ශ්‍රී ලංකා පාසල් කරාටේ සංගමය සංවිධානය කළ සමස්ත ලංකා පාසල් කරාටේ තරගාවලියේදී මිනුවන්ගොඩ ශ්‍රී රාහුල මහ විද්‍යාලයේ දිනුර ලක්‍ෂාන්, ඞී. ඒ. චනිකු කෙත්මල් සහ දේදුනු දෙව්යානි සිල්වා පදක්කම් දිනාගැනීමට සමත් වූහ.
වයස 8 න් පහළ කාතා බාලක ඉසව්ව නියෝජනය කළ දිනුර ලක්‍ෂාන් පළමු ස්ථානය දිනාගැනීමට සමත් විය. 2 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන දිනුර විදේශිය තරගාවලිවලට ද සහභාගි වූ ක‍්‍රීඩකයෙකි.
එම විදුහලේ 2 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන ඞී. ඒ. චනිකු කෙත්මල් වයස 6 න් පහළ බාලක කාතා ඉසව්වේ දෙවැනි ස්ථානය හිමිකර ගැනීමට සමත් විය. චනිකු මෙම වසරේදී සමස්ත ලංකා ජයග‍්‍රහණ රැුසක් ලබාගැනීමට සමත් විය.
මෙම තරගාවලියේදී වයස 14 ත් 15 ත් අතර වයස් කාණ්ඩය නියෝජනය කළ දේදුනි දෙව්යානි සිල්වා බාලිකා කාතා ඉසව්වේ තෙවැනි ස්ථානය හිමිකර ගත්තාය.
මෙම ක‍්‍රීඩකයන්ගේ පුහුණුකරු ලෙස ෂොටෝකාන් කරාටේ සංගමයේ ජාත්‍යන්තර කළුපටි 3 ශ්‍රේණිය ලාභී අරෝෂ් ප‍්‍රදීප් නිශ්ශංක මහතා කටයුතු කරයි.
මිනුවන්ගොඩ ශ්‍රී රාහුල මහ විද්‍යාලයේ විදුහල්පති උපාලි සෝමසිරි මහතාගෙන් සහ කරාටේ ක‍්‍රීඩා බාර ආචාරිනි දේවිකා පෙරේරා මහත්මියගෙන් ලැබෙන සහයෝගය මෙම ජයග‍්‍රහණ සඳහා දැඩි බලපෑමක් කළ බව ක‍්‍රීඩකයෝ පවසති.
2025 දෙසැම්බර් මස 04
789
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
584
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
463
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මිනුවන්ගොඩ ශ්‍රී රාහුල මහ විදුහලේ දිනුර-චනිකු-දේදුනු කරාටේ ජය ලබති