කොළඹ සුගතදාස ක‍්‍රීඩාංගනයේ දී පැවැති 90 වැනි ජාතික මළල ක‍්‍රීඩා ශූරතාවලියේ දී මීටර 100 පිරිමි ඉසව්ව ජය ගත් හිමාෂ ඒෂාන් තහනම් උත්තේජක ගැනීමේ චෝදනාවට ලක්වී තිබේ. තවමත් 18 හැවිරිදි වියේ පසුවන ඒෂාන් ශ්‍රී ලංකා පාසල් සංගමය නියෝජනය කරමින් එහිදී තරග වැදුණු අතර ඔහු තත්ත්පර 10.50 කට තරගය ජය ගැනීමට සමත් විය. ජාතික මළල ක‍්‍රීඩා ශුරතාවලියේ දී ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ගේ මුත‍්‍රා නියැදි පරීක්ෂාවට අනුව ඔහුට තහනම් උත්තේජක චෝදනාව එල්ලවී තිබේ. පසුගිය සති අන්තයේ දී පැවැති 24 වැනි ජාතික යොවුන් ක‍්‍රීඩා උළෙලේ දී මීටර 100 පිරිමි ඉසව්ව නව තරග වාර්තාවක් පිහිටුවමින් (තත්ත්පර 10.54) ජයගැනීමට ද ඒෂාන් සමත් විය. තහනම් උත්තේජක චෝදනාවට ලක්වීම නිසා ඊයේ නිමාවට පත්වූ 38 වැනි ජාතික මහ ක‍්‍රීඩා උළෙලේ මලල ක‍්‍රීඩා තරගාවලියට සහභාගිවීමේ අවස්ථාව ඒෂාන්ට අහිමි විය.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්රහාරය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ දේවල් වලින් ක්‍රීඩකයෝ මානසිකව වැටෙනවා (ස)
මේක දක්ෂයන් හැලීමේ කුමන්ත්‍රණයක් (දී)