බළපිටිය මාදු ගඟේ මිරිදිය පොකුණක් පවත්වාගෙන යන තරුණයෙක් දේශිය හා විදේශීය සංචාරකයනට නොමිලේ මත්ස්‍ය චිකිත්සාව හඳුන්වා දෙයි. ශ්‍රී ලංකාවේ එවැනි චිකිත්සක ක්‍රමයක් ආරම්භ කළ මුල්ම පුද්ගලයා ඔහුය. සමන් වසන්ත නම් මෙම තරුණයාගේ මත්ස්‍ය පොකුණ පිහිටියේ මාදු ගඟ මැදය. උදව්ව ධීවර හා ජලජ සම්පත් අමාත්‍යංශයෙනි. මත්ස්‍ය චිකිත්සාවෙන් ලේ ගමනා ගමනය වර්ධනය වී සමේ ඇති වන ඇතැම් චර්ම රෝග සුව කර ගැනීමට ද ආතතිය හා පීඩනය අඩු කර ගැනීමට ද හැකි බව සොයාගෙන ඇත.මැරී ගිය සම ස්වභාවික ලෙස ඉවත් කර ගැනීමට මළුවා උපකාරි වේ.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගගේ වතුරයි වැවේ මාළුයි...........සල්ලි මොකටද ?? (ස)
කරනවා නම් වැඩද නැත්තේ? කියන්නේ ඕකටනේ. (නි)
දැන් ඉතින් හැම කුණු වලකම මේක පටන්ගනීවි (ස)
රු.100 ක් ගන්නවා එක්කෙනෙකුගෙන් (ස)
මේකට දාන්න ඕන හුංගො මාලු ටිකක්...... (ස)
නියම වැඩක් මල්ලි. සුබ පැතුම් . අලුත් විදියට හිතන කොල්ලෝ ලංකාවේ ඉන්නවා නේද (ස)
ඔයාලට පේන්නේ නැද්ද අර අසරණ සත්තු ගොඩ කොටු කරල තිටයෙන හැටි. සල්ලි හම්බ කරන්න.... පව්..කන්නත් නැතුව ඇති.(ස)
සංචාරක ව්‍යාපාරයට හොඳයි (ස)
මේ රටේ මිනිස්සූ තනිකර කරන්නේ පිස්සූ (ස)
බොහොම වැදගත් අගය කල යුතු වැඩක්
හොද වැඩක්
මෙයාල රුපියල් 200 ක් අරගන්නවා නිකන් පෙන්නනවලු පව් අනේ (ස)
මේ වැඩේ නියමයි....ඔය වැඩේට යොදා ගන්නා මත්සයන්, ආහාරයටත් යොදාගන්නවද....? (ස)
ෂා මටත් මේකේ මාලුවෙක් වෙන්න තිබුනානම්....... (ස)
ඒකෙත් අවුලක්ම නැහැ බලාගෙන යද්දී. (නි)
නියමයි මල්ලි, නුඹට ජය (ස)
කරන්නේ හොඳ වැඩක්, හැබැයි නොමිලේ කියලා බොරු කියන්න එපා..මාළුවෝ මගෙන් රු.100 ක් ගත්තා. (ස)
අයියෝ සල්ලි
නුඹට ජය!! (නි)
ඉතුරු ප්‍රතිකාර ටික ගන්නේ හොද්ද පැහෙනකොට ද? (අ)
මේ වැඩේ ලෝකේ තියෙන සම්බාහන ක්‍රම වලින් හොදම ක්‍රමයක් (දී)
ලංකාවේ පුරවැසියෙක් කියලාවත් හිතලා මෙවැනි දේවල් අගයකරන්න පුරුදුවෙන්න. (නි)
ඕකට කිඹුලෙක් දෙන්නෙක් දැම්මා නම් කොහොමට තියෙයිද? (නි)
ඔන්න කරනවා නම් වැඩ. රස්සාවක් නැහැ කිය කියා ඉන්නේ නැතුව මෙහෙම වැඩක් කරනවා නම් කොච්චර හොදද? (නි)
අපරාදේ. පිරන්හා මාලු දාන්නයි තිබුණේ. :D (නි)
මාලුන්ට ලෙඩ බෝවෙන්න පුලුවන්. (නි)
දියුණු වේගෙන යනකොට ඕවට අයිතිය කියන්න අය නම් ඕනෑතරම් හිටීවි. (නි)
ඇත්තටම ගොඩක් හොද සේවයක්. ඔබට ජය! (නි)
මල්ලි, කෝකටත් පරිස්සමින්. දන්නවනේ අපේ අයගේ හැටි. (නි)
උත්සාහවන්තයා ජය ගනී. රස්සා නැහැ කිය කියා පෙලපාළි යන අයට හොද ආදර්ශයක්.(ත)
ප්‍රවේසමෙන්. අපේ අයියලා මාළුන්ට චිකිත්සාවක් දෙන්න පුළුවන්. (ත)
ගොඩක් හොදයි. (ත)
නියම කොල්ලෙක්. ඔයාට බුදු සරණයි! (නි)
ගොඩක් රටවල ඕය ක්‍රමය හරි ප්‍රසිද්දයි. ජනක, මහෙශ්, ප්‍රසද් : විහිලුවකට ගන්න එපා. (ත)
බලාගෙන ඕකටත් බදු ගහන්න නීති ගෙනයි. (ත)
හරිම කිචි නේද?
මෙහෙ රටේ නම් ඕකට මහා ලොකු ගානක් අය කරනවා. පැයකට පවුම් 10ක්. (ත)
දෑන් ඉතින් කට්ටිය වළවල් හොයනවද දන්නෙ නැහැ වෑඩේ පටන් ගන්න. මොනව වුණත් රත්තරන් තරුණයෙක්, ඔබට ජය!! (නි)
හොද වැඩක්. හැමතැනකම පටන් ගන්න. (නි)
නිකන් කරන්න එපා. එන අයගෙන් සාධාරණ ගාණක් ගන්න. (නි)
අපිට මේ ක්‍රමයෙන් පේෂල් ප්‍රතිකාරය කරන්න බැරිද? (නි)
ඒකත් පිනක් වුණාට අන්තිමට මාලුන්ටම මේක එපාවෙයිද දන්නෙ නැහැ. (නි)