(අනීෂා මානගේ)
මැතිවරණ කොමසාරිස්තුමාට පවතින බලතල අනුව මැතිවරණයක් පැවැත්විය නොහැකිනම් අධිකරණයට යායුතු බවද එසේ නොමැතිනම් ඉල්ලා අස්වීම සුදුසු බවද හම්බන්තොට දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.
නාමල් රාජපක්ෂ මහතා මෙසේ පැවසූයේ අද(01) තංගල්ල කාර්ල්ටන් නිවසේදී මාධ්‍යවේදීන් වෙත අදහස් දක්වමිනි.
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා මෙසේද කීවේය.
අපි මැතිවරණ කොමසාරිස්තුමාට කියන්නේ ඔබතුමාට තිබෙන බලතල වලින් මෙය ක්‍රියාත්මක කරන්න බැරි නම් ඔබතුමා අධිකරණයට යන්න. අධිකරණයෙන් ඉල්ලීමක් කරන්න මැතිවරණයක් තියන්න අවස්ථාවක් දෙන්න කියලා. නැත්නම් මේ ස්වාධීන මැතිවරණ කොමසාරිස්තුමා ඉන්නවට වඩා හොඳයි ඉල්ලා අස් වෙන එක. දැන් අවුරුදු හතරක් වැඩ නෑනේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලොකු දේවල් කතා නොකර ඉන්නවද කරුණාකරලා? ඒවා අදාළ කට්ටිය කරයි...
ඔක්කෝටම ඉස්සර වෙලා ඔයාගේ කට වහගන්න...
එහෙම අධිකරණයට බලයක් තියනවද මැතිවරණ කොමිසමේ සභාපතිට බලය පවරන්න? ඒ කළයුත්තේ පාර්ලිමේන්තුව හරහා. අධිකරණයට යන්නේ යම් අසාධාරයක් වුණානම් පමණයි.
මට මතක් වෙන්නේ සදාම් හුසේන්ගේ පුතාලව... මතකනේ ඉස්සර රග්බි දින්නෙත්, කාර් රේස් දින්නෙත් ප්‍රේක්ෂක චියර් එක නැතිවුණාම... හමුදාව දාලා චියර් ගන්න උත්සාහ කලෙත් කවුද කියලයි...
ඇයි අධිකරණයට යන්නේ? දේවාලෙට... ගිහින් පොල් ගහන්නේ නැතිව.. කල්පනා කරලා බලන්න අවුරුදු 4 ක් නෙමේ. දන්නා දවසේ ඉඳලා රස්සාවක් කෙරුවේ නැහැ... නේද? පොඩි දරුවෙක් වගේ එහෙට, මෙහෙට පැනපැන තාත්තගේ ඇඟේ එල්ලෙනවා. එ්කනේ අයියා ඉද්දි මල්ලි පිම්මක් පාන්නේ... වයසට යන එක විතරයි මෙහෙම ගියොත් වෙන්නේ..
සමහරු දන්නා තරමට වැඩිය උගන්වන්න යන්නේ..., උපදෙස් දෙන්න යන්නේ තමන් උගත්, නැණවත් , බුද්ධිමත්, පරිනත නිසාත්, මැතිවරණ කොමසාරිස් මෙලෝ දෙයක් දන්නේ නැති නිසාත් වෙන්න ඇති....
මේ ගොල්ලෝ රටේ කර තිබෙන දූෂණයන්ට අනුව මැතිවරණ ඉල්ලන්නේ කොහොමද කියා මම අහනවා...?
කොළඹ 5 ගවර් වීදියේ සුවිසල් නිවස අරගෙන ව්‍යාපාර කරන්නේ මොන ක්‍රමයටද කියා රජය සොයා බැලිය යුතුයි..
මාර කලබලයක්නේ තිබෙන්නේ... ජනතාවට සේවයට කරන්න.
මැතිවරණ කොමසාරිස් ඔහොම කතාවක් කියල නැහැනෙ. අපොයි, මැතිවරණ කොමිසමේ සභාපතියි, මැතිවරණ කොමසාරිස්වයි අඳුරන්නෙ නැති නීතිඥතුමා.
බාප්පාගේ ඡන්ද ටිකත් ඉවර කරගෙනම යන්න වගේ මෙයා ලැස්ති වෙන්නේ.
රටේ පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ මෙලෝ වැටහීමක් නොමැති මෙවැනි අය තමයි වර්තමානයේ අපේ පාර්ලිමේන්තුවේ සිටින්නේ. රටේ ව්‍යවස්ථාවෙන් නියමිත, කලට වෙලාවට මැතිවරණ පැවැත්වීම හා මැතිවරණයක් ප්‍රකාශ කිරීමට බලය ලබාදී ඇත්තේ, ජනාධිපතිවරයාටයි. මැතිවරණ කොමසාරිස් යනු තවත් එක් රාජ්‍ය සේවකයෙක් පමණයි. මේ බොළඳ ප්රකාශයෙන්ම නීතිඥයෙකුගේ පැටිකිරිය හොයාගන්න පුළුවන්. අර කතාවක් තියනවනේ" මෝඩයෙක් වුනත් කට වහගෙන සිටින තාක්කල් ඥානවන්තයෙක්" වන බව...
සෑම දෙයකටම කට අරින්න කලින් අදාළ කාරණාව ගැන තමන්ගේ දැනුම පරික්ෂා කර ගන්න. පියාගේ සුළඟිල්ලේ එල්ලිලා කියන්නෙම බාලාංශ පන්තියේ කතාවක්.
යමක් ගැන අදහසක් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන්න තියනවා නම් අඩු ගානේ තමන්ගේ බාල සහෝදරයෙකුට ඒ කටයුත්ත පවරන්න. ඔබට වැඩිය ඒදෙන්නට කට අරින්න ඕන කොතනද , සීමාව මොකද්ද , කිව යුත්තේ මොකද්දකියලා යම් අවබෝධයක් තියෙනවා. හෝඩියේ පන්තියේ ළමයෙකු වගේ ළමා කතා කියනකොට තමන්ගේ දේශපාලන අපරිණත බව හොඳට ඔප්පු වෙන බව දැන්වත් තේරෙන්නේ නැද්ද ?
අධිකරණය ස්වාධීන නැහැ කියකියා පසුගිය කාලේ බොරුවට කෑගැහුවා. අධිකරණය ස්වාධීන බව මොවුන් පිළිගන්නා බව මෙයින් ගම්‍යමාන වෙන කරුණක්. ගම්මන්, වංශ, නේෂ්, දේව සහ තවත් අය සමග බොරු රඟපෑම් නේද ඒ කාලේ කලේ...?
අපූරුයි! අනාගතයේ ජනාධිපති වෙන්න බලා සිටින ඔටුන්න හිමි කුමාරයා තවම මැතිවරණ කොමිසමක් තියෙන බවවත් නොදන්නා බවයි පේන්නේ...
මොහු ගැන අදහස් ප්‍රකාශ කරන එකත් මහම මහා මෝඩ වැඩක්...
කට වහගෙන ඉන්නකම් මෝඩයාත් පණ්ඩිතයෙක්... මැතිවරණ කොමිසමට අධිකරණෙට යන්න කිව්වට මදි, තමුන්ට පුළුවන්ද කෝඳුරු තෙල් පට්ට හතක් හොයලා දෙන්න.
අර බමුණුආරච්චි මහත්තයාගේ අනුමැතිය ලබා ගත්තොත් නරකද?
හොර පෙරකදොරුවෙක්ට ගිය කලක්. මෙයාගේ කට ඇරියම තියෙන ටිකත් නැති වෙනවා.
ඉස්සරවෙලා ඔයා නීතිපති විභාගය සමත් වුනේ කොහොමද කියලා කව්වා නම් තමයි හොඳ..
මේ ඡායාරූපය දැක්කම පොඩි බබාලාගේ විවිධ ප්‍රසංගයක් මතක් වෙනවා. පොඩි අය තත් තත් තත් තාරපැටියා කියනකොටත් මේ වගේමයි !
ගෝඨාභය මහත්තයා එනවා නම් ඔක්කොටම ඉස්සෙල්ලා මේ අයව එලවන්න ඕනේ.. අනිත් පක්ෂ එක්ක හැප්පෙන්නත් ඉස්සෙල්ලා. නැත්නම් ඔබතුමා වෙනුවෙන් මේ අය කට ඇරියොත් ඡන්දෙටත් ඉස්සෙල්ලා රොකට් එකකින් තමයි ඇමරිකාවට දුවන්න වෙන්නේ...