වඳුරඹ ගුළුගහකන්දේ සුමේධ ධර්මායතනයේ අද (27) ධර්මදේශනාවක් සඳහා සහභාගිවීමට මාධ්‍යවේදීන්ට ඉඩ නොලැබිණී. එහි බණ ඇසීමට වාහන සිය ගණනකින් පිරිස් ආහ. එම ස්ථානයේ අනුගාමිකයන් පැවසුවේ මාධ්‍යයට ඇතුළුවීමට ඉඩදිය නොහැකි බවයි. මීට මාස කීපයකට ඉහතදී බොදු බල සේනා සංවිධානය වෙතින් මෙම ධර්මායනය ඉවත් කර ගන්නා ලෙස විශාල උද්ඝෝෂණයක් පවත්වා ටින දිනකට එම ආයතනයේ කටයුතු නතර කර තිබී මේ වනවිට නැවත පෙර පරිදිම පිට පළාත්වලින් පිරිස් එහි එති.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
මාධ්‍යවේදීන්ට වදුරඹදී බණ තහනමක්
මාධව Wednesday, 05 December 2012 04:50 PM
මාධ්‍යෙව්දීන් යන්නේ බණ අහන්න නෙමෙයි නේ..පටිගත කරන්න...???? (දී)
සිතාරා Tuesday, 27 November 2012 09:34 PM
නියම බුද්ධාගම කියන්නේ මේකට තමා... අනේ අනේ..(නු)
ආනන්ද Tuesday, 27 November 2012 09:43 PM
මේ වගේ තැන් කුඩු කර දැමිය යුතුයි..!(නු)
බන්දුල Wednesday, 28 November 2012 01:17 AM
දැන් බෞද්ධ අයම දෙකට බෙදිලා වගෙයි. (නි)
ගයා Tuesday, 27 November 2012 05:44 PM
උපාසක මහත්තුරු වගේ බණ අහන්න යන්න එපායැ.. බණත් අහලා වැඩෙත් කරගෙන එන්න තිබුණානේ..!(නු)
සාලිය Wednesday, 28 November 2012 07:27 AM
මාධ්‍ය වේදීන්ට බන තහනම් කියලා ඇහුවාමයි (දී)
දිලීප Tuesday, 27 November 2012 05:56 PM
මාර බනක්නේ මාධ්‍ය හලලා කියන බන මොකද්ද (දී)
අමිල කටුනායක Wednesday, 28 November 2012 08:00 AM
මොනවද මේ කරන වැඩ? (නි)
අජන්ත Sunday, 02 December 2012 12:51 AM
මමනම් හිතන්නේ එසේ කිරීම මාධ්‍ය නිදහසට කල බලපෑමක් (දී)
අජිත් Wednesday, 28 November 2012 08:07 AM
අයියෝ මාධ්‍ය
සිල්වා Wednesday, 28 November 2012 08:24 AM
දැන් බෞද්ධ අයම දෙකට බෙදිලා වගෙයි එතකොට ක්‍රිස්තියානුවෝ (ස)
ඉන්ද්‍රජිත් Tuesday, 27 November 2012 06:55 PM
උද්ඝෝෂණ වලින් මිනිසුන්ගේ සිත් වලට බලපෑම් කළ නොහැකි වගත්, බුදු හිමියන් ධර්ම විජය කළේ සිත් පැහැදෙන සේ කරුණු වටහාදීමෙන් බවත්, බුදු පුතුන්ට කවුරු හෝ තේරුම් කර දෙත්වා! එදා ගත් පියවර සාර්ථක වුණා නම් අද මෙතරම් සෙනග එකතු වෙන්නේ නැහැනේ. (නි)
මුතුකුඩ Tuesday, 27 November 2012 07:22 PM
ඇයි මාධ්‍යෙව්දීන් යන්නෙත් බණ අහන්නනේ.. ඒ මිනිස්සුත් ඇට මස් ලේ වලින් හැදුණු අයනේ..!(නු)
ලලිත් කටාර් Tuesday, 27 November 2012 07:24 PM
මොකක් හරි හොරයක් තියෙන ගෞතම බුදුන්ගේ බණ අහන්න සතා සර්පයාටත් අවකාහ තියෙන එකේ පළමු වතාවට මෙහෙම දෙයක් ඇහුවෙ.. මාධ්‍ය පමණක් නෙමෙයි මාධ්‍ය පමණක් නෙමෙයි සියලුම බෞද්ධජනතාවම අවධියෙන් සිටිය යුතුයි..!(නු)
නිෂාඩ් ප්‍රීනා Wednesday, 28 November 2012 10:07 AM
පල්ලි, පන්සල් වලට යන්න කලින් අවසර ගන්න ඕනෑ. එහෙම කරලා ගියානම් ඔහොම නොවෙන්නත් තිබුණා. (නි)