ශ්රී ලංකා නීතිඥ සංමයේ සභාපති හා එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී විජයජදාස රාජපක්ෂ මහතාගේ නිවෙසේ වෙඩි පහර සම්බන්ධයෙන් 20 දෙනකුගෙන් පමණ ප්‍රකාශ සටහන් කර ගත් පොලිසිය ඔහුගේ ආරක්ෂකයන් දෙදෙනාගේ අවි පරීක්ෂණ සඳහා අත‍්අඩංගුවට ගත්තේය. ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රෝෂාන් ප්‍රනාන්දු මහතා බ්‍රහස්පතිනදා රාත්‍රී 11 පමණ වන තුරැ එහි රැඳී සිටිමින් පරීක්ෂණ මෙහෙය වීය. ඇඟලි සලකුණ ද ගත් පොලිසිය රජයේ රස පරීක්ෂක බ්‍රහස්පතින්දාම කැඳවීය ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයට එදිනම කරැණු වාර්තා කෙළේය.
1
“නැවෙන් කටට” දැන් හරහට
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලමු අල්ලයිද කියලා. (නි)
ඔය අහුවෙන්නේ ටික ටික .බලමුකෝ. (නි)
කවුරුහරි කියයිද දන්නෙ නැහැ මේ තුවක්කුවක් ආරක්ෂකයිටත් හොරෙන් ඇවිත් බිත්තියට වෙඩි තිබ්බා කියලා. නැත්තම් කියයි තුවක්කුවට රතිඥ්ඥ දාලා වෙඩිතියලා කියලා. (නි)
කොහොම හරි කන්මක් නැහැ මේ දේ කල කට්ටිය හොයා ගන්න (දී)
මම මොකුත් කියන්න උත්සාහ කරන්නේනැහැ (දී)
මේකට කොමිසමක් පත්කළොත් හොද නැද්ද? (නි)
අයියෝ සල්ලි
ළගදිම දැනගන්න පුළුවං වෙයි..!(නු)
තව ටික දවසකින් අල්ලගනීවි. (නි)
අන්තිමට මොනවා වෙයිද දන්නෙ නැහැ. (නි)
දේශපාලනය ගෑවුණු කිසිම අපරාධයක් පොලිසියට අවසන් කරන්න බැරිවුණා. බලමු මේකට මොකද වෙන්නෙ කියලා. (නි)
දැන් පරීක්ෂණ කටයුතු අවසන්ද? (නි)
කියන්න බැහැ. අර කවුද තමන්ටම ගහගත්තා වගේ මේගොල්ලොත් මොකක්හරි කළාද කියලා. (නි)
මගේ දෙයියනේ! දැන් ඊළගට මොනවා වෙයිද? (නි)
එක්කෙනෙක් ඉන්නවා. එයාගේ බෑග් එක නම් අනිවාර්යයෙන් පරීක්ෂා කරන්න ඕනෑ. (නි)
මේ දේවල් කරන්නේ කවුද කියලා ජනතාව දන්නවා. (නි)
ආශ්චර්යමත් ලංකාව... (නි)