ඉන්දීය ප‍්‍රධානතම ක‍්‍රිකට් තරගාවලියේ (අයි. පී. එල්.) 71 වැනි තරගය ලෙස පූනේහිදී අද (19 වැනිදා) පැවැති තරගයේදී පූනේ වෝරියස් පිල ලකුණු 38 කින් දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් පිල පාරජය කළේය.
පූනේ පිල වෙනුවෙන් ඇන්ජලෝ මැතිව්ස් වේගවත් ඉනිමක් ක‍්‍රීඩා කරමින් පන්දු 22 කදී හයේ පහර 2 ක් සමගින් නොදැවී ලකුණු 30 ක් රැස් කළේය. මැතිව්ස් පන්දුවෙන් ද දස්කම් දක්වමින් ලකුණු 14 කට කඩුලූ 3 ක් දවාගැනීමට සමත් විය.
දිල්ලි පිලේ නායක මහේල ජයවර්ධන පන්දු 13 කදී හතරේ පහර 3 ක් සමගින් ලකුණු 14 ක් ලබා සිටියදී දැවී ගියේය.
පූනේ වෝරියස් පිල ඕවර 20 කදී කඩුලූ 5 ට 172 (රොබින් උත්තප්පා 24, අරෝන් ෆින්ච් 52, ඇන්ජලෝ මැතිව්ස් නොදැවී 30, ලූක් වයිට් 44, සිද්ධාර්ත් කයුල් 27/2)
දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් පිල ඕවර 20 කදී කඩුලූ 9 ට 134 (බරාට් චිප්ලි 16, මහේල ජයවර්ධන 14, ඉර්ෆාන් පතන් 24, මුරලිදරන් ගෞතම් 30, අලි මුර්ටාෂා 15/3, අශෝක් ඩින්දා 21/2, ඇන්ජලෝ මැතිව්ස් 14/3)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරියටම කියන්න ඔවර් 10ට 74 මොන පිලද කියලා.(නදී)
ඒත් දැන් කෝච්චිය ගිහින් ඉවරනේ...කොහොම ගහල කොහොම දිනුවත් ගෙවල් බලා යන්න තමා තියෙන්නේ.(නදී)
මෙයාලා මොන දක්ෂකම පෙන්නුවත් අපිට වැඩක් නැහැ (නි)
කුණු බිත්තරවලින් බේරිලා ගෙදර එන්න ඕනා.(ස)
නායකයෝ පහතට වැටෙනවා මුදල් නීසා.(නදී)
මැතිව්ස් ලංකාවේ ගහද්දී නම් ඔහොම දක්ෂතා දක්වන්නේ නැහැනේ (නි)
අනේ මල මගුල් අයි . පී . එල් .(නදී)
දැන් ඉතින් ඕක දාලා ගෙදර ඇවිත් චැම්පියන් කුසලානයට යන්න සැරසෙන්න (නි)
මෙයාලට කුණු බිත්තර ගහන්න දෙයක් නැහැ. එයාලම ගහගත්තා වගේ... (නි)
අයි.පී.එල් වලින් අපට වැඩක් නැත.ක්‍රිකට් ක්‍රීඩාව පහලට වැටෙනවා.කෝටි ගණන් මුදල් කුට්ටි ලැබිලත් මදි,තරග පාවලත් දෙනවා.නොසන්සිදෙන තණ්හාව තමයි ඉතින්. (නි)