ඉන්දීය ප‍්‍රධානතම ක‍්‍රිකට් තරගාවලියේ (අයි. පී. එල්.) 71 වැනි තරගය ලෙස පූනේහිදී අද (19 වැනිදා) පැවැති තරගයේදී පූනේ වෝරියස් පිල ලකුණු 38 කින් දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් පිල පාරජය කළේය.
පූනේ පිල වෙනුවෙන් ඇන්ජලෝ මැතිව්ස් වේගවත් ඉනිමක් ක‍්‍රීඩා කරමින් පන්දු 22 කදී හයේ පහර 2 ක් සමගින් නොදැවී ලකුණු 30 ක් රැස් කළේය. මැතිව්ස් පන්දුවෙන් ද දස්කම් දක්වමින් ලකුණු 14 කට කඩුලූ 3 ක් දවාගැනීමට සමත් විය.
දිල්ලි පිලේ නායක මහේල ජයවර්ධන පන්දු 13 කදී හතරේ පහර 3 ක් සමගින් ලකුණු 14 ක් ලබා සිටියදී දැවී ගියේය.
පූනේ වෝරියස් පිල ඕවර 20 කදී කඩුලූ 5 ට 172 (රොබින් උත්තප්පා 24, අරෝන් ෆින්ච් 52, ඇන්ජලෝ මැතිව්ස් නොදැවී 30, ලූක් වයිට් 44, සිද්ධාර්ත් කයුල් 27/2)
දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් පිල ඕවර 20 කදී කඩුලූ 9 ට 134 (බරාට් චිප්ලි 16, මහේල ජයවර්ධන 14, ඉර්ෆාන් පතන් 24, මුරලිදරන් ගෞතම් 30, අලි මුර්ටාෂා 15/3, අශෝක් ඩින්දා 21/2, ඇන්ජලෝ මැතිව්ස් 14/3)
2025 දෙසැම්බර් මස 18
142
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මැතිව්ස්ගෙන් (14/3) තුන් ඉරියව් දස්කම්
සරසි Sunday, 19 May 2013 05:14 PM
හරියටම කියන්න ඔවර් 10ට 74 මොන පිලද කියලා.(නදී)
සනත් Sunday, 19 May 2013 06:05 PM
ඒත් දැන් කෝච්චිය ගිහින් ඉවරනේ...කොහොම ගහල කොහොම දිනුවත් ගෙවල් බලා යන්න තමා තියෙන්නේ.(නදී)
සරසි Monday, 20 May 2013 12:30 PM
මෙයාලා මොන දක්ෂකම පෙන්නුවත් අපිට වැඩක් නැහැ (නි)
සුසිල් Monday, 20 May 2013 12:41 PM
කුණු බිත්තරවලින් බේරිලා ගෙදර එන්න ඕනා.(ස)
සිසිර Sunday, 19 May 2013 06:49 PM
නායකයෝ පහතට වැටෙනවා මුදල් නීසා.(නදී)
ලාල් Monday, 20 May 2013 01:00 PM
මැතිව්ස් ලංකාවේ ගහද්දී නම් ඔහොම දක්ෂතා දක්වන්නේ නැහැනේ (නි)
මංගල Sunday, 19 May 2013 07:58 PM
අනේ මල මගුල් අයි . පී . එල් .(නදී)
යොහාන් Monday, 20 May 2013 02:10 PM
දැන් ඉතින් ඕක දාලා ගෙදර ඇවිත් චැම්පියන් කුසලානයට යන්න සැරසෙන්න (නි)
ශාන් Monday, 20 May 2013 02:30 PM
මෙයාලට කුණු බිත්තර ගහන්න දෙයක් නැහැ. එයාලම ගහගත්තා වගේ... (නි)
චන්දිම Monday, 20 May 2013 10:17 PM
අයි.පී.එල් වලින් අපට වැඩක් නැත.ක්‍රිකට් ක්‍රීඩාව පහලට වැටෙනවා.කෝටි ගණන් මුදල් කුට්ටි ලැබිලත් මදි,තරග පාවලත් දෙනවා.නොසන්සිදෙන තණ්හාව තමයි ඉතින්. (නි)