ඓතිහාසික ලාහුගල මගුල් මහා විහාරයේ චෛත්‍ය ඉදිරිපිට තිබූ මල් ආසනය පැහැරගෙන ගොස් කැබලි 20කට පමණ කඩා අසල රක්ෂිතයකට දමා තිබියදී සොයා ගත් බව විහාරාධිපති හුලංනුගේ රතනසාර හිමියෝ කියති. කලුගලින් නිම කළ මෙම මල් ආසනයේ මැද නෙළුම් මලක් තිබූ බවත්, එහි නිධන් ඇතැයි සිතා එය කඩන්නට ඇති බවත්, සොයා ගත් කැබලි අතර නෙළුම්මල නොවූ බවත් පොතුවිල පොලීසිය කියයි.