මාතර සහ ගාල්ල ප‍්‍රදේශවලට ඉදිරි පැය 24 ඇතුළත තද වැසි ඇතිවිය හැකි බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ මාතර දිස්ත‍්‍රික් සම්බන්ධීකාරක මේජර් සමන් බාලසූරිය කියයි.
මාතරට කුණාටුවක් ඇතිවෙතියි කියන කතාවේ පදනමක් නැතැයි ද ඔහු පවසයි. මේ වනවිට මාතරට අධික වැසි පවතී.