IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


මිනිසුන් ගසා කන අලුත්ම සූත්තරයක්

ජංගම දුරකතන සමාගම් නියෝජිතයන් සේ පෙනී සිටිමින් රන් භාණ්ඩ හා වාහන ලොතරැයි දිනා ඇතැයි පවසා මුදල් ගරන කල්ලියක් ගැන පොලීසියට තොරතුරු ලැබී තිබේ. තෑගි ලබා ගැනීමේ ලියාපදිංචි ගාස්තුව ලෙස රුපියල් 500 සිට 150000 දක්වා මුදල් ඉල්ලා එස් එම්එස් කෙටි පණිවුඩ යැවීමෙන් මේ ජාවාරම සිදු කරතියි කියති. මෙවැනි පණිවුඩයක් ලැබුණු ගලේවෙල අයෙකු රුපියල් 140000ක් බැංකු ගිණුමකට බැර කර ඇත. කහවත්ත අටකලම් පන්නේ කතක එවෙලේම ඒ මුදල් බැංකුවෙන් ගෙන ඇතැයි පොලීසිය කියයි.



අදහස් (0)

මිනිසුන් ගසා කන අලුත්ම සූත්තරයක්

කමල් Thursday, 13 December 2012 03:52 PM

ලෝකෙ හැමතැනම ඔය සෙල්ලම තියෙනවා.. කල්පනාකරන්නෙ නැති මිනිසුන් තමයි මේවට අහුවෙන්නෙ..!(නු)

:       0       0

හේමසර Friday, 14 December 2012 01:21 PM

අහුවෙන්න නම් එපා ඔන්න. (නි)

:       0       0

පාලිත Thursday, 13 December 2012 03:57 PM

මේ අයව නීතියේ රුහැණට අසුකරගන්න ඕන..!(නු)

:       0       0

රුවන් Thursday, 13 December 2012 03:58 PM

හොද බුද්ධිමතුන්ටත් මේ වගේ බොරැ කරන අය නිසා තැනක් නැතිව යනවා..!(නු)

:       0       0

සිල්වා තබුක් Thursday, 13 December 2012 03:59 PM

අනේ මෙහෙම ආසාවක්.. අනේ මෙහෙම තන්හාවක්.. මිනිසුනි ලැබේද මින් සැනසීමක්..!(නු)

:       0       0

ගාමිණි Thursday, 13 December 2012 04:07 PM

මෙහෙමත් මිනිසුන් ඉන්නවානෙ..!(නු)

:       0       0

විදුර Thursday, 13 December 2012 04:04 PM

පුදුම දේවල් තමයි තත්පරෙන් තත්පරේ සිදුවෙන්නේ.. මේ ගැන ඉක්මනින්ම සොයා බැලිය යුතුයි..!(නු)

:       0       0

රත්න Thursday, 13 December 2012 04:21 PM

තෑග්ගක් ගන්න ලියාපදිංචි ගාස්තු ගෙවන අයත් ඉන්නවාද? ඊටත් කෙටිපණිවිඩ, ඊ.මේල් වලට? මේ ජාවාරම පටන් ගත්තේ අප්‍රිකානු රටවල් වලින්, ඊටපස්සේ මැද පෙරදිගත්, පකිස්ථානයත් කේන්ද්‍ර කරගෙන ව්‍යාප්ත වුණ. පුදුම විදිහට මිනිස්සු මුලාවෙන්නේ. මුග්ධ කම , තන්හාව තමා මුල. (නු)

:       0       0

තිලක් Thursday, 13 December 2012 11:51 PM

දවස් දෙකකට උඩදී මට ඩොලර් මිලියන 1.5 ක් ඇදිල කියල පණිවිඩයක් ආව. මම යාලුවන්ටත් පෙන්නලා මකල දැම්ම. මේවට අහු වෙන අයත් ඉන්නවා ඇති. (ස)

:       0       0

පාරා Thursday, 13 December 2012 11:51 PM

ඩුබායි වල ඔය වැඩේ ජයටම කරනවා (ස)

:       0       0

උපුල් Friday, 14 December 2012 12:00 AM

මෝඩ කමට බෙහෙත් නෑලු (ස)

:       0       0

සමන් රොහාන් රණසිංහ Thursday, 13 December 2012 04:29 PM

මටත් ඔය වගේ ඒවා ආවා හොර වංචා කාරයන්ගෙන් වාහන ලොතරයි මට ඇදිලා කියලා එංගලන්තයේ සිට මම ඒ ගමන ජ්ර්මණියේ ඒ සමාගමට හොරැ ටික අල්ලා දුන්නා.

:       0       0

කිත්සිරි Thursday, 13 December 2012 04:51 PM

140000ක්? අනුවන කමට බෙහෙත් නැහැනේ... එත් බැංකු ගිණුමක් හරහා වංචාව කළ නිසා අල්ලගන්න එක අමාරු වැඩක් නෙවෙයි නේ...(නු)

:       0       0

රොෂාන් Thursday, 13 December 2012 05:21 PM

මේවගේ අයට හොද වැඩේ..!(නු)

:       0       0

ධනු Thursday, 13 December 2012 05:59 PM

මේක ලංකාවෙ විතරක් නෙමෙයි ඩුබායි වලත් තියෙනවා..! (නු)

:       0       0

සමන් රොහාන් රණසිංහ Friday, 14 December 2012 09:08 AM

මටත් ඔය වගේ ඒවා ආවා, හොර වංචා කාරයන්ගෙන්. බී.එම්.ඩබ්ලිව් වාහනයක් ලොතරැයියකට මට ඇදිලා කියලා, ඒ සදහා වාහනය රටින් නිදහස් කිරීමට අවශ්‍ය බදු මුදල් සමග වාහනය නැව් ගත කිරීමට අවශ්‍ය සම්පුර්ණ මුළු මුදල දින දාහතරක් ඇතුලත හැකි ඉක්මනින් එවන ලෙසත්, එසේ නොවුණහොත් ත්‍යාගය අවලංගු වෙන බවත් බොහොම කරුණාවෙන් එංගලන්තයේ සිට ඉල්ලා එවා තිබුණි. මම ඒ ගමන සියළුම ලිපි ලේඛන සමග හොරු කල්ලියම, ජර්මනියේ බී.එම්.ඩබ්ලිව් සමාගමට අල්ලා දුනිමි. (නි)

:       0       0

රංජිත් Thursday, 13 December 2012 08:59 PM

මහ බැංකුවෙන් දමයි දැන්විම් අයියෝ සල්ලි (අ)

:       0       0

ප්‍රසන්න Thursday, 13 December 2012 10:11 PM

මේවගේ ලිපියක් මගේ ඊ-මේල් එකට ළගකදී ආවා එංගලන්තයෙන්, මට ඇමෙරිකා පුරවැසිභාවය හිමි ග්‍රීන් කාර්ඩ් ලොතරැයියක් ඇදිලා කියලා. ඒකට ලියාපදිංචි ගාස්තු වශයෙන් ඩොලර් 840ක් බදින්න කියලා. අන්තර් ජාලයේත් මෙවැනි වංචා සිදුවන නිසා ඔයාලා අන්තර් ජාල පරිහරණයේදීත් වඩාත් ප්‍රවේසම් වෙන්න කියා ඉල්ලා සිටිනවා. (නි)

:       0       0

පාලින්ද Thursday, 13 December 2012 10:30 PM

මෙහෙමත් සුත්තර කාරයෝ (දී)

:       0       0

පාලිත Thursday, 13 December 2012 10:36 PM

මිනිස්සු රවට්ටන්න එපා

:       0       0

උපාලි Friday, 14 December 2012 12:11 PM

මොළයක් නැති තණ්හාව පමණක් ඇති මිනිස්සු තමයි මුලාවෙන්නේ. (නි)

:       0       0

සමන් Friday, 14 December 2012 06:53 PM

මටත් ඔය වගේ ඒවා ආවා, හොර වංචා කාරයන්ගෙන් බී.එම්.ඩබ්ලිව් වාහන යක් ලොතරයියකට මට ඇදිලා කියලා, ඒ සදහා වාහනය රටින් නිදගස් කිරීමට අවශ්‍ය බදු මුදල් සමග වාහනය නැව් ගත කිරීමට අවශ්‍ය සම්පුර්ණ මුළු මුදල දින දාහතරක් ඇතුලත හැකි ඉක්මනින් මුදල් එවන ලෙසත්, එසේ නොවුන හොත් දින දාහතරක් ඇතුලත නැව්ගත කිරීමේ මුදල් ඇතුලු මුලු මුදලම නොලැබුණ හොත්, ත්‍යාගය එය අවලංගු වෙන බවත් බොහොම කරුණාවෙන් එංගලන්තයේ සිට ඉල්ලා එවා තිබුණි. මම ඒ ගමන සියළුම ලිපි ලේඛන සමග හොරු කල්ලියම, ජර්මනියේ බී.එම්.ඩබ්ලිව් සමාගමට අල්ලා දුනිමි. (ස)

:       0       0

ප්‍රසන්න Thursday, 13 December 2012 03:27 PM

අපේ රටේ අය ජංගම දුරකථන කිව්වාම ඇදගෙන ඉන්න ඇදුනුත් ගලවලා දෙයි..!(නු)

:       0       0

සමන් සම්පත් Thursday, 13 December 2012 03:34 PM

ආශ්චර්යය කියන්නේ ඕකට තමයි (නු)

:       0       0

ජානක Thursday, 13 December 2012 03:43 PM

මෙන්න පුවත්. මේවට අහු වෙන්න එපා.. ලංකාදීප ඔබට ස්තුතියි..! මෙවැනි ප්‍රචාර කරන්න ඕන..!(නු)

:       0       0

ගයාන් Thursday, 13 December 2012 11:04 PM

මෝඩයෝ තමයි ඕවට අහුවෙන්නේ. (ස)

:       0       0

අමිල රුවන් කුමාර Thursday, 13 December 2012 03:45 PM

ඇත්තටම කියනවනම් මේ වගේ ලොකු මුදලක් කිසිම හොයා බැලීමක් නොකරම ඒ විදියට බැංකු ගිණුමකට දාන අව ඉන්නවද කියල හිතෙනවා මේ ලංකාවේ.. මොලයක් කියල දෙයක් තියෙන්නේ කල්පනා කරන්න නෙවෙයිද පොඩ්ඩක් හරිවත් මේවට බෙහෙත් නැති නිසාම හොදයි ඉතින්...(නු)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 739 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 565 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site