තංගල්ලේදී රිය අනතුරකට ලක්වූ එජාප මන්ත‍්‍රී දිලිප් වෙදආරච්චි මහතා මාතර රෝහලේ සිට කොළඹ ජාතික රෝහලට මාරු කරනු ලැබීය. ඔහුගේ රියෙන් බෝර දොළහ තුවක්කුවක්, උණ්ඩ 11ක්, රිවෝල්වරයක්, උණ්ඩ හයක් හා ගංජා ග‍්‍රෑම් තිස් හයක් සොයා ගත් බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප‍්‍රිශාන්ත ජයකොඩි මහතා කියයි. අනතුරෙන් පසුව වාහනය පිරික්සීමේදී ඒවා සොයා ගත් බව ද පොලිසිය කියයි.