පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය කරන ලද දීර්ඝ විමර්ශනයකින් පසු දැනට රිමාන්බාරයේ සිටින සැකකරුවකු තවත් පුද්ගලයකු හා එක්ව මෙරටට ගෙන්වන ලද හෙරොයින් කිලෝ 32ක් ගැන තොරතුරු හෙළිවූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රිෂාන්ත ජයකොඩි මහතා කියයි.
වතුර මෝටර් 222ක ආමිචර් 132 තුළ රහසිගතව අසුරා පසුගිය අගෝස්තු මාසයේ මත්කුඩු ආනයනය කර ඇත.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියනුයේ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් ඒවා ප්‍රවාහනයට අලුත් ක්‍රම උපයෝගී කර ගෙන සිටින නිසා ඒ ගැන වැඩි අවධානයකින් සිටිය යුතු බවයි.
හෙරොයින් ග්‍රෑම් 2ක් ළඟ තබා ගැනීම මරණ දඩුවම ලැබිය හැකි වරදකි.
1
“නැවෙන් කටට” දැන් හරහට
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මරණ දඩුවම දිය යුතුයි . (ස)
මොකද තවත් එල්ලුම් ගස ප්‍රමාද?(ත)
මරණීය දණ්ඩනය දෙන්න ග්‍රෑම් 2ක් ප්‍රමාණවත් නම් ඇයි කිලෝ ගණන් ගෙනෙන අය ඇප පිට නිදහසේ ඉන්නේ? (නි)
එල්ලුම්ගහ ක්‍රියාත්මක කරොත් ඉස්සෙල්ලම එල්ලන්න වෙන්නේ ලොකු ලොක්කෝ.. ඒකයි ප්‍රමාද (ස)
පුදුමයි හරි අපූරු වැඩක්නේ (අ)
කුඩු බෙන්නන්ට මීට වඩා නීති තද කළ යුතුයි (අ)
මේවා නවත්තන්න ඕනේ
මේවා නැති කරන්න ඕනේ අපි
මත්කුඩු ගේන එකත් නෙමෙයි, මත්කුඩු විකුණන එකත් නෙමෙයි පුදුමෙ,මේවායින් හම්බකරන මුදල් කැතනැතුව රටේ වියදම් කරන්න ඉඩ දීල තියෙන එකයි. (නි)
අපේ සමාජය ඉවර කරනවා
හොදටම දන්න අයගේ මිස අන් අයගේ පාර්සල් කිසිවිට බාරගන්න එපා. විශේෂයෙන් රට ඉදන් යන අය. (.)
ඉදිරියේදී තව හොද හොද ක්‍රම සහ විධි එයි. ඒවා හොයනකොට රට නිකම්ම විපර්යාසයකට පත් වෙලා තියේවි. (ත)
මෙම උපක්‍රමය ලංකාවට අඑත් වුණාට මීට වසර කීපයකට පෙර කුවේට් වරායේදී මෙවැනිම වැටළීමක් කරනු ලැබුවා. ආමේචර් නොමැති වතුර මෝටර් සිය ගානක් පාකිස්ථාන් සිට ගෙන්වා තිබුණේ, මත්කුඩු කිලෝ සිය ගණනක් ආමේචරය තිබිය යුතු තැන සගවලා. එයට හවුල් වූ සියඑම දෙනාට මරණීය දණ්ඩන හිමි වුණ බවද මතක්කළ යුතුයි. (නි)
අයියෝ සල්ලි
සේනක මරණ දඩුවමට වඩා තව මොන දඩුවමක් ද? ප්‍රස්නේ තියෙන්නේ ඒක ක්‍රියාත්මක නොකරන එක. (ත)
පනාගොඩලාගේ ගමේ කෙනෙක්වත්ද? (නි)
නීතිය නැහැ මේ රස ගැන දන්නේ.... (නි)
මොන උපක්‍රම දැම්මත් ඒදේ නවත්තන්න බැහැ
ශා මේ ගොල්ලෝ වැලිකඩ හිරගෙදර පරීක්ෂා කරන්න කලින් අල්ලා ගන්න හම්බ වුණානම් එදාම මරණ දඩුවම ක්‍රියාත්මක කරන්න තිබ්බා. (ත)
හොදම ව්‍යාපාරිකයෝ ඉන්නේ හිරගෙදර. (නි)
ඔය මොලේ හොද දෙකට යොමු කලොත්
හොරකමට යොදවන තාක්ෂණික බුද්ධිය වෙන දෙයකට යෙදෙව්වනම් රටම ගොඩනේ (ස)
අද කාලේ මේවා කරන්නේ නිලධාරීන්ගෙන් සහ බලධාරීන්ගේ අත්උදවු ඇතුව. (නි)
රංජිත් ඒකම තමයි මටත් අහන්න තියෙන්නේ(ස)
පොඩි මිනිස්සුන්ට මේවා කරන්න තහනම් .ලොකු මිනිස්සු මොනවා කරත් ප්‍රශ්නයක් නෑ ..ඔවා ගෙන්වන ලොකු මිනිස්සුන්ගේ නම් ගම් හෙලි කරන්න බැරි ඇයි (ස)
මේ තමයි ආසියාවේ ආශ්චර්‍ය්‍ය (ස)