න’

 

(අංජුල මහික වීරරත්න)


ඉන්ධන ගෑස් විදුලිය නැතිව ජනතාව දුක් වින්ද කාලයේ ඔවුන් බේරා ගැනීම සඳහා ඉදිරිපත් නොවී සැඟවී සිටියේ කොහේදැයි යන ප්‍රශ්නයට මහා පිළිතුරු දෙන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අනුරාධපුරයේදී අද(17) අභියෝගයක් කළේය.

රට සහ ජනතාව අමාරුවේ වැටී සිටි මොහොතේ අභියෝගය බාර නොගෙන  පලා ගියේ මන්දැයි යන ප්‍රශ්නයට සජිත් සහ අනුර පැහැදිලි පිළිතුරක් ලබාදිය යුතු බව කී ජනාධිපතිවරයා ඊට පිළිතුරු දෙන්නට අසමත් නම් තම වේදිකාවට පැමිණ මගේ දෙපසින්  දෙපසින් වාඩි වී සිටින්නැයි ඔවුන්ට පවසන බව ද  බවද සඳහන් කළේය.

ඉන්ධන ,ගෑස් ,විදුලිය ප්‍රශ්න යන ප්‍රශ්නවලට තමා මේ වන විට සාර්ථකව පිළිතුරු ලබා දී ඇති බව ද ජනාධිපතිවරයා කීය.

අද කටින් වැඩ පෙන්වන නායකයන්ට එදා ජනතාවගේ දුක තේරුනා  නම් ආණ්ඩු බලය ගෙන ඒ ප්‍රශ්න විසඳන්න තිබූ බව කී ජනාධිපතිවරයා තිබෙන ආණ්ඩුව ඉවත් වුනොත් එය බාරගන්නට  විපක්ෂ නායකට මෙන්ම විපක්ෂයේ සෙසු නායකයන්ට යුතුකමක් තිබෙන බව සඳහන් කළේය.

රට ආර්ථික අතින් අන්තයටම අද වැටුණු මොහොතේ සජිත් අනුර ඇතුළු විපක්ෂයේ සෙසු නායකයන් සිටියේ කොහේද යන ප්‍රශ්නයට වහා පිළිතුරු දිය යුතුව ඇතැයි කී ජනාධිපතිවරයා ඊට පිළිතුරු දෙන්නට බැරි නම් ඔවුන්ට මැතිවරණයට ඉදිරිපත් වීමට කිසිදු සදාචාරාත්මක අයිතියක් නැතැයි පැවසීය.ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසූයේ අනුරාධපුර සල්ගාදු පිටියේ පැවැති ජනපතිවරණ මංගල ජනරැළිය අමතමිනි.

අනුරාධපුරයට ඇදහැලුණු මහ වැසි නොතකමින් ජනතාව සංගාදු පිටියට ඒකරාශී වී සිටිනු දැක ගත හැකි විය.

හිටපු අමාත්‍ය ජීවන් කුමාරතුංග මහතා ද මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීම සඳහා එක්වීම විශේෂත්වයක් විය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ,සමගි ජන බලවේගය, එක්සත් ජාතික පක්ෂය ඇතුළු බොහෝ දේශපාලන පක්ෂ නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇතුළු අති විශාල පිරිසක් මෙම ජනරැළියට සහභාගී වූහ.
 

ඡායාරූප - ළහිරු හර්ෂණ



අදහස් (21)

’මිනිස්සු අමාරුවේ වැටුනාම සජිත්-අනුර හැංගුන තැන වහා හෙළි කරන්න’

Palitha Saturday, 17 August 2024 06:48 PM

ඔබතුමාට ජය.

:       39       121

Prabha Saturday, 17 August 2024 06:50 PM

රට නෙමෙයි ගොඩ දැම්මේ හිරේ හිටපු හොරු රැළ

:       109       49

Lakmal Saturday, 17 August 2024 06:54 PM

දුන්නා විසඳුම... පැට්‍රල් ගහන්න බෑ... සල්ලි නෑ. ගෑස් එක දෙගුණයක් වැඩියි. ලයිට් බිල දකිද්දී ඔබව මරන් කන්න හිතිලා තියෙන්නේ. එන්න නම් එපා ඡන්දෙ ඉල්ලන්න.

:       0       2

දමිත් අපොන්සු Saturday, 17 August 2024 06:56 PM

ඉන්ධන ගෑස් විදුලිය නැතිව ජනතාව දුක් විදින තැනට රට පත් කරපු නාමල් ඇතුළු රාජපක්ෂ කල්ලිය ගැන කතා කරන්න හොයා බලන්න ඕනේ නැද්ද? ඔයා ගිහිල්ලා නාමල්ගේ රැස්වීමේ නාමල් ගාවින් වාඩි වෙන්න. ජනාධිපති වෙලත් රාජපක්ෂලාට කඩේ යන අපූරුව. ලැජ්ජයි ... ආවා මෙතැන සජිත්-අනුර හැංගුණු තැන හොයන්න.

:       0       2

සුපුම් චාමර Saturday, 17 August 2024 07:06 PM

මේකට කවුරු හරි කියලා දියන්කෝ.... සජිත් හැංගුනාට අනුර හැංගුනේ නෑ. ගෝඨාභය පැන ගිය පසු පාර්ලිමේන්තුවේ පැවැති ජනාධිපති තෝරන ඡන්දයට අනුර ඉදිරිපත් වුණා. හොරු 134ක් ඔවුන්ගේ ආරක්ෂව සඳහා නාකි සීයාව තෝරාගත්තා. අවුරුදු 2කට පෙර සිදුවීමක් මතක නැති නාකි සීයලාව. ගෙදර යැවීම මිනිස්සුන්ට බාරයි..

:       0       1

පොඩිඑකා Saturday, 17 August 2024 07:09 PM

මිනිස්සු ඉබේ අමාරුවේ වැටුනේ නැහැ. පුළුවන්නම් ඉස්සෙල්ලාම මිනිස්සු අමාරුවේ දාපු අයගේ නම් ටික කියලා ඉන්න...

:       0       1

රෙක්ස් Saturday, 17 August 2024 07:15 PM

අනුර සහ සජිත් විවෘතව අරගලයට සහාය දුන්නා. පිං ජනාධිපතිකම බාරගත්තා ඇරෙන්න ඔහේ කරපු එක දෙයක් කියන්න බලන්න. බැරි නම් කලිසම ගලවලා ඔලුවේ බැඳගන්න.

:       0       2

Sanath Saturday, 17 August 2024 07:16 PM

මේ බොරුව සමාජගත කිරීම වහාම නවත්වන්න​. අනුර ට අගමැතිකම බාරගන්න කියලා ගෝටා ඉල්ලීමක් කරේ නෑ. සජිත්ගෙන් ඉල්ලුවා කියලා විතරයි ගෝඨාභය කියන්නේ.

:       0       1

sena Saturday, 17 August 2024 07:26 PM

සිලින්ඩර් සීයා බොරු කියන්නේ අනුරට අඬගැහැව්වේ නැහැ කියලා ගෝඨාභයගේ පොතේ තියෙනවා....

:       88       67

විපරමා Saturday, 17 August 2024 07:30 PM

දූෂිත පවුල් පාලනේ අයට විස්වාසවන්තම කෙනා රනිල් නිසා ගෝඨාභයගේ ධුර කාලය පුරවන්න රනිල්ට බාර දුන්නා. ඇත්ත ඒකයි. රනිල් කොහොමටත් දිව දෙකේ කතා කියන කෙනෙක් කියලා අමුතුවෙන් කියන්න ඕනේ නැහැ.

:       85       59

GDS Bandara Saturday, 17 August 2024 07:33 PM

හොරු රැල එකට එකතු වෙමින් පවතී...!

:       82       56

මැක්ස් Saturday, 17 August 2024 07:37 PM

ඔබත්, ඔබ නම් සඳහන් කළ බියගුල්ලන් දෙපළත් එදා රට වැටුණු තත්වයට වගකිව යුතුයි. එදා ඔබ ගෝඨාභය මහතාට බාර දුන්නේ බංකොළොත් රටක්. ඩොලර් සංචිත සීඝ්‍රයෙන් හිඳෙමින් පැවතුණු රටක්. ඒ පිටට ආ කොරෝනා සන්නිපාතයට මුහුණ දෙන්නට වුනේ යටින් හිලක් තිබූ (උමා ඔයේ මෙන් නොවේ) භාණ්ඩාගාරයක් සහිතවයි. අරගල විහිළුවේද පළමු කුඩාරම ගැසුවේ ඔබ පක්ෂයෙන් බව වජිර අබේ මහතා කීවා. සජිත් සහ අනුර යනු ඔබගේම ගෝලයින්. ඔවුන් බියසුලු, ප්‍රශ්නයක් ආ විට පසුපසට දුවන පුස්සන් බවත් ඔබ තරම් හොඳින් දන්නා වෙනත් කෙනෙක් නැහැ. එම නිසා ඔවුන් හැඟුනේ කොතැනද යන වගත් දන්නේ ඔබ මිස අප නොවේ..!

:       35       24

ජොන්ටි Saturday, 17 August 2024 07:41 PM

ඉන්ධන, ගෑස්, විදුලිය නැතිව ජනතාව දුක් වින්ද කාලයේ ඔවුන් බේරා ගැනීම සඳහා ඉදිරිපත් නොවී සැඟවී සිටියේ කොහේදැයි යන ප්‍රශ්නයට පිළිතුරු දෙන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අනුරාධපුරයේදී අද (17) අභියෝගයක් කළේය. ඉන්ධන, ගෑස්, විදුලිය ප්‍රශ්න යන ප්‍රශ්නවලට තමා මේ වනවිට සාර්ථකව පිළිතුරු ලබා දී ඇති බව ද ජනාධිපතිවරයා කීය. "ඉතිං ඔය ප්‍රශ්න ඇතිවුනේ අපේ වැරැදි හින්දාද?

:       90       45

නටන්න බැරි එකාට පොලව ඇදයි ලු Saturday, 17 August 2024 07:45 PM

ඔවුන් හැංගුනේ ඔක්කොම හොරු කියන සරල වාක්‍ය අස්සේ. මොවුන් දෙන්නා දන්න ආර්ථික විද්‍යාවක් නෑ. ඔවුන් දෙන්නාගේ මහා ආර්ථික විද්‍යා උපදේශකවරු වෙන මහාචාර්ය හර්ශ කියන එකයි, ඊලෝන් මස්ක් කියන්නේ ආර්ථික ඝාතකයෙක් කියපු එකයි, මොවුන්ට කියලා තියෙනවා මේ වෙලාවේ නම් මේක ගන්න එපා, ගත්තොත් කරගන්න බැරුව චොර වෙන්න වෙනවා කියලා. ඒ පාර ඔවුන් කිව්වා මේ හොරුත් එක්ක මේක කරන්න බෑ කියලා. ඒ නිසා රනිල් ගත්තා, ඔය ඒ හොරු කියන අය එක්කම කරලා පෙන්නුවේ. මොවුන් බලයට ආවොත් බඩුම තමයි. සජියයි අනුරයි ඔවුන්ගේ ගෝලයෝ රොත්තයි ආවොත් මහදැනමුත්තා 3 බලාගන්න පුළුවන්... !

:       58       107

lakvidu Saturday, 17 August 2024 09:54 PM

ඊට කලින් වට්ටපු එවුංගෙ නම් ටික වත් කියල හිටියනං...! උංට කරන දේත් කිව්වොත් හොදා...!

:       0       1

Palitha Sunday, 18 August 2024 12:39 AM

ඔබතුමාට ජය...!

:       0       0

Nishan Sunday, 18 August 2024 04:51 AM

සජිත් නම් ගෙදර ඇඳ යට හැංගිලා ඉන්න ඇති. අනුර නම් ඇමරිකන් තානාපති කාර්යාලයේ හැංගිලා ඉන්න ඇති...

:       0       0

Nishan Sunday, 18 August 2024 05:00 AM

රටක් අමාරු තත්වෙකට වැටුණාම, මොන යම් හේතුවක් උඩ, සමහර විට වසංගත තත්වයක් වෙන්න පුළුවන්, යුද තත්වයක් වෙන්න පුළුවන්, ලෝක ආර්ථික ප්‍රවණතාවක් නිසා වෙන්න පුළුවන් ඉදිරියට ඇවිත් ඒ අභියෝගයට මුහුණ දීලා රටේ ජනතාව බේරගන්න එඩිතර කමක් විතරක් නෙවෙයි... දක්ෂ කමක් වගේම ලොකු පිනක්. ඒ දේ කරන්න හැමෝටම බෑ. උඩ කයිවාරු ගහපු ජෙප්පෝ හැමදාම කලේ හැංගිලා ඉඳන් ගල් ගහන එක. ඒ අතින් ඔබ සිංහයෙක් ජනාධිපතිතුමනි....!

:       0       0

pakeer Sunday, 18 August 2024 06:37 AM

රට වැට්ටුවේ තමාගේ පන්තියේම ඉන්න අනිත් හොරු රැළ... තමන්ලා අනිත් අයට කතා කළේ කොන්දේසි දාගෙන... ඒ මිනිස්සුන්වත් මේ ඉලව්වට පටලවන් ... දැන් නිකන් රට බේරාගන්න බොරු ලේබල් ගහගන්න එපා. තමා දැන් බලයේ ඉන්නේ අවුරුදු 40ක විතර ඉඳන් මේ මැරෙන්න වලපයයි, ගොඩපයයි තියාගෙන දැන්ද රට හදන්න මතක් වෙලා තියෙන්නේ?

:       0       0

සිලින්ඩර් පප්පා Sunday, 18 August 2024 10:57 AM

සිලින්ඩර් පප්පා නමින් දේශපාලන වේදිකාවේ සිටින්නේ පරණ හම්පඩ හොරු රැළේ නායකයා බව ඔබ දන්නෙහිද? සිලින්ඩර් පප්පා ගොඩ දැම්මේ හොරු ටික මිසක් රට නොවන බව ණය ගෙවන්න වූ විට වැටහේවි

:       0       0

Sugath Sunday, 18 August 2024 02:16 PM

එක්කෙනෙක් සූරියකන්දේ, තව කෙනෙක් මහ බැංකුවේ හැංගුණා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1100 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1124 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 424 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site