මාංශ පේශි වර්ධනය නොවිමේ දුර්ලභ රෝගයෙන් පෙළෙන ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයයේ ව්‍යාපාර කළමනාකරණ හා වාණිජ පීඨයේ කසුන් චාමරට සහ ඔහුගේ පවුලේ සාමාජිකයනට බොරලැස්ගමුවේ ජී.එච්. පෙරේරා මාවතෙන් කුලී නිවසක් ලබා දීමට ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයයේ ආදි විද්‍යාර්ථියින්ගේ සංගමය අද පියවර ගත්තේය.
චාමරගේ අධ්‍යාපනය අවශ්‍ය කලමනාද ද නිවසට අවශ්‍ය බඩු ද සරසවි අධ්‍යාපනය නිම වන තෙක් ශිෂ්‍යත්වයක් දීමට ද විද්‍යාර්ථියෝ පියවර ගත්හ.
එම සංගමයේ සාමාජික අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කසුන් චාමරට නිවසේ හිමිකාරිත්වය පරිත්‍යාග කිරීම සංකේතවත් කරමින් ලැප්ටොප් පරිගණකයක් ලබා දුන්නේය.
මෙම අවස්ථාවට අදි විද්‍යාර්ථියන්ගේ සංගමයේ සභාපති ඩබ්ලිව්.කේ. වෑගපිටිය, උප සභාපති ආර්.එස්. ඉද්දමල්ගොඩ, ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයයේ කළමනාකරණ හා විද්‍යා පීඨාධිපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග, බුද්ධදාස ගලප්පත්ති, ජේඑම්.සී. ජයසේකර මහත්වරුද එම අවස්ථාවට එක් වූහ.
ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
මේ බලන්න අනාගතේ : නුඹ තනි වී නොමැත පුතේ
චානක Thursday, 08 November 2012 04:37 PM
නියමයි..හොඳ වැඩක් .(ස)
හේමන්ත Wednesday, 07 November 2012 10:00 PM
ඔන්න පටන් ගත්තා ඒ ගමන.... (නි)
අශ්රෆ් Wednesday, 07 November 2012 10:13 PM
මෙවැනි පුද්ගලයින් මෙලෙස දිරිගැන්වීමට උපකාර කළ සැමට අපගේ ස්තූතිය. (නි)
බුද්ධික Thursday, 08 November 2012 12:00 PM
මේ වගේ වාසනාවන්ත අම්මා කෙනෙක් ලබන්න කොච්චරනම් පිං කරන්න ඕනද? ආදරණීය අම්මේ ඔබ අනිත් අම්මලාට ලොකු ආදර්ශයක්.!(නු)
කුමාර Wednesday, 07 November 2012 10:21 PM
කැම්පස් වල ඉන්න මන්දබුද්ධිකයන්ගෙ නවක වදයෙන් මේ ළමයාව බේරන්නෙ කවුද? (නි)
තිලින Thursday, 08 November 2012 12:17 PM
ඇත්තටම සතුටුයි.!(නු)
අසේල Wednesday, 07 November 2012 10:47 PM
දම්සර, ඔබ හරි. උදාර මාතාවක්. (නි)
සුගන්දි Friday, 09 November 2012 02:50 PM
ඇතතටම මේවා මොනතරම් කුසල්ද අහිංසක මේ වාගේ අයට උදවු කරන්න ඉදිරිපත් වු සියලුම දෙනාට අමා නිවන ලැබේවා බුදුසරණයි ..(ස)
වජිර Wednesday, 07 November 2012 10:58 PM
අනේ මේ අම්මා දැක්කහම නම් මට පවු කියලා හිතෙනවා. (නි)
ශාන්ත Wednesday, 07 November 2012 11:02 PM
මොනතරම් ලස්සන දෙයක් කළත් ඒ හැමදේකම කැත දකින කිවි වගේ මිනිස්සු නිසා රට අරාජික වෙලා. (නි)
සනත් Thursday, 08 November 2012 12:27 PM
කිසිදා ඔබ තනි වී නැත
සිල්වා Wednesday, 07 November 2012 11:25 PM
සාධාරණය ලොව රජයන විට ඉතිරි වන්නේ සාධාරණ, ධාර්මික මිනිසුන් පමණි. (නි)
කුමාර Wednesday, 07 November 2012 11:36 PM
ඔබ ඉගෙනගෙන මතු දවසක උසස් තනතුරකට ආ විට මුල අමතක නොකරනු ඇතැයි අපි සිතමු. (නි)
ජගත් Wednesday, 07 November 2012 11:41 PM
ඔබ සියලු දෙනාට සහ ලංකාදීප පුවත්පතට පින්! (නි)
තාරක Thursday, 08 November 2012 12:21 AM
රාටේ සල්ලි නාස්ති කරන ලොක්කන්ගෙත් එයාලගේ පුත්තුන්ගෙත් නෙත් පෑදේවා! (නි)
ප්‍රියන්ත Thursday, 08 November 2012 12:27 AM
ඇත්තටම මීට කලිනුයි මේ දරුවටයි, අම්මටයි උපකාර කරන්න තිබුණේ. මේ ගැන ජනතාව දැනුවත් කළ ජනමාධ්‍ය ආයතන වලට අපගේ උපහාරය! (නි)
කොස්වත්ත Thursday, 08 November 2012 01:09 AM
මෙවන් උතුම් දේකට හවුල්වුණු ඔබසැමට දෙවි පිහිටයි. (නි)
චන්ද්‍රසිරි Thursday, 08 November 2012 01:29 AM
මේ මහා පින්කමට සම්මාදන් වූ සියල්ලටම පින්. (නි)
රණා Thursday, 08 November 2012 04:32 AM
මේ ළමයාට රෝද පුටුවක් ලබා දීම වඩාත් උචිතයි. මොකද මේ ළමය උස්සාගෙන ගිහිල්ලා මේ අම්මාට ළඟදීම කොන්දේ විශාල අමාරුවක් එනවා. (නි)
සෝමා Thursday, 08 November 2012 04:46 AM
අපිට ලිපිනය දෙන්න. අනෙක මතක තියාගන්න , ඔය වගේ තවත් ඉන්නවා කියලා. (නි)
සාමා Thursday, 08 November 2012 06:27 AM
ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලැබේවා! ඔබ සියල්ලන්ටම ආදර්ශයක්. (නි)
රෝෂිකා Saturday, 10 November 2012 07:37 AM
අද දරුවන් කුණු කූඩවලට විසිකරන යුගයක ඔබ හොද ආදර්ශයක් අම්මේ. (නි)
රොෂාන් Thursday, 08 November 2012 07:28 AM
ඔබට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය අම්මේ. (නි)
කමල් Thursday, 08 November 2012 07:45 AM
මේ උදව් කල සියළු දෙනාටම බොහෝම පින් අත් වේවා.(ස)
රොහාන් Thursday, 08 November 2012 08:15 AM
කවුද මේ ගෙදර කුලිය ගෙවන්නේ (ස)
මිලාන් Thursday, 08 November 2012 08:19 AM
පුතේ ඔයාට ජේසු පිහිටයි .........(ස)
රවී Thursday, 08 November 2012 08:25 AM
සියලු දෙනාටම මේ පිනෙන් පින්වත් පුතුන් ලැබේවා (ස)
අජිත් Thursday, 08 November 2012 08:49 AM
මේ පින්කම ඉතා ශ්‍රේෂ්ඨයි . මෙයට මුල් වූ අපේ ආදි විද්‍යාර්ථයින් සියලු දෙනාට පින් . තෙරුවන් සරණයි (ස)
හර්ෂ Friday, 09 November 2012 05:14 PM
ගොඩක් පින් වැඩක්. (නි)
නිශාද් ප්‍රීනා Thursday, 08 November 2012 09:15 AM
කසුන් පුතේ.. ඔබට හොද පිංබර අම්මා කෙනෙක් ලැබිලා තියෙනවා.. දරුවන් හොද හැටි බලාගන්න දන්නෙ නැති උවමනාවක් නැති අම්මාවරුන්ට එය හොද ආදර්ශයක් වේවා..! මගේ සුභ පැතුම්..!(නු)
සරත් Thursday, 08 November 2012 09:15 AM
මේ පරිත්‍යාගය කල අයට ගොඩක් පින් . ඔබ හොඳින් ඉගෙන ගන්න පුතේ (ස)
බුද්ධදාස ගලප්පත්ති - ජපුර විද්‍යාර්ථයන්ගේ සංගමයේ ලේකම් Thursday, 08 November 2012 09:33 AM
ප්‍රතිචාරයලට ස්තුතියි.. කුලී නිවසක කුලිය වර්ෂයක් සදහා අපේ සංගමය ගෙවනවා. දෙවැනි වසර ගැන සංගමය පසුව කටයුතු කරනවා.. කසුන් වගේම ආධාර උපකාර ලැබිය යුතු දක්ෂ බුද්ධිමත් දරුවන් ඉන්නා බව අපි දන්නවා.. ඒ අය වෙනුවෙනුත් අපේ ජපුර ආදි විද්‍යාර්තයන්ගේ සංගමය අවශ්‍ය පරිදි හැකි අයුරින් කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා..(නු)
තුෂාරි Thursday, 08 November 2012 09:41 AM
මනුස්සකම හෑල්ලු වුණ මේ යුගයේ අනෙක් අයට පාඩමක් උගන්වන වැඩක්..මේ අම්මට බුදුබව ලැබෙන්න ඕනි (ස)
සිරිමල් Thursday, 08 November 2012 09:58 AM
ඇමතිතුමා මේ වගේ තව දස දහසක් පිං කරලා කැළණියත් වැන්දොත් නම් ටිකක් හරියයි..!(නු)
යසන්ත Thursday, 08 November 2012 10:18 AM
උපකාර කල සැමට පින් (ස)
චමින්ද Thursday, 08 November 2012 10:26 AM
මේ ආකාරයේ අපහසුතාවන්ගෙන් පීඩා විඳිමින් ජීවත්වන සැමට පිහිටවිය හැකි වැඩපිළිවෙලක් සංවිධානය කර ජාතික මට්ටමින් පවත්වාගෙන යාමට අපේ රටට හැකියාවක් නැද්ද? බටහිර රටවල් වල නම් එවැනි වැඩ පිළිවෙලවල් ඕනෑ තරම් තියෙනවා. මනුස්සකම් ගැන විශාල ලෙස කතා කරන අපේ රට වල් වල එහෙම නිසි වැඩ පිළිවෙලවල් නැහැ නේද?(ස)
විජේසිංහ Thursday, 08 November 2012 10:22 AM
විශිෂ්ටයි (ස)
විභූති Thursday, 08 November 2012 02:47 PM
බුද්ධදාස ගලප්පත්ති මහතාට අපේ ස්තූතිය! (නි)
බණ්ඩාර Thursday, 08 November 2012 10:34 AM
මතු ආත්මවලදී ඔබට මෙවන් කරදරයක් අත් නොවේවා. ඔබගේ වීර්යය ධෛර්යය සැබෑවට හරිම පුදුමයි.. ඔබ සතු ණැන ලක්මවට ලැබෙන්නට නිරෝගි සුව පතමි.. බුදුසරණයි..!(නු)
රොෂාන් Thursday, 08 November 2012 10:45 AM
හරිම සංතෝෂයි (ස)
මහින්ද Wednesday, 07 November 2012 06:53 PM
ඇත්තටම සන්තෝෂයි. ඔය වගේ දේවල් තමයි කරන්න ඕනෑ. (නි)
අසිත Wednesday, 07 November 2012 06:55 PM
සතුටුදායක පුවතක්. (නි)
මනුජ කරුණාරත්න Thursday, 08 November 2012 11:00 AM
බණ්දුල ගුණවර්ධන මහතාට, ඩබ්ලිව්.කේ. වෑගපිටිය මහතාට, රංජිත් ඉද්දමල්ගොඩ මහතාට මේ කළ මහගු සත්කාරයට අපගේ හෘදයාන්ගම සුභ පැතුම්(ස)
රංජිත් Friday, 09 November 2012 08:12 PM
ඇත්තටම හොද දෙයක් .ලෝකයටම උතුම් ආදර්ශයක්. (නි)
පාලිත මාලදිවයින Thursday, 08 November 2012 10:52 AM
බොහොම ඉහළින් අගය කළ යුතු ක්‍රියාවක්.. අනෙක් දානපතියන්ටත් මෙය ලොකු ආදර්ශයක්... අපේ මව්බිමේ මේ වගේ උතුම් ක්‍රියාවන් තව තවත් ඉදිරියට ගෙන යා යුතුයි.. මේ සත් ක්‍රියාවට සහභාගී වුන සෑම දෙනාටම දෙවි පිහිටයි.. සම්මා සම්බුදු සරණයි..(නු)
රාජ් Thursday, 08 November 2012 11:09 AM
කවුරු හරි ධානපතියෙක් ඉදිරිපත්වෙලා මේ ගෙදර අරගෙන දෙනවනම් මේ ළමයට (ස)
ඩයස් Wednesday, 07 November 2012 07:23 PM
ලක් මව ඔබ අමතක කළේ නැත පුතේ. (නි)
දිල්කි Wednesday, 07 November 2012 07:27 PM
ඉතාමත් හොද වැඩක්. (නි)
සමීර Thursday, 08 November 2012 11:19 AM
තාත්තා අන්ධ අර ශිෂ්‍යත්වය ඉහළින් ලකුණු ලබාගත් සිසුවියටත් උදව්වක් කරන්න..!(නු)
සුමුදු Thursday, 08 November 2012 11:05 AM
ශිෂ්‍යත්ව විභාගයෙන් වැඩිම ලකුණු ගත් නියදුරුපොල දුව වෙනුවෙනුත් මෙහෙම දෙයක් කරන්න පුළුවං නම් ලොකු දෙයක්.!(නු)
සතිෂ් Thursday, 08 November 2012 11:19 AM
බොහෝ පිං වැඩක්..!(නු)
කවී Sunday, 11 November 2012 10:09 AM
මේ වගේ දරුවන්ට අපිත් උදව් කරන්න අවශ්‍යයි (ස)
කිවි Wednesday, 07 November 2012 07:48 PM
කුලී නිවසක් ලබාදීලා කුලිය ගෙවන්නේ කවුද? (නි)
අජිත් Wednesday, 07 November 2012 07:48 PM
අපගේ පදනම හක්මන ධම්මරතන හාමුදුරුවන්ගේ සරණ පදනම සමග එක්ව කසුන්ට උදවු කළා, අවුරුදු 18 වෙනතුරු. ඔහුට මෙවැනි උපකාර දැන් ලැබෙන බව දැනගැනීමෙන් ඉතාම සතුටට පත් වුණා. (නි) http://www.shareandcare.org.uk/news.htm
සුමන Thursday, 08 November 2012 11:26 AM
වැඩේ හොඳයි.. දේශපාලන ගාව ගත්ත එක තමයි වරද ?.(ස)
චංචලා Friday, 09 November 2012 09:11 PM
ගොඩක් සතුටුයි. (නි)
දයා සෞදි Thursday, 08 November 2012 11:14 AM
මට හිතෙන්නේ මෙහි කුලිය ගෙවන්නෙත් මීට දායක වූ සංගමයම විය හැකියි කියලයි.!(නු)
මධු Wednesday, 07 November 2012 08:11 PM
ඔබට දළදා සමිදු පිහිටයි! (නි)
රයන් Wednesday, 07 November 2012 08:14 PM
නියම වැඩක් සමාදම් වෙච්ච හැමෝටම පින් (අ)
ගාමිණී හෙට්ටිආරච්චි Thursday, 08 November 2012 11:19 AM
ඔබ වාසනාවන්ත පුත් රුවනෙකි ඔබ මෙලොවට බිහිකළ ආදර මව් පිය දේපල විඳි දුක්වල අග්‍ර පලය සමස්ත ලෝකය හමුවේ ප්‍රදර්ශනය කර තිබේ. ඔබේ දිවිගමන සාර්ථක වේවා!.(ස)
තිලක් පෙරේරා Wednesday, 07 November 2012 08:34 PM
රටට හොඳ පුතෙක් වෙන්න වාසනාව පෑදේවා. ඉගෙන ගත්තාට පස්සේ මුල අමතක කරන්න එපා සහෝදරයා (අ)
දම්සර Wednesday, 07 November 2012 08:51 PM
මහමග මිනිසුන් කපාකොටා මරණ මෙවන් යුගයක මණුගුණ දම් රකින මෙවන් උතුම් මිනිසුන් මාගේ මවුබිමට වාසනාවන්. බුදුන්වහන්සේ දෙසූ මග යන්නෝ කරුණාවෙන් දායාවෙන් පිරිපුන් මිනිසුන් වේ. උත්සාහයෙන් කර්මය උව වෙනස් කලහැකිබව බුදුන්වහන්සේ දෙශනා කලහ. කසුන් අද ඔබ ඒ බව ඔප්පුකර ඇත. සියල්ල කර්මයට හෝ දෙවියන්ගෙ කැමත්තට සිදුවේයැයි බලා සිටියානම් ඔබ අද විශ්වවිද්‍යාලයක උසස් අධ්‍යාපනය ලබන්නේවත් මෙම කරුණාවත මිනිසුන්ගේ ආධාර පුකාරලබන්නේවත් නැත. පිංබර අම්මා ගැනද වචනයක් කිවයුතුවේ. මෙවන් රෝගී දරුවෙක් මේ තත්වයටගෙන එන්නට අම්මෙ ඔබ විදිදුක් වේධනා කොතෙක්දැයි සිතිය නොහැකිතරම්වේ. බිහිකළ ගමන් තම දරුවන් මහමග දමායන දරුවන්ගේ ජිවිත නැතිකරණ මාත්තෘත්වයෙන් පිරිහිහුණු මවුවරු පිළිබධව නිතර ඇසෙන කාලයක ආදරණීය අම්මෙ මෙම අසරණ දරුවා කෙරෙහි ඔබ හදවතෙ ඇති සෙනෙහස මෙකරපු කැපකිරීම වචනවලින් විස්තරකළ නොහැකිතරම්වේ වැලේ ගෙඩි වැලටබර නොවේ කියා අපේ සිංහල කියමනක් ඇත සත්තකින්ම ඒ මෙවැනි උතුම් අම්මලාටය. අම්මෙ ඔබ බුදු වේවා. (අ)
තුවාන් ෂරීෆ් Wednesday, 07 November 2012 08:44 PM
ඇත්තෙන්ම මෙවැනි ක්‍රියා අපි අගේ කළයුතුයි (අ)
නිරන් Thursday, 08 November 2012 11:54 AM
ඇත්තමට සංතෝෂයි මෙයට දායක වූ සියල්ලන්ටම මගේ ආචාරය.!(නු)
සමුදි Wednesday, 07 November 2012 09:09 PM
පින් සිද්ධ වෙන වැඩක් (අ)
උපාලි Friday, 09 November 2012 02:03 PM
සහතික ඇත්ත
මහින්ද දිසානායක Wednesday, 07 November 2012 09:37 PM
ගොඩක් වටිනා වැඩක් අහනත් සතුටුයි. අපත් හදවතින්ම ඔබ සමගයි. පුතේ ඔබට තෙරුවන් සරණයි. (අ)
ජයී තිසර Thursday, 08 November 2012 04:36 PM
දිවා රෑ නොනිද වෙහෙසී දිගු කලක් සිට මව් තුමි ඇතුළු දිරිගැන්වූ සැම වෙතට දෛවය නොවේ ධෛර්ය්‍ය පෙන්වූ ඔබට සුභ පතනෙමී ඉදිරියෙ ඇති දිවි මගට .(ස)