වඳුරඹ ගුළුගහකන්දේ සුමේධ ධර්මායතනයේ අද (27) ධර්මදේශනාවක් සඳහා සහභාගිවීමට මාධ්‍යවේදීන්ට ඉඩ නොලැබිණී. එහි බණ ඇසීමට වාහන සිය ගණනකින් පිරිස් ආහ. එම ස්ථානයේ අනුගාමිකයන් පැවසුවේ මාධ්‍යයට ඇතුළුවීමට ඉඩදිය නොහැකි බවයි. මීට මාස කීපයකට ඉහතදී බොදු බල සේනා සංවිධානය වෙතින් මෙම ධර්මායනය ඉවත් කර ගන්නා ලෙස විශාල උද්ඝෝෂණයක් පවත්වා ටින දිනකට එම ආයතනයේ කටයුතු නතර කර තිබී මේ වනවිට නැවත පෙර පරිදිම පිට පළාත්වලින් පිරිස් එහි එති.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උපාසක මහත්තුරු වගේ බණ අහන්න යන්න එපායැ.. බණත් අහලා වැඩෙත් කරගෙන එන්න තිබුණානේ..!(නු)
මාර බනක්නේ මාධ්‍ය හලලා කියන බන මොකද්ද (දී)
උද්ඝෝෂණ වලින් මිනිසුන්ගේ සිත් වලට බලපෑම් කළ නොහැකි වගත්, බුදු හිමියන් ධර්ම විජය කළේ සිත් පැහැදෙන සේ කරුණු වටහාදීමෙන් බවත්, බුදු පුතුන්ට කවුරු හෝ තේරුම් කර දෙත්වා! එදා ගත් පියවර සාර්ථක වුණා නම් අද මෙතරම් සෙනග එකතු වෙන්නේ නැහැනේ. (නි)
ඇයි මාධ්‍යෙව්දීන් යන්නෙත් බණ අහන්නනේ.. ඒ මිනිස්සුත් ඇට මස් ලේ වලින් හැදුණු අයනේ..!(නු)
මොකක් හරි හොරයක් තියෙන ගෞතම බුදුන්ගේ බණ අහන්න සතා සර්පයාටත් අවකාහ තියෙන එකේ පළමු වතාවට මෙහෙම දෙයක් ඇහුවෙ.. මාධ්‍ය පමණක් නෙමෙයි මාධ්‍ය පමණක් නෙමෙයි සියලුම බෞද්ධජනතාවම අවධියෙන් සිටිය යුතුයි..!(නු)
නියම බුද්ධාගම කියන්නේ මේකට තමා... අනේ අනේ..(නු)
මේ වගේ තැන් කුඩු කර දැමිය යුතුයි..!(නු)
දැන් බෞද්ධ අයම දෙකට බෙදිලා වගෙයි. (නි)
මාධ්‍ය වේදීන්ට බන තහනම් කියලා ඇහුවාමයි (දී)
මොනවද මේ කරන වැඩ? (නි)
අයියෝ මාධ්‍ය
දැන් බෞද්ධ අයම දෙකට බෙදිලා වගෙයි එතකොට ක්‍රිස්තියානුවෝ (ස)
පල්ලි, පන්සල් වලට යන්න කලින් අවසර ගන්න ඕනෑ. එහෙම කරලා ගියානම් ඔහොම නොවෙන්නත් තිබුණා. (නි)
මමනම් හිතන්නේ එසේ කිරීම මාධ්‍ය නිදහසට කල බලපෑමක් (දී)
මාධ්‍යෙව්දීන් යන්නේ බණ අහන්න නෙමෙයි නේ..පටිගත කරන්න...???? (දී)