ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මොහාන් පී. ද සිල්වා මහතාත් තවත් නීතීඥවරයකු සහ ඇමති ආරක්ෂක අංශයේ යැයි සිතිය හැකි කිහිප දෙනකු තමන්ට පහරදුන් බව පවසමින් නීතීඥ තුෂාර ද සිල්වා මහතා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත්ව ඇත. ඒ මහතා පවසන්නේ ගාල්ල ශ්‍රී ලංකා නිදහස් නීතීඥ සංගමයේ නිලවරණය පැවති අවස්ථාවේදී තමන් කරුණු දක්වද්දී මෙලෙස පහරදුන් බවයි.
මන්ත්‍රී මොහාන් පී. ද සිල්වා මහතාගෙන් ඇසූ විට ඔහු කීවේ තමන් ඔහුට පහර නොදුන් බවයි. එහෙත් නීතීඥයන් පිරිසක් ඔහු අසළ සිටි බවත් එසේ වූයේ කවර හේතුවක් නිසාදැයි සොයා ගැනීම සඳහා ඔහු එම අවස්ථාවේ වෛද්‍ය පරීක්ෂණයකට ලක්කළ යුතුව තිබුණායැයි ද තමා වෛද්‍යවරයකු නොවූවත් ඔහු සිටි තත්ත්වය ගැන අවබෝධයක් ඇතැයි ද මන්ත්‍රීවරයා කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රශ්න නැතිවට ප්‍රශ්න (දී)
අසන්නා සිහි බුද්දියෙන් ඇසිය යුතුයි (දී)
නන්දන, සේනාවට අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. අවශ්‍ය තැන එයාලා වෙලාවට ඉන්නවා. (නි)
හරියට එයා මට ගැහුවා, මට එයා ගැහුවා වගේනේ. (නි)
අනේ මන්දා (දී)
කවුරු වුණත් බොරු කියන්න නම් හොද නැහැ. (දී)
එහෙන් මන්ත්‍රීලා, ඇමතිලා අපිට ගහනවා. අරහෙන් බඩු මිළ ගහනවා. (නි)
කෝ කෝ උද්ගෝෂන (ස)
පුතාලා ගැහුවනම් කොළු කමට වෙන්න ඇති (ස)
අපි අපේ සේනාවට කියමු. (නි)
දේශපාලඥයින් මීටවැඩිය සංවර වියයුතුයි. (නි)
අපි පුංචි කාලෙත් ඇහුවා මෙහෙම කතා... (නි)
දැන් බලනකොට ලංකාවේ අපරාධ කරන්නෙම දේශපාලකයොනේ. (නි)
සාධාරණය ඉෂ්ට කරන්න (දී)
අනේ මන්දා! ලංකාවට මොනවා වෙලාද මන්දා? (නි)
අපිට මේකේ මොකුත් ලියන්න බැහැ. මොකද එයාලට මේවා හරි ඉක්මණට අමතක වෙනවා. (නි)
කැලෑ නීතියට රජ කරන්න දෙන්න එපා (දී)
සාක්කි තියෙනවාද (දී)
ගණන් ගන්න එපා (අ)
මම ගුටි කෑවමයි කීවානම් තර්කය හරි (අ)
ඔහු එසේ කරන කෙනෙක් නෙමෙයි. ඔහු බුද්ධිමතෙක්.(නදී)