අධිකරණ සේවා කොමිසමේ ලේකම් මංජුල තිලකරත්න මහතාට පසුගිය ඔක්තෝබර් 7 වැනිදා ගල්කිස්සේ දී පහරදුන් මැරයන් මෙතෙක් අල්ලා නොගත් බව පොලිසිය අධිකරණයට අද ඉදිරිපත් කළ වාර්තාවේ දැක්වේ. ගල්කිස්ස ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් නිරෝෂා ප‍්‍රනාන්දු මහත්මිය පොලිසියට පැවැසුවේ කඩිනමින් පරීක්‍ෂණය පවත්වා අපරාධකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙසයි. සහකාර පොලිස් අධිකාරී ධර්මදාස පතිරණ මහතා පැවැසුවේ මැරයන් ආ බව කියන වර්ගයේ රිය 450ක් පමණ පිරික්සූ බවයි. එදින හුවමාරු වූ දුරකතන ඇමැතුම් පිළිබඳ වාර්තා දුරකතන සමාගම් වලින් නොලැබුණු බව ද ඔහු කීවේය. දෙසැම්බර් 13 වැනිදාට පරීක්‍ෂණ කල් තැබිණි.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා දැකල හිනාව නවත්ත ගන්නේ කොහොමද අයියෝ? (ස)
මම නම් හිතන්නේ නැහැ කවදාවත් එයාලව අල්ලයි කියලා. (නි)
නොකෙරෙන වෙදකමට කෝඳුරු තෙල් හත්පට්ටයකුත් ඕනලු. ඒ ටික හොයාගන්නම බැරිලු (ස)
පොලිසිය මොකක්ද දන්නෙ නැහැ කරන්න හදන්නේ? (නි)
කවුද ගැහුවේ..?? කවදද ගැහුවේ.. ?? කොහොදිද ගැහුවේ..? මට මතක නැනේ (ස)
හොද වැඩ නම් හොදයි කොහොමත්. නමුත් මේ විනාශයට ලොකු ලොක්කෝ වගකිව යුතුයි. (නි)
පොලීසියටත් තීරණයක් ගන්න බැරිවෙලා තියෙන්නේ (ස)
අපේ පැතිවල හොරු පොලිසිය එක්ක උදේට තේත් බොනවා හොරකමක් කරල පොලිසියට ගියහම අපිට හොරාව අල්ලගෙන එන්න කියනව හොරු වෑඩ කරන්නෙත් පොලිසියෙ කියල හිතල අපි ආයත් ගෙදර එනව...පොලිසිය සෑරදේවා! (ස)
මේ සිද්ධියේ උණුසුම සමාජයට අමතක වෙනකල් ඉඳලා සමහර විට කවුරු හරි කන්ගැට්ටෙක් උසාවියට ඉදිරිපත් කරලා සේරම විසඳලා දමාවි. ලංකාවේ පොලීසිය අදක්ෂ නැහැ. අර කාගේද මස්සිනා කෙනෙකුගේ ගේ බිඳපු අය එක දවසෙන් ඇල්ලුවේ. ඒක නෙවෙයි වෙලා තියෙන්නේ. රොහාන් ඔලුගල, වාස් ගුණවර්ධන වැනි අති දක්ෂ පොලිස් නිලධාරීන්ට මේවා මෙහෙයවන අය අකැමති එකයි. හරියට කරන්න දෙනවානම් ඔවුන් මේවා විසඳලා. (නි)
අපරාදේ වෙච්ච මහන්සිය (ස)
ඔය සැකකරුවන් අල්ලගන්න පුලුවන් කියලා මම නම් හිතන්නේ නැහැ. (නි)
මොකද අප්පා මේ කලබලේ , හෙට අනිද්දාම අපි අශ්චර්‍යයට ගියාම මේවා ඔක්කොම විසදෙනවානේද ? (ස)
අල්ලන්න පුළුවන් උනත් අල්ලන්න බැරි බව මුළු ලෝකෙම දන්නවනේ (ස)
එක තැනක් නම් තියෙනවා. හරියටම කියයි නම, උස, බර... (නි)
කවදාවත් අල්ලන්නේ නම් නෑ (ස)
ඒ මහත්තයම ගහගත්තද දන්නේ නෑ (ස)
ඕවා අල්ලන්න ගිහින් රස්සාව නැති කර ගන්න කැමති කවුද ?? (ස)
නැහැ . නැහැ ඒවා අල්ලන්න බලයක් නෑ (ස)
අර එයාට වඩා සුදුසුකම් තියෙන අයගේ වැඩක් නෙමෙයිනේ..!(නු)
මොනවද මන්දා මේ කතා? (නි)