මන්නාරමේ තිරුකේතීස්වරන් සමූහ මිනී වලට ආසන්නයේ පිහිටි පාළු ළිදක කළ කැනීම්වලදී මිනිස් ඇටසැකිලි කොටස් බවට සැක කෙරෙන අස්ථි කොටස් දෙකක් හමුවූ බව මන්නාරම පොලීසිය පවසයි.
මන්නාරම ස්වේච්ඡා සංවිධාන කීපයක් එම ළිඳෙහි ඇටසැකිලි ඇති බවට සැක ඇතියි කියමින් මන්නාරම දිසා අධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කිරීමෙන් පසුව මන්නාරම් මහෙස්ත්‍රාත් ඒ.ජී. ඇලෙක්ස්රාජා මහතාගේ නියෝගය පරිදි කැනීම් කටයුතු අරඹා ඇත.
මන්නාරම දිසා අධිකරණයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ වී. රාජකුලේන්ද්‍රන් මහතා කියා සිටියේ කැනීම් කටයුතු අවසන් වන තුරු ඒ සම්බන්ධයෙන් කිසිවක් පැවසීමට නොහැකි බවයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෙසේ නමුත් ජාත්‍යන්තර ප්‍රජාව ලංකාවට විරුද්ධ වීම තමයි වෙන්නේ. (ම)
මැරිලත් නිදසසේ ඉන්න නැහැ (ම)
යුද්ධය කාලයේදී වළලපු මිනිස් සිරුරු වෙන්න ඇති.(හේ)