ජාතිවාදී නම් වලින් ඇති දේශපාලන පක්ෂ නොපිළිගන්නැයි මැතිවරණ කොමිසමට නියෝග කරන ලෙස ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය අද (1) ප‍්‍රතික්ෂේප කළේය.
පෙත්සම ඉදිරිපත් කළ යුතු කාලය ඉකුත්වී තිබීම ඊට හේතුවයි. ඊවා වනසුන්දර, කේ.ටී. චිත‍්‍රසිරි සහ ප‍්‍රසන්න ජයවර්ධන විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම කැඳවිණි.
ජනාධිපති නීතීඥ ප‍්‍රශාන්ත ලාල් ද අල්විස් මහතා ගොනු කළ මෙම පෙත්සමෙහි , වගඋත්තරකරුවන් ලෙස මැතිවරණ කොමසාරිස් , ඉලංකෙයි තමිල් අරසුකච්චි ,ශ්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසය, ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ නව සිහළ උරුමය, මුස්ලිම් ජාතික සන්ධානය ,බොදු ජන එක්සත් පෙරමුණ ඇතුළු දේශපාලන පක්ෂ 20ක ලේකම්වරු ,මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප‍්‍රිය සහ එහි සාමාජිකයෝ ද නීතිපති ද නම් කරනු ලැබ සිටිති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොහෝ දියුණු සමගි සම්පන්න රටවල නැති මේ වර්ගවාදී ක්‍රමයෙන් මිදීම නුවන ඇති සැමගේ යුතුකමකි. නැවත දිරිමත් වන්න. (බ)