
(පද්මා කුමාරී කංකානම්ගේ )
ඉන්දියාවේ සිට මුහුදු මගින් නීතී විරෝධීව මෙරටට ගෙන්වන ලද භාණ්ඩ තොගයක් රැගත් ඩිංගි යාත්රාවක්,අධික සුළං සහිත සැඩ පහරට හසුව,නොරොච්චෝල පොලිස් බළ ප්රදේශයට අයත් ආලංකුඩාව මුහුදු තීරයේ දී යාත්රාව පෙරළී,මුහුදේ පා වෙමින් තිබිය දී,ආලංකුඩාව නාවුක හමුදා මුර පළේ නාවිකයින් විසින් අත් අඩංගුවට ගෙන කල්පිටිය විජය නාවුක හමුදා කදවුරට භාර දී ඇත.
පාවෙන යාත්රාවේ එන්ජිම ද අත් අඩංගුවට ගෙන ඇති අතර,ඒ වන විට සැකකරුවන් පළා ගොස් තිබිණි.
අත් අඩංගුවට පත් භාණ්ඩ අතර මිලියන 177 ක් වටිනා මත් පෙති තුන් ලක්ෂ පනස් හතර දාහක්, උර පහක අසුරන ලද බීඩි කොළ කිලෝ 177 ක්, මිළ තක්සේරු නොකළ ඖෂධ වර්ග (පෙති,ආලේපන,එන්නත් බෝතල් 118 ක්,එන්නත් ට්යුබ් 1412 ක් ආදී වශයෙනි.
මෙම භාණ්ඩ සියල්ල කල්පිටිය පොලිසියට භාර දීමට නියමිතය.
සැක කරුවන් සොයා ඉදිරි පරීක්ෂණ ක්රියාත්මකයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd