රුපියල් තිස් තුන් ලක්ෂයක් පැහැර ගැනීම සඳහා ව්‍යාපාරිකයකු මරා නානුඔය කැලෑවක සිරුර දැමූ බව කියන කොටිකාවත්තේ මෙහොමඩ් යුසුප් මෙහොමඩ් යස්මි යළි රිමාන්ඩ් කරන ලෙස කොළඹ කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් රශ්මි සිංගප්පුලි මහතා නියෝග කෙළේය. උගස් කළ රන්බඩු බේරා යළි විකිණීමේ ව්‍යාපාරයක යෙදී සිටි සින්නදුරේ විග්නේශ්වරන් දෙමළ සංධානයේ වන්නි පර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙයිකල නාදන් මහතාගේ සහෝදරයෙකි. පැහැරගත් මුදලින් රුපියල් ලක්ෂ 23ක් තම බැංකු ගිණුමේ තැන්පත් කළ සැකකරු ඉතිරියෙන් ණය තුරුස් ගෙවා ඇත.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොමද මෙතරම් මුදලක් ගිණුමකට දාන්නෙ? මේ හේතුව නිසා තමයි රටේ මෙතරම් අපරාධ සිද්ධ වෙන්නෙ. (නි)
මෙවැනි අයෙක් ශිෂ්ටසම්පන්න සමාජයකට නොසුදුසු අයෙක් ලෙසයි මම නම් දකින‍්නේ. එහෙයින් නීතිය හරහා උපරිම දඩුවම ලබාදිය යුතුයි. (නි)
අයවැය, ණය - බැංකුවට ජීවිතය - මිනීමරුවන්ට.... (නි)
මිනිසුන්ට උසුලන්න බැරි තරම් ජීවන බරක් දෙන්නේ රජයෙන් නිසා, මේ වෙන දේවල් වලට වගකියන්න ඕනැත් රජයමයි නේද? (නි)
ජාතිවාදයක් වැඩක් නැහැ මෙතෙන්ට. ඇත්ත හැමෝම දන්නවා. කුඩු ගේන්නේ මුස්ලිම් අය. කුඩු බොන්නේ සිංහල අය. (නි)
රත්න ඔබේ කියමන 100% හරි, දේශපාලනය ගෑවුනොත් හොයනවා බොරු (ස)
කොච්චර කිවුවත් අහන එකක්යැ? (නි)
ඕවට හම්බවේවි ලඟදිම (ස)
පොලිසිය මිනීමරුවන් අල්ලලා දුන්නට ඔවුන්ට දඩුවම් නොදී අවුරුදු ගණන් නඩු පමා වෙනවා. (නි)
අපරාදේ. අහවල්ලුන්ගෙ ගිණුමට දාන්න බැරි වෙලා. (නි)
මොනවා වුණත් ඒ කට්ටිය කොහොමත් ව්‍යාපාරවලට දක්ෂයි. (නි)
ගෙවිය යුතු ප්‍රධාන කොටස ගෙවා නැත. (නි)
මේක එක මරණයක් පමණයි. කහවත්තේ මරන්නෙ කවුද ? ගාල්ලේ ගිය සතියේ හතරදෙනෙක් මැරුවෙ කවුද ? (ස)
කහවත්ත පැත්තේ කෙනෙක්ද? (නි)
මෝඩයා නොවී ගිණුමට දාපු සල්ලි වලින් ටිකක් ඇයි අවශ්‍ය තැන් වලට වියදම් නොකළේ? එහෙම නම් කන් ගෑට්ටෙක් අද හිරේනෙ. (නි)
අපිත් අපේ කට පරෙස්සම් කරගනිමු. (ස)
හරියට ජේ.වී.පී. කාලෙ වගෙයි. (නි)
අපේ පොලීසිය, වෙන හැම මිනී මැරුමක්, හොරකමක්, තර්ජනය කිරීමක් දවසින් දෙකින් අල්ලනවා.( ආචාරය ) ඒත් දේශපාලනය ගෑවුණු මරණ, පහරදීම්, හොරකම් වගේ සිද්ධි හැම එකක්ම "හඳුනාගත නොහැකි" හෝ "X ෆයිල්" යටතට දානවා, නැතිනම් "ගැට්ටෙක්" දාගෙන රවුමේ යනවා. (නි)