IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


මානව හිමිකම් කොමිසම වැලිකඩ කැරැල්ල පිරීක්සයි

සිරකරුවන් 27 දෙනකු මරා දැමූ වැලිකඩ බන්ධනාගාර කැරැල්ල ගැන පරීක්ෂණයක් පැවැත්වීමට මානව හිමිකම් කොමිසම සැරැසෙයි. කොමසාරිස් ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා  පැවැසූයේ  සිරගෙදර ජ්‍යෙෂ්ඨ නිලධරයන් කොමිසම හමුවට කැඳවන බවයි. සිරකරුවන්ගේ ආරක්ෂකයන් ද ඔවුන් සිය රාජකාරීය හරියට නොකළ බව පෙනේ යැයි  ඔහු කියයි. දරුණු ගණයේ අපරාධකරුවන්, කුඩුවලට ඇබ්බැහි වූවන් හා සිරකරුවන්ගෙන් රිමාන්ඩ් සිරකරුවන් වෙන් කොට තැබීමේ කාලය ළඟා වී ඇතැයි ද ඔහු කියයි.



අදහස් (0)

මානව හිමිකම් කොමිසම වැලිකඩ කැරැල්ල පිරීක්සයි

ලලිත් Tuesday, 13 November 2012 01:22 PM

අනේ ඉඩ දෙන්න . ලොකු ඉල්ලමක් මෙයාලටත් ලැබෙන්න යන්නේ (ස)

:       0       0

රංජිත් Tuesday, 13 November 2012 07:46 AM

අනේ මගේ කට... (නි)

:       0       0

පිටිගල මිලානෝ Monday, 12 November 2012 05:57 PM

මැරුණු සියල්ල අනෙක් අයගේ මානව හිමිකම් උල්ලංඝණය කරපු අයයි.. මේ කොමිසම මොකටද ඒ අයගේ හිමිකම් හොයන්නේ..?(නු)

:       0       0

රජිත් Monday, 12 November 2012 06:22 PM

පාතාල වැඩ හින්දා මානව හිමිකම් නැතිවෙච්ච අය ගැන හොයන්නේ නැද්ද දන්නෙ නැහැ? (නි)

:       0       0

සිල්වා තබුක් Monday, 12 November 2012 06:18 PM

මෙවන් විනාශකාරී අවි භාවිතය තුල අනපේක්ෂිත ප්‍රහාරයක් එල්ලවීමේදී ඇතිවන තත්ත්වයන් පිළිබද නිවැරදි තක්සේරුවක් කළ නොහැක..!(නු)

:       0       0

හරේන්ද්‍ර Tuesday, 13 November 2012 08:42 AM

සුද්දන්නේ කාලෙ හදපු හිරගෙවල් අද හොදටම ඉඩ මදි.. රටේ හැමෝම කැමති මේ අපරාධකරුවන් මරලා දානවාට.. නඩු අහලා මේ අයව පිළිගත්ත ක්‍රමවේදයක් තුල දඩුවම් දෙන්න.. අපරාධකරුවන්ටත් මරණීය වේදනාව දැනෙන්න..!(නු)

:       0       0

නිමල් Tuesday, 13 November 2012 09:00 AM

මේ විදියට හමුදාවත් එක්ක වෙඩි තියාන මැරුණම අපරාධකාරයන්ට මරණ දඩුවම දෙන්නෙ නැද්ද? ඔවුන් දින නියම කර එල්ලා මැරිය යුතුයි.. එවිට ඔවුන්ට මරණ බිය දැනෙයි.. ක්ෂණික මරණ ඔවුන්ට උරුම නැත..!(නු)

:       0       0

මාලක Tuesday, 13 November 2012 09:02 AM

මරණ දඩුවම ඇමරිකාවෙ මැද පෙරදිග චීන ඉන්දුනීසියාවෙ කැනඩා ඇෆ්රිකාවෙ ලෝකෙ ගොඩක් රටවල පාවිච්චි කරයි.. අපි නොකරන්නෙ..?(නු)

:       0       0

නලීන් Tuesday, 13 November 2012 09:03 AM

මානව හිමිකම් කොමිසම මේ සූදානම් වෙන්නේ අපරාධකරුවන්ට කොලේ වහලා ගහපු නිසා.. ඇයි දන්නෙ නැහැ මේ අයට නීත්‍යානුකූලව එල්ලුම් ගහ ක්‍රියාත්මක නොකරන්නෙ..?(නු)

:       0       0

දිමුතු Tuesday, 13 November 2012 09:09 AM

මෙයාලා අතින් මැරුම් කෑව.. දූෂණ්‍ය උන දේපල අහිමි උන මිනිසුන්ට මානව හිමිකම් තිබුණෙ නැද්ද? නැත්නම් ඒය මානවයො නෙවෙයිද?(නු)

:       0       0

කමල් Monday, 12 November 2012 06:58 PM

හිරකරුවන්ට අපරාධකරුවන්ට සැප දෙන්නද කියන්නේ.!(නු)

:       0       0

නිලන්ත Tuesday, 13 November 2012 09:31 AM

යෝනු, ඇත්ත තමයි. ඔය මානව හිමිකම් කියන දේ දැන් අපේ රටට කරදරයක් වෙලයි තියෙන්නේ. (නි)

:       0       0

සමාධි Tuesday, 13 November 2012 10:14 AM

ඒක හරිම විනෝද ජනකයි.. ගොඩක් මිනිසුන් හිතන්නේ මිනිසුන් මරණ එක විසදුමක් කියලාද? අපි සමාජකරණයේ අදුරු පැතිකඩකටද යන්නේ..?(නු)

:       0       0

සදුන් Monday, 12 November 2012 09:21 PM

අපේ රටට අපකීර්තියක් නොවන ලෙස..!(නු)

:       0       0

ගාමිණි Monday, 12 November 2012 09:44 PM

අනේ කරුණාකරලා තියෙන වැඩක් බලාගන්න. (නි)

:       0       0

යෝනුසලවි Monday, 12 November 2012 10:13 PM

මොවුන් විසින් ඝාතනය කරන ලද හා දේපළ සොරා ගැනීම් සම්බන්ධයෙන් මේ කොමිසම මොකක්ද කළේ? දරුවාව කොනිත්තලා තොටිල්ල හොලවන්න එපා.මෙම ක්‍රියාව 100% නිවැරදියි. මෙවැනි මෙහෙයුම් දිගින් දිගටම සිදුවේවායි කියා ප්‍රාර්ථනා කරමි. අද වතුපිටිවල ඝාතනයක්...මේ කුමක් සදහාද? මෙම ඝාතකයන්ට දෙන දඩුවම? තොටිල්ලේ දමා නැලවීමද? (නි)

:       0       0

ජගත් Tuesday, 13 November 2012 12:36 PM

මේ වගේ අය මැරුණෙ නැත්නම් රට හදන්න බැහැ.. මේ අය කවදාවත් හැදෙන්නෙ නැහැ.. මෙහෙම තමයි කරන්න ඕන.. මම අහලා තියෙන කතාවක් සිංගපූරුවෙ ජනාධිපති කෙනෙක් මුලින්ම ආවාම පාතාලයේ සියළුදෙනාම රැස්වීමක් තියලා මරලා දැම්මාලු..!(නු)

:       0       0

තරුෂ Tuesday, 13 November 2012 12:53 PM

කන්න ඕනෑ වූ විට කබරගොයා හරි තලගොයා කියයි. අපරාධකරුවන් ආයුධ අරගන්නා විට සිල් ගන්න කියනවා වෙන්න ඇති. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 740 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 565 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site