IMG-LOGO

මඤ්ඤොක්කා අලෙවිකර ගන්න බැරුව මහවැලි එච් කලාපයේ ගොවීන් පීඩාවට

(දයාරත්න ඇඹෝගම)

විදේශ රටවලට අපනයනය කරන බවට පවසා මහවැලි අධිකාරියේ මැදිහත්වීමෙන් පෞද්ගලික ආයතනයක් සමඟ එක්ව මඤ්ඤොක්කා වගා කළද ඒවා සාධාරණ මිලකට අලෙවිකර ගැනීමට නොහැකි වීමේ හේතුවෙන් තමන් දැඩි දුෂ්කර තත්වයකට පත්ව ඇතැයි එච් කලාපයේ ගොවිහු පවසති.

මහවැලි එච්. කලාපයේ එප්පාවල, කටියාව, මහඉලුප්පල්ලම ඇතුළු ප්‍රදේශ කිහිපයකම ගොවියන් පුද්ගලික සමාගමක් සමඟ සිදුකළ වෙළද ගිවිසුමක් අනුව අක්කර තුන්සීයකට ආසන්න භුමි භාගයක මඤ්ඤොක්කා පසුගිය මාස කන්නයේ වගාකොට තිබේ.

ගොවීන් පවසන්නේ තම වගාවන් වලට නියමිත කාලය ඉක්මවා මේ වනවිට මාස දහයක පමණ කාලයක් ගතවී ඇතත්  මෙතෙක් තම අස්වැන්න මිලදී ගැනීම සඳහා මහවැලි අධිකාරිය යටතේ හදුන්වාදුන් සමාගමේ කිසිවකු නොපැමිණි බවයි.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වු එප්පාවල කෙට්ඨාශයේ ඩී 01 ගොවි සංවිධානයේ සභාපති අතුල දිසානායක මහතා,

“පුද්ගලික සමාගමක් විසින් එච්.කලාපයේ  ගොවින් සමග මඤ්ඤොක්කා වගා කරන්න ගිවිසුම් ගත වුණා. මඤ්ඤොක්කා කිලෝව රුපියල් අනුවකට මිලදී ගන්නා බවටත් එම සමාගම පොරොනදු වුණා. ඒක ගිවිසුමෙත් සඳහන්ව තිබෙනවා. එම ගිවිසුම අනුව ගොවියන් පසුගිය මාස්කන්නේ රුපියල්  ලක්ෂ ගණන් වියදම් කරලා මඤ්ඤොක්කා අක්කර තුන්සීයක විතර වගා කළා. නමුත් වගාවට නියමිත කාලයත් ඉක්මවා  මාස දහයක පමණ කාලයක් වෙනවා. රුපියල් 90.00 ගානේ මඤ්ඤොක්කා කිලෝව මිලදී ගන්නවා කියලා පොරොනදු වුණාට තවමත් මේ සමාගම මඤ්ඤොක්කා අස්වැන්න මිලදී ගන්න ආවේ නැහැ”.

මේ සම්බන්ධයෙන් මහවැලි අධිකාරියේ තඹුත්තේගම නියෝජ්‍ය නේවාසික කළමනාකරු(කෘෂිකර්ම) ඒ.එම්.එස්.අබේරත්න මහතාගෙන් සිදුකළ විමසුමේදී ඒ මහතා කියා සිටියේ, 
“මඤ්ඤොක්කා වගා කිරිම සදහා මෙම ගොවින් හා අදාළ පුද්ගලික සමාගමත් සමඟ ගවිසුමක් අත්සන් කළා. ඒ අවස්ථාවට අපිත් සම්බන්ධ වුණා. ඒ අනුව ගොවියන් මඤ්ඤොක්කා වගා කළා .බිම් සැකසීමේ ඉදන් අස්වනු නෙලන තෙක් එම කාර්ය ගොවියන් විසින් සිදුකළ යුත්තේ. ඒ සඳහා අවශ්‍ය  කෘෂිකර්ම උපදෙස් හා ජලය ලබාදිම තමයි අපි කරන්නේ. අස්වනු නෙලන අවස්ථාවේදී අදාළ සමාගමෙන් මේ අස්වනු මිලදී ගන්නේ නැත්නම් ගොවියන්ගේ යුතුකම තමයි ලිඛිතව හෝ වාචිකව අපි දැනුවත් කිරීම. ගොවියෝ අපි දැනුවත් කළේ නැහැ. ගොවියන්ගේ අස්වනු මිලදී ගැනිමට තමන් අදාළ සමාගමට දැනුම් දී ඇති බවත් අබේරත්න මහතා මෙහිදී පැවසීය.



අදහස් (3)

මඤ්ඤොක්කා අලෙවිකර ගන්න බැරුව මහවැලි එච් කලාපයේ ගොවීන් පීඩාවට

sisil Friday, 18 October 2024 06:00 PM

jvp අතහැර මාලිමාව සමග එක්වූ නාමල් කරුණාරත්නට කියන්න... ඔහු ගොවීන් වෙනුවෙන් පෙනී සිටීවි...

:       7       13

නාමල් කරුණාරතන Friday, 18 October 2024 11:43 PM

මේ දවස්වල මම බිසී ඡන්දේ ඉල්ලන නිසා..පස්සේ වෙලාවක බලමු.

:       2       15

sam Saturday, 19 October 2024 03:27 AM

මහවැලි අධිකාරියේ ජනතා බඳුවලින් පඩි ගන්න තොපි ඉන්නේ නිකන් පුටු රත් කර කර, නිදිකිරා වැටි වැටී ඉන්න නෙමෙයි. උඹලා ඒ අහිංසක ගොවියෝ ඒ සමාගම් එක්ක ගිවිසුම් ගහලා විසඳුමක් දෙන එක යුතුකමක් නේද? නියමිත කාලෙට හොයා බලා අවශ්‍ය වැඩ පිළිවෙල ක්‍රියාත්මක කිරීම. තොපි පින් පඩි ගන්න වැඩකට නැති උන්. දැන්වත් වැඩ කරපල්ලා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 14394 5
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 415 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 251 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

Our Group Site