අධ්‍යාපන අමාත්‍යාංශයේ වැය ශීර්ෂ විවාදයට සහභාගි වීමට ආ නිලධරයන් 135 දෙනකුට කෑම ඇනවුම් කර තිබුණත් මන්ත‍්‍රී අමුත්තන් හා රාජ්‍ය නිලධරයන් සඳහා වූ බොජුන්හලේ ආසන 74 පමණක් තිබුණේ ඇයිදැයි ප‍්‍රශ්න කරමින් අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති විජිත් විජයමුණි සොයිසා මහතා එහි නිලධාරීන්ට බැන වැදුණේය. භෝජනාගාර බාරකරු වාඩිවී සිටි පුටුවටද පයින් ගැසුවේය. පහසුකම් සලසා නොදුන්නැයි භෝජනාගාර නිලධරයන්ට දොස් කීවේය. පසුවරු 12.30ට ලැබුණ පැය භාගයේ විවේකයේදී නිලධරයෝ කෑමට ආහ. කෑම කළින් ඇනවුම් කර තිබිණි. ප‍්‍රශ්නය වූයේ සියලූ දෙනාට මේස වටා අසුන්ගෙන කෑම ගැනීමට ඉඩ නොතිබීමයි. නියෝජ්‍ය ඇමැති එහි පැමිණියේ ඔවුන් කිහිපදෙනකු කෑම කන අතරවාරයේය. සෙසු නිලධරයෝද කෑම කෑහ.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රන්ඬු කරන්න තරම් කාරනාවක් තමයි (දී)
ආසනික් කලවම් කරපු කොහිල දුන්නා නම් හරියනවා. (නි)
හිනාත් යනවා
තරාතිරම බලන්න එපා
විනය බිංදුවයි. දැන් ඡන්දය දුන්නු ඔක්කොම ටොක්ක ටොක්ක ඇනගනිල්ලා. (නි)
ඒකට අපි? එක සහන් එකකට මුස්ලිම් වෙන අපි හත්දෙනයි,සමගිය එතනයි. දියුණුව එතනයි. (නි)
වහලා දැම්මා නම් ඉවරනේ. (නි)
නිතිය ක්‍රියාත්මක කරන්න
මෙහෙව් රටේ ඕකත් වැඩක්ද (ස)
මෙහේ දුප්පත් මිනිස්සු එදා වේල සරිකරගන්නේ කොහොමද කියලා හිතහිතා හූල්ලනවා. එහේ එයාලා කන්න වැඩිවෙලා මරාගන්නවා. (නි)
ගෝ සොයිසා ගෝ.... (නි)
කාගේ මුදලින්ද මේ අයට කන්න දෙන්නේ (ස)
අහනකොටත් එපාවෙනවා. (නි)
අනෙක් අය කෑම ගන්නකල් පුස්තකාලයට වෙලා පොතක් පතක් බඅලුවානම් කොච්චර හොදද? (නි)
මෛයාලා බෙදාගෙන කනවා (ස)
එතුමා කල වැඩේ හරි. (දී)
ඉස්සර නම් කැමට පොරකෑවෙ බල්ලො. (නි)
ඒ කියන්නේ හැමෝටම එකට ඉදන් කන්න බැහැ
නීතියක් නැති එකයි හේතුව
දඩුවම් දෙන්න
කනගාටුයි
අයියෝ සල්ලි
මෙයාලට බැනලා වැඩක් නැහැ මෙයාලා පාර්ලිමේන්තු යවපු අයට තමයි ගහන්න ඕන. (ස)
ප්‍රසිද්ධ වෙන්න කරන ලාමක වැඩ (ස)
යාළුවො යාළුවො මොකද මේ කර ගන්නේ
සංජීව හරි (ස)
නියමයි(ස)
මෙයාලට ඡන්දෙ දුන්න අය ගස් බදින්න ඔනෙ. රටේ නම කනවා (ස)
අපරාදේ සූදානම් කරන්න තිබුණේ පුන්නක්කු (ස)
කනගාටුයි
හැමතැනම මේ වගේද? (දී)
අපිනම් දන්නේ නැහැ (දී)
අනේ මෙහෙමත් ඇමතිවරු..!(නු)
2.50වැඩ..!(නු)
පාර්ලිමේන්තුව සෝමාලියාවක් වගේ.. ඒවගේම පාර්ලිමෙන්තු ම්න්ත්‍රීවරුන්ට විනය පුහුණුවක් දෙනවානම් තමයි හොද(නු)
කෑමටිකටත් මරා ගන්න එපා ආයුබෝවන්..!(නු)
මේ අයට කොහිල ටිකක් වැඩිපුර දුන්නා නම් හරි..!(නු)
අර පාසල් වලට ළමයි එනවිට ඩෙස් පුටු ගේන්න කියනවා වගේ අධ්‍යාපන නිලධාරින් පුටු මේස ගෙනෙයි කියලා බෝජනාගාර හිමිකරැ හිතන්න ඇති..!(නු)
කැම කන වෙලාවට සතෙක්වත් එළෙව්වෙ නැති අපේ මුතුන් මිත්තොන්ගෙ රටෙ දැන් මේ අය ඇවිල්ල කරන අශීලාචාර සිද්ධීන්.(නු)
නියම අධ්‍යාපන ඇමති කෙනෙක් මේවගේ අය නිසා තමයි රටේ අධ්‍යාපනයයි සමාජයයි පිරිහිලා තියෙන්නෙ...!(නු)
කෑම මේසෙදි නියෝජ්‍ය ඇමතිකෙනෙක් මෙහෙම හැසිරීම බොහොම කැතයි..!(නු)
මේ ඇමතිතුමාව පාසල් යවන්න බැරිද?(නු)
නිලධාරින් 135ක් ගෙන්න ගන්න හේතුව මොකද්ද? පාර්ලිමේන්තුව පෙන්නන්න වෙන්න ඇති.. මේ වගේ අයට නිකං දෙන දේ කාලා ඉන්න බැරි හැටි..!(නු)
නිකං කනකොට අගයත් නැහැනේ..!(නු)
නිකං දෙන කෑම වත් කන්න දන්නෙ නැහැ..!(නු)
කොහොමත් දැං කෑමට පොරේ තමයි..!(නු)
කන්න තියෙන ඕනකම වැඩවලට නම් නැහැ..!(නු)
තාම රුපියල් දහයටද කෑම දෙන්නේ..!(නු)
ඕකට ඉතිං ඕච්චර කේන්ති ගන්න ඕනද? හොදින් කිව්වනම් ඉවරයිනේ..!(නු)
පුටු මදිනම් කට්ටිය දෙපාරකට කන්න දුන්නනම් හරිනේ.. මෙයාලට හිතන්න මොලයක් නැද්ද?(නු)
තමන්ගේ සිත ප්‍රීතිමත් කර ගත් තරමට බොහෝ දෙනා ප්‍රීතිමත් කළ හැක..!(නු)
ආශ්චර්ය සොයා ඔහොමම යමු... පාර හරි.. ළගදිම පෙනෙයි ආශ්චර්යය..!(නු)
කෑම කිව්වාම පෙරලගෙන කන්න එපායැ ඇමතිතුමෝ..!(නු)
නුසුදුස්සා පාර්ලිමේන්තුවට ගියාම ඔය වගේ වැඩ වෙනවා..!(නු)
ඇයි පුටු නැත්නම් බිම තියෙන්නේ.. අපේ මුතුන් මිත්තන් ඉගැන්වුවෙ ඇත්ත කියන්නයි බිම ඉදගන්නයි බය වෙන්න එපා කියලානේ..!(නු)
කෑම පතට ඔහොමනම් අනිත් ඒවා කොහොම ඇතිද?(නු)
හොද හෝටලයකින් තව කෑවෙ නැහැ වගේ..!(නු)
අපූරු අධ්‍යාපන ඇමති..!(නු)
එහෙම කියන්න එපා අපේ ලංකාවට වෙලා තියෙන්නේ තමන්ගේ රුකියාවට අයිති වැඩ කොටස හරියට කරන්නෙ නැති එක.. ඕක පිට රට ඉන්න ඕන කෙනෙකුට දැනෙනවා. අපිට රට ඔහොම දෙයක් උනොත් ඒ වෙලාවෙම දොට්ට.. හැබැයි ගහ ගැනිලි නැහැ.. අපේ රටේ හැමෝම තමුන්ගේ රාජකාරිය හරියට කරනවා නම් පගාව හරි වෙන ඕන දෙයක් නැතිව මෙහෙම වෙන්නෙ නැහැ..!(නු)
අධ්‍යාපන ඇමතිට නැති විනය පාසල්වල කොහෙද? මේ වගේ අය ඉන්නවා නේ අධ්‍යාපනයට..!(නු)
ඕක තමයි කියන්නේ උගත් බුද්ධිමතුන් පාර්ලිමේන්තුවට යවන්න කියලා.. කෝ අපේ ජනතාව කීවට අහන්නෙ නැහැනේ..!(නු)
මට කියන්න තියෙන්නෙ මෙච්චරයි - බලු වලිගෙ උණ පුරුකෙ දාල තිබ්බත් ඇද ඇරෙන්නෙ නැතිලු. අනිත් එක බල්ල දන්නෙ නෑ උගෙ වල්ගෙ ඇදයි කියල. (නු)
මරුවට තියෙන්න ඇති
තමන් කවුද කියලා තමන්ට පෙනෙන්නේ නැහැනේ. (නි)