|
ආදරණීය බව, තාරුණ්‍යයේ පෞරෂත්වයට මුසුකල පිරිපුන් හඬ නිසාම කිත්සිරි ජයසේකර නමැති ඔහු බොහෝ දෙනා අතර සමීප රුවක් වූවේය. ගීතයේ අලූත් - අලූත් දේ අත්හදා බැලීම් කළ කිත්සිරි හෙවත් බොහෝ මිතුරන් ආදරයට අමතන ‘‘කිත්තා’’ මේ දිනවල පදිංචිව සිටින්නේ තම ආදරණීය මව් බිමේ නෙවෙයි. සීතල ඊතල වගේ සිරුරට කා වද්දන සීතල කැනඩා දේශයේයි. පසුගිය මාර්තුවෙ කිත්සිරි තම සදාදරණිය බිරිඳ උපේකා සහ දරු දෙදෙනා සමග කැනඩාවට පදිංචියට ගියේය. ඇත්තටම ඇයි ඔහු කැනඩාවට ගියේ? එහි සිට අලූත් වැඩක් කරන්න යනවා කියලත් ආරංචියි. මේ කැනඩාවේ සිටින කිත්සිරි ‘සැඳැල්ලට’ විශේෂයෙන් ලබා දුන් පිළිසඳරකි.
|
කිත්සිරි ඇයි කැනඩාවට ගියේ?
උපේඛාගේ උසස් අධ්‍යාපනය වෙනුවෙන් ගියේ. දරුවන්ගෙ අනාගත දියුණුව ගැනත් හිතුවා. මටත් සංගීතයේ නව ප‍්‍රවණතාවයන් ගැන හදාරන්න ඕනෑ වුණා. විශේෂයෙන්ම සංගීත චිකිත්සාව සම්බන්ධයෙන්. ඒ සියල්ල නිසා අපි පවුලම මෙහෙට ආවා.
දැන් කොහොමද ජීවිතේ? වඩා හොඳ ලංකාවද? කැනඩාවද?
නිදහස අතින් කැනඩාව ඉතාම හොඳයි. මිනිසුන්ට ජීවත්වීම බරපතළ නැහැ. ඔවුනට ජීවිතය ලැබී තිබෙනවා. මෙහේ අධ්‍යාපනයත් ඉතා ක‍්‍රමවත්. දරුවකු පාසලකට ඇතුළත් කිරීම තමයි පහසුම දේ. ඔවුනගේ ඉදිරි අධ්‍යාපනයට සෑම පහසුකමක්ම මෙහේ තියෙනවා.
කැනඩාවේ ගෙවන ජීවිතයට උපේඛා කැමතිද?
එයා ලංකාවේ සරසවි පද්ධතිය ගැන කළකිරිලා හිටියෙ. අපේ රටේ සිටිය යුතු වටිනා මිනිස් සම්පතක් මේ රටේ ජීවත් වෙනවා. ඇය උගත් දෙයින් මේ රටේ සිංහල දරුවන්ට අධ්‍යාපනය ලබාදීම ගැන ඇය හරි සතුටින් සිටින්නේ.
ප‍්‍රසංග වේදිකාවෙන් ඈත්වෙලා සිටීම ඔබට ගෙන දෙන්නෙ මොන වගේ හැඟීමක්ද?
මේ වන විට අපි ප‍්‍රසංග තුනක් මෙහේ පැවැත් වූවා. මෙහෙට දැන් ශීත කාලයයි. ඉදිරියේදී තව ප‍්‍රසංග කීපයක්ම පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. උපේඛා මම එක්ව මෙහේ දරුවන්ට සංගීත සහ නර්තනය පිළිබඳව දැනුම ලබා දෙනවා. අපි දෙන්නා සංගීත පාසලක් ආරම්භ කළා. මෙහි සිටින සිංහල දරුවන් විශාල පිරිසක් අපෙන් හැදෑරීම් කරනවා. හඬ පුහුණුව සඳහා වැඩිහිටියනුත් සහභාගි වෙනවා.
ඔබේ සහෝදරයා වන දයාසිරි ජයසේකර වගේ ඔබත් දේශපාලනයට ඒමේ අදහසක් තිබෙනවාද?
දේශපාලනයට එන බවට පසුගිය කාලයේ රාවයයක් තිබුණා. එක්තරා වෙබ් අඩවියකත් ඒ ගැන පළවෙලා තිබුණා. මට හිතෙන විදියට මගේ සහෝදරයාටත් දේශපාලනය ගැන තියෙන්නෙ ලොකු කළකිරීමක්. එහෙව් එකේ මට දේශපාලනයට එන්න අදහසක් නැහැ. නමුත් පැහැදිලි දර්ශනයක් ඇති විනයගරුක, ප‍්‍රතිපත්තිගරුක නායකයෙක් යටතේ අනාගතයේ දේශපාලනයට එන්නත් බැරි නැහැ.
ලංකාවට එන්නෙ කවදද?
ඇවිත් යන්න ඒවි. මගේ අලූත් නිර්මාණ එකතුව එළිදැක්වීමට මේ දිනවල කටයුතු යොදනවා. ලංකාවේ ප‍්‍රතිභාපූර්ණ ගීත රචකයෙක් සහ සංගීත අධ්‍යක්‍ෂවරයෙක් සමග මේ ගැන කතා කරලා ඉවරයි. අපේ ජනතාවට එය අලූත් අත්දැකීමක් වේවි. තුන් ඈදුරු නිර්මාණයක්. හරිම වෙනස් අලූත් අත්හදා බැලීමක්. සමහර විට යුග ගායනයට බටහිර ගායිකාවක් එක්වේවි. ඔවුනුත් අපේ සිංහල බසින් ගයාවි.
කවුද ඔබ එක්ක යුග ගී ගයන බටහිර ගායිකාව?
ඒක රහසක්.
මී පැණි රහසක් ගැලූවා සුකිරි කන්දෙන් !” ඒ ගීතය වගේ රහසක්ද?
ඊට වඩා වෙනසක් මේ ගීත එකතුවේ තියේවි.
එංගලන්තයේ ප‍්‍රසංගයක් කිරීමටත් සූදානමින් ඉන්න බව ආරංචියි?
එහෙම අදහසකුත් තියෙනවා.
කොහොමද විවේකය ගෙවන්නෙ?
ලංකාවේ වගේ ප‍්‍රශ්න ඔළුවෙ නැහැ. මොනතරම් වැඩ කළත් වැඩ කරන වෙලාවට වැඩ. අනෙක් වෙලාවට පුදුම විවේකයක් දැනෙන්නෙ. මෙහි සිටින ශ්‍රී ලාංකිකයන් අපට ගොඩක් ආදරෙයි. ඔවුන් එක්ක ගෙවන ජීවිතය හරිම ප‍්‍රබෝධමත්.
මොනවද ලංකාවේ රසිකයින්ට කියන්න තියෙන්නෙ?
අපට අපේ දරුවන්ට ආදරය කළ දෙමාපියන්ට සහෝදර, සහෝදරියන්ට හැමෝටම සුබ අනාගතයක් ප‍්‍රාර්ථනා කරනවා. වසර අවසන දැවැන්ත ප‍්‍රසංගයක් එක්ක අපි හමුවෙමු.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියයි, මල්ලියි දෙන්නම එක වගේනේ.(නදී)
අපි වෙනුවෙන් නැවත ලංකාවට එන්න (දී)
මමනම් හිතන්නේ දැන් කවුරුවත් දේශපාලනයට කැමති නැහැ (දී)
ඇත්ත වෙන්න පුළුවන් (දී)
ඔබ දෙපලටම අපි ආදරෙයි (දී)
ජයවේවා (දී)
ඔබතුමාට හරියන්නේ දේශපාලනය නොවෙයි සින්දු කියන එක (දී)
ලංකාවේ මනුස්සකම් සීඝ්‍රයෙන් පිරිහෙනවා. ඒ අතින් එහේ හොදයි. (නි)
ඔබතුමාත් දේශපාලනය නවත්තලා සින්දු කියන්න පටන් ගන්න (දී)
ඔබ ගත් තීරණය හොදයි. දියුණු තාක්ෂණය යොදාගෙන ඔබට බැරිද ඔහේ ඉදගෙනම සිංදු කියන්න? (නි)
රුවිනි, ලංකාව එක් සුන්දර රටක් වුවත් එහි මනුස්සකමක් නැහැ. (නි)
මෙහේ වගේ නෙමෙයි, එහේ අනුන්ගේ දේවල් වලට ඇගිලි ගහන්න කවුරුත් නැහැ. (නි)
රටේ දක්ෂකම් ඇති අය රට හැරයාම මහ අපරාධයක්. (නි)
ඔහේ නීතිය නම් හරිම ෂෝක් නේද? (නි)
මාත් ඉන්නේ සුන්දර කැනඩාවල, මෙහේ කාටවත් සර් කියන්න දෙකට නැමෙන්න ඕනේ නැහැ.(නදී)
ලංකාවේ අපිත් දැන් නම් කල කිරිලා ඉන්නේ (දී)
මෙහෙ නීතිය ජනාධිපතිටත් එකයි. අපිටත් එකයි. මහ රෑක උනත් පාරේ ගෑණියෙකුට යන්න පුළුවන්.(නදී)
රුවිනි සල්ලි නම් ලංකාවේ ඉදගෙන උනත් හම්බ කරන්න පුළුවන්. ගොඩක් මිනිස්සු රට හැරයන්නේ නිදහස්, සාධාරණ සමාජයක් සාධාරණ ජීවිතයක් හොයාගෙන.(නදී)
එහෙත් මෙහේ වගේ ඇදුනුම්කමක් ඕනෑද රස්සා වලට යන්න? (නි)
මෙහේ බස් එකක වත් යන්න බැහැලු. හැබැයි කියන්නේ නම් අපිලු උත්තම ජාතිය...?? (නි)
එහෙනම් අපි ගැන හිතා ගන්න පුළුවන් නේද (දී)
ඔබතුමා හරිම වාසනාවන්තයි. බුදු සරණයි! (නි)
අනේ සර් එහෙමනම් කියන්න එපා (දී)
දයාසිරි මහත්තයෝ, ඔය නම් ඔහොම කළකිරෙන්න එපා. සුදුසු පුද්ගලයෙකුගේ දෑත් ශක්තිමත් කරන්න ගියා නම් ප්‍රශ්නයක් වෙන්නෙ නැහැ. (නි)
ඒ උනාට ඔබ දේශපාලනයෙන් ඉවත් වෙන්න එපා
මේ වචන මෙහෙ අයට කියන්න දවස උද කරන්න පුළුවන් කාටද? "නිදහස අතින් ලංකාව ඉතාම හොඳයි. මිනිසුන්ට ජීවත්වීම බරපතළ නැහැ. ඔවුනට ජීවිතය ලැබී තිබෙනවා. මෙහේ අධ්‍යාපනයත් ඉතා ක‍්‍රමවත්" (නි)
කියලා වැඩක් නැහැ ලංකාව ගැන නම්. (නි)
දේශපාලනය ගැන නම් කතා කරන්න එපා (දී)
මේකට අදහස් දාන සමහර අය මේ ලෝකේ ඉන්න අයද කියලා හිතෙනවා ඒවා කියවනකොට. අනාගතයේදී එහෙ ඉන්න සිංහලයෝ ආපසු යවන්න කියලා එහෙ ඉන්න දෙමලු ටික කිව්වොත් ලංකාවට අපහාස කර කර එහෙට වෙලා ඉන්න සිංහල අයියලටයි අක්කලටයි ආපහු ලංකාවට ඇවිත් පරිප්පුයි බතුයි කන්න වෙයි.ඒ හින්ද පරිස්සමින්! (නි)
දේශපාලනය කියන්නේ මහජන සේවයක්, වෙලාවකට කලකිරෙනවා තමයි. ඒ හැටි. මොනවා කරන්නද, ගණන් ගන්න එපා (දී)
අනේ ඔබත් ලංකාව හැරගියාද? ගොඩක් කණගාටුයි. (නි)
ඔව්.(නදී)
අපි කවුරුත් එහෙමතමයි (දී)
රේණුකා මොකටද ඔව් කිව්වේ.(නදී)
අනේ දයා, ඔයත් යනවද? (නි)
ඔය දේශපාලන වළේ වැටුණොත් ජීවිතේම දුකක් තමයි. (නි)
ඔබ දෙදෙනාටම මම සුබපතනවා (දී)
දේශපාලනය කියන්නේ මම කතා නොකරන මාතෘකාවක් (දී)
අයියෝ සල්ලි (දී)
කනගාටු දායක පුවතක්. ඔබගේ ගීත අපි තවම රස විදිනවා (දී)
ඔබ දෙපලට අපි සුබපතනවා (දී)
ඇයි ලංකාවේ ළමයි ඉස්කෝලේ දාන්න අමාරුද? (නි)
ඔබට සුභ පැතුම්! (නි)
කොහොම වුණත් හුගක් දෙනාගේ බලාපොරොත්තුව බටහිර රටක ජිවත් වීමයි. (නි)
මාත් ඉන්නේ කැනඩාවේ. මෙහි ඇත්ත තත්වය කිව්වට ස්තූතියි (ස)
සුබපතනවා ඔබට. ලංකාවට එන්න (දී)
සෑම් ඉන්නේ ලංකාවෙද? (නි)
මේ චරිත දෙකම රටේ පිළිගත්ත චරිත. ඔබ දෙපල ක්ෂේත්‍ර දෙකක වැඩකලත් හොදින් වැඩ කරනවා. මම සුභ පතනවා (දී)
කලාකරුවෙක් හා දේශපාලඥයෙක් කියන්නේ අහසට පොලව වගේ. සංවේදී කලාකරුවෙකුට දේශපාලඥයෙක් වෙන්න බැහැ. මගේ කැමැත්ත කලාකරුවාටයි. (නි)
කිත්සිරි මහත්මයා, ඔබ ලබන වසරේ නැවත අපේ රට අගය කරන්න පටන් ගනීවි. උපන් රටේ අගය දැනෙන්නේ බටහිර අය එපා වෙනකොට. කරුණාකර මේ ගැන තව ටිකක් හිතලා නැවත ලංකාවට සේවය කරන්න. අපි ඉපදුන සුන්දර රට. සල්ලි ටිකක් හොයාගෙන ඔබ පමනක් වත් නැවත ඇවිත් බාලපරපුරට අපේ සංගීතය දෙන්න.(නදී)
සුභපැතුම් (දී)
මොනවා කරන්නද? (දී)
ඔබේ පවුලේ සැමට මගේ සුභ පැතුම්! (නි)
අනේ ඔබ දේශපාලනයෙන් නම් අයින් වෙන්න එපා (දී)
ඇයි රුවිනි, සල්ලි විතරද ජීවිතේ? (නි)
මම ඔබ දෙන්නාටම සුභ පතනවා. ලංකාවට ඉක්මනටම එන්න (දී)
ඔබ මා ඇතුළු සැවොම දේශපාලනය ගැන කල කිරිලා (දී)