වසර දෙකක කාලයක් තරග තහනමකට ලක් ව සිටි බොක්සිං කී‍්‍රඩක මංජු වන්නිආරච්චි නැවතත් ජාතික බොක්සිං තරගාවලියෙන් ක‍්‍රීඩාවට පිවිසීමට සුදානම් වෙයි. ජාතික බොක්සිං ශූරතාවලිය ලබන දෙසැම්බර් මස 17 වැනිදා සිට මෙම 21 වැනිදා දක්වා මහනුවර ලීනියා සමාගම් බොක්සිං ක‍්‍රීඩා සංකීර්ණයේදී පැවැත්වීමට නියමිතය. 2010 වසරේ පැවැති පොදුරාජ්‍ය මණ්ඩලයීය ක‍්‍රීඩා උළෙලේ බොක්සිං තරගාවලියේ කිලෝග‍්‍රෑම් 56 බැන්ටම් බර පංතියෙන් මංජු රන් පදක්කම දිනාගත්තේය. තරගයෙන් අනතුරුව මංජුගෙන් ලබාගත් මුත‍්‍රා සාම්පලයේ නැන්ඩ්‍රොලින් නම් තහනම් උත්තේජක ඇතියි චෝදනාවට ලක්විය. ඔහුට පැනවූ වසර දෙකක තරග තහනම ඉකුත් ඔක්තෝබර් මස 13 වැනිදා අවසන් විය. මංජු පවසන්නේ තවත් වසර දෙකක් වැනි කාලයක් තමන්ට ක‍්‍රීඩා කළ හැකි බවත්, ජාතික ශූරතාවලිය ඉලක්ක කරමින් මේ දිනවල පන්නලදී පුහුණුවීම්වල නිරතවන බවත්ය.
1
“නැවෙන් කටට” දැන් හරහට
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබට ජය! ආයෙත් නම් වැඩේ අවුල් කරගන්න එපා. (නි)
ජයවේවා....ඔබ නියම ශුරයෙක්
ඔබට ජය මංජු (ස)
නැවතත් අපේ රටටත්, ඔබේ නමටත් කැලලක් නොවෙන විදියට කටයුතු කරන්න. ඔබට ජය (ස)