දුම්රිය සේවක  වැඩ වර්ජනයත් සමග දුම්රිය ගමනා ගමනය අද මුළුමනින්ම ඇන හිටියේය. කාර්යාල සේවයන් අතුළු මගීහු දහස් ගණනකට ගමන් පහසුව බරපතල ප්‍රශ්නයක් විය. ඇතැම් ප්‍රධාන නගරවල බස් නැවතුම්පළවල දිගු පෝලිම් දක්නට ලැබිණි. දුම්රිය ස්ථානධිපති කාර්යාල, ටිකට් කවුළුද වසා දමා තිබූ අතර විශ්‍රාමික දුම්රිය රියදුරන් හා නියාමකයන් ලවා දුම්රිය කිහිපයක් ධාවනය විය. ගාල්ලේ සිට අද උදේ කොළඹට දුම්රිය තුනක් ළඟාවිය. අම්බලන්ගොඩ සිට කොළඹට ඒමට පැය දෙකහමාරක් ගත විය. එම දුම්රියවල මගීන් බොහෝ සෙයින් දක්නට නොලැබිණි. කළුතර මාතර ගාල්ල මරදාන මරදාන ඡායාරූප සජීව විජේවීර, ක්‍රිෂාන් ජිවක, සුමින්ද සුදරුශන සහ ඩික්සන් වසන්ත