මාංශ පේශි වර්ධනය නොවිමේ දුර්ලභ රෝගයෙන් පෙළෙන ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයයේ ව්‍යාපාර කළමනාකරණ හා වාණිජ පීඨයේ කසුන් චාමරට සහ ඔහුගේ පවුලේ සාමාජිකයනට බොරලැස්ගමුවේ ජී.එච්. පෙරේරා මාවතෙන් කුලී නිවසක් ලබා දීමට ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයයේ ආදි විද්‍යාර්ථියින්ගේ සංගමය අද පියවර ගත්තේය.
චාමරගේ අධ්‍යාපනය අවශ්‍ය කලමනාද ද නිවසට අවශ්‍ය බඩු ද සරසවි අධ්‍යාපනය නිම වන තෙක් ශිෂ්‍යත්වයක් දීමට ද විද්‍යාර්ථියෝ පියවර ගත්හ.
එම සංගමයේ සාමාජික අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කසුන් චාමරට නිවසේ හිමිකාරිත්වය පරිත්‍යාග කිරීම සංකේතවත් කරමින් ලැප්ටොප් පරිගණකයක් ලබා දුන්නේය.
මෙම අවස්ථාවට අදි විද්‍යාර්ථියන්ගේ සංගමයේ සභාපති ඩබ්ලිව්.කේ. වෑගපිටිය, උප සභාපති ආර්.එස්. ඉද්දමල්ගොඩ, ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයයේ කළමනාකරණ හා විද්‍යා පීඨාධිපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග, බුද්ධදාස ගලප්පත්ති, ජේඑම්.සී. ජයසේකර මහත්වරුද එම අවස්ථාවට එක් වූහ.
ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියමයි..හොඳ වැඩක් .(ස)
ඔන්න පටන් ගත්තා ඒ ගමන.... (නි)
මෙවැනි පුද්ගලයින් මෙලෙස දිරිගැන්වීමට උපකාර කළ සැමට අපගේ ස්තූතිය. (නි)
මේ වගේ වාසනාවන්ත අම්මා කෙනෙක් ලබන්න කොච්චරනම් පිං කරන්න ඕනද? ආදරණීය අම්මේ ඔබ අනිත් අම්මලාට ලොකු ආදර්ශයක්.!(නු)
කැම්පස් වල ඉන්න මන්දබුද්ධිකයන්ගෙ නවක වදයෙන් මේ ළමයාව බේරන්නෙ කවුද? (නි)
ඇත්තටම සතුටුයි.!(නු)
දම්සර, ඔබ හරි. උදාර මාතාවක්. (නි)
ඇතතටම මේවා මොනතරම් කුසල්ද අහිංසක මේ වාගේ අයට උදවු කරන්න ඉදිරිපත් වු සියලුම දෙනාට අමා නිවන ලැබේවා බුදුසරණයි ..(ස)
අනේ මේ අම්මා දැක්කහම නම් මට පවු කියලා හිතෙනවා. (නි)
මොනතරම් ලස්සන දෙයක් කළත් ඒ හැමදේකම කැත දකින කිවි වගේ මිනිස්සු නිසා රට අරාජික වෙලා. (නි)
කිසිදා ඔබ තනි වී නැත
සාධාරණය ලොව රජයන විට ඉතිරි වන්නේ සාධාරණ, ධාර්මික මිනිසුන් පමණි. (නි)
ඔබ ඉගෙනගෙන මතු දවසක උසස් තනතුරකට ආ විට මුල අමතක නොකරනු ඇතැයි අපි සිතමු. (නි)
ඔබ සියලු දෙනාට සහ ලංකාදීප පුවත්පතට පින්! (නි)
රාටේ සල්ලි නාස්ති කරන ලොක්කන්ගෙත් එයාලගේ පුත්තුන්ගෙත් නෙත් පෑදේවා! (නි)
ඇත්තටම මීට කලිනුයි මේ දරුවටයි, අම්මටයි උපකාර කරන්න තිබුණේ. මේ ගැන ජනතාව දැනුවත් කළ ජනමාධ්‍ය ආයතන වලට අපගේ උපහාරය! (නි)
මෙවන් උතුම් දේකට හවුල්වුණු ඔබසැමට දෙවි පිහිටයි. (නි)
මේ මහා පින්කමට සම්මාදන් වූ සියල්ලටම පින්. (නි)
මේ ළමයාට රෝද පුටුවක් ලබා දීම වඩාත් උචිතයි. මොකද මේ ළමය උස්සාගෙන ගිහිල්ලා මේ අම්මාට ළඟදීම කොන්දේ විශාල අමාරුවක් එනවා. (නි)
අපිට ලිපිනය දෙන්න. අනෙක මතක තියාගන්න , ඔය වගේ තවත් ඉන්නවා කියලා. (නි)
ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලැබේවා! ඔබ සියල්ලන්ටම ආදර්ශයක්. (නි)
අද දරුවන් කුණු කූඩවලට විසිකරන යුගයක ඔබ හොද ආදර්ශයක් අම්මේ. (නි)
ඔබට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය අම්මේ. (නි)
මේ උදව් කල සියළු දෙනාටම බොහෝම පින් අත් වේවා.(ස)
කවුද මේ ගෙදර කුලිය ගෙවන්නේ (ස)
පුතේ ඔයාට ජේසු පිහිටයි .........(ස)
සියලු දෙනාටම මේ පිනෙන් පින්වත් පුතුන් ලැබේවා (ස)
මේ පින්කම ඉතා ශ්‍රේෂ්ඨයි . මෙයට මුල් වූ අපේ ආදි විද්‍යාර්ථයින් සියලු දෙනාට පින් . තෙරුවන් සරණයි (ස)
ගොඩක් පින් වැඩක්. (නි)
කසුන් පුතේ.. ඔබට හොද පිංබර අම්මා කෙනෙක් ලැබිලා තියෙනවා.. දරුවන් හොද හැටි බලාගන්න දන්නෙ නැති උවමනාවක් නැති අම්මාවරුන්ට එය හොද ආදර්ශයක් වේවා..! මගේ සුභ පැතුම්..!(නු)
මේ පරිත්‍යාගය කල අයට ගොඩක් පින් . ඔබ හොඳින් ඉගෙන ගන්න පුතේ (ස)
ප්‍රතිචාරයලට ස්තුතියි.. කුලී නිවසක කුලිය වර්ෂයක් සදහා අපේ සංගමය ගෙවනවා. දෙවැනි වසර ගැන සංගමය පසුව කටයුතු කරනවා.. කසුන් වගේම ආධාර උපකාර ලැබිය යුතු දක්ෂ බුද්ධිමත් දරුවන් ඉන්නා බව අපි දන්නවා.. ඒ අය වෙනුවෙනුත් අපේ ජපුර ආදි විද්‍යාර්තයන්ගේ සංගමය අවශ්‍ය පරිදි හැකි අයුරින් කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා..(නු)
මනුස්සකම හෑල්ලු වුණ මේ යුගයේ අනෙක් අයට පාඩමක් උගන්වන වැඩක්..මේ අම්මට බුදුබව ලැබෙන්න ඕනි (ස)
ඇමතිතුමා මේ වගේ තව දස දහසක් පිං කරලා කැළණියත් වැන්දොත් නම් ටිකක් හරියයි..!(නු)
උපකාර කල සැමට පින් (ස)
මේ ආකාරයේ අපහසුතාවන්ගෙන් පීඩා විඳිමින් ජීවත්වන සැමට පිහිටවිය හැකි වැඩපිළිවෙලක් සංවිධානය කර ජාතික මට්ටමින් පවත්වාගෙන යාමට අපේ රටට හැකියාවක් නැද්ද? බටහිර රටවල් වල නම් එවැනි වැඩ පිළිවෙලවල් ඕනෑ තරම් තියෙනවා. මනුස්සකම් ගැන විශාල ලෙස කතා කරන අපේ රට වල් වල එහෙම නිසි වැඩ පිළිවෙලවල් නැහැ නේද?(ස)
විශිෂ්ටයි (ස)
බුද්ධදාස ගලප්පත්ති මහතාට අපේ ස්තූතිය! (නි)
මතු ආත්මවලදී ඔබට මෙවන් කරදරයක් අත් නොවේවා. ඔබගේ වීර්යය ධෛර්යය සැබෑවට හරිම පුදුමයි.. ඔබ සතු ණැන ලක්මවට ලැබෙන්නට නිරෝගි සුව පතමි.. බුදුසරණයි..!(නු)
හරිම සංතෝෂයි (ස)
ඇත්තටම සන්තෝෂයි. ඔය වගේ දේවල් තමයි කරන්න ඕනෑ. (නි)
සතුටුදායක පුවතක්. (නි)
බණ්දුල ගුණවර්ධන මහතාට, ඩබ්ලිව්.කේ. වෑගපිටිය මහතාට, රංජිත් ඉද්දමල්ගොඩ මහතාට මේ කළ මහගු සත්කාරයට අපගේ හෘදයාන්ගම සුභ පැතුම්(ස)
ඇත්තටම හොද දෙයක් .ලෝකයටම උතුම් ආදර්ශයක්. (නි)
බොහොම ඉහළින් අගය කළ යුතු ක්‍රියාවක්.. අනෙක් දානපතියන්ටත් මෙය ලොකු ආදර්ශයක්... අපේ මව්බිමේ මේ වගේ උතුම් ක්‍රියාවන් තව තවත් ඉදිරියට ගෙන යා යුතුයි.. මේ සත් ක්‍රියාවට සහභාගී වුන සෑම දෙනාටම දෙවි පිහිටයි.. සම්මා සම්බුදු සරණයි..(නු)
කවුරු හරි ධානපතියෙක් ඉදිරිපත්වෙලා මේ ගෙදර අරගෙන දෙනවනම් මේ ළමයට (ස)
ලක් මව ඔබ අමතක කළේ නැත පුතේ. (නි)
ඉතාමත් හොද වැඩක්. (නි)
තාත්තා අන්ධ අර ශිෂ්‍යත්වය ඉහළින් ලකුණු ලබාගත් සිසුවියටත් උදව්වක් කරන්න..!(නු)
ශිෂ්‍යත්ව විභාගයෙන් වැඩිම ලකුණු ගත් නියදුරුපොල දුව වෙනුවෙනුත් මෙහෙම දෙයක් කරන්න පුළුවං නම් ලොකු දෙයක්.!(නු)
බොහෝ පිං වැඩක්..!(නු)
මේ වගේ දරුවන්ට අපිත් උදව් කරන්න අවශ්‍යයි (ස)
කුලී නිවසක් ලබාදීලා කුලිය ගෙවන්නේ කවුද? (නි)
අපගේ පදනම හක්මන ධම්මරතන හාමුදුරුවන්ගේ සරණ පදනම සමග එක්ව කසුන්ට උදවු කළා, අවුරුදු 18 වෙනතුරු. ඔහුට මෙවැනි උපකාර දැන් ලැබෙන බව දැනගැනීමෙන් ඉතාම සතුටට පත් වුණා. (නි) http://www.shareandcare.org.uk/news.htm
වැඩේ හොඳයි.. දේශපාලන ගාව ගත්ත එක තමයි වරද ?.(ස)
ගොඩක් සතුටුයි. (නි)
මට හිතෙන්නේ මෙහි කුලිය ගෙවන්නෙත් මීට දායක වූ සංගමයම විය හැකියි කියලයි.!(නු)
ඔබට දළදා සමිදු පිහිටයි! (නි)
නියම වැඩක් සමාදම් වෙච්ච හැමෝටම පින් (අ)
ඔබ වාසනාවන්ත පුත් රුවනෙකි ඔබ මෙලොවට බිහිකළ ආදර මව් පිය දේපල විඳි දුක්වල අග්‍ර පලය සමස්ත ලෝකය හමුවේ ප්‍රදර්ශනය කර තිබේ. ඔබේ දිවිගමන සාර්ථක වේවා!.(ස)
රටට හොඳ පුතෙක් වෙන්න වාසනාව පෑදේවා. ඉගෙන ගත්තාට පස්සේ මුල අමතක කරන්න එපා සහෝදරයා (අ)
මහමග මිනිසුන් කපාකොටා මරණ මෙවන් යුගයක මණුගුණ දම් රකින මෙවන් උතුම් මිනිසුන් මාගේ මවුබිමට වාසනාවන්. බුදුන්වහන්සේ දෙසූ මග යන්නෝ කරුණාවෙන් දායාවෙන් පිරිපුන් මිනිසුන් වේ. උත්සාහයෙන් කර්මය උව වෙනස් කලහැකිබව බුදුන්වහන්සේ දෙශනා කලහ. කසුන් අද ඔබ ඒ බව ඔප්පුකර ඇත. සියල්ල කර්මයට හෝ දෙවියන්ගෙ කැමත්තට සිදුවේයැයි බලා සිටියානම් ඔබ අද විශ්වවිද්‍යාලයක උසස් අධ්‍යාපනය ලබන්නේවත් මෙම කරුණාවත මිනිසුන්ගේ ආධාර පුකාරලබන්නේවත් නැත. පිංබර අම්මා ගැනද වචනයක් කිවයුතුවේ. මෙවන් රෝගී දරුවෙක් මේ තත්වයටගෙන එන්නට අම්මෙ ඔබ විදිදුක් වේධනා කොතෙක්දැයි සිතිය නොහැකිතරම්වේ. බිහිකළ ගමන් තම දරුවන් මහමග දමායන දරුවන්ගේ ජිවිත නැතිකරණ මාත්තෘත්වයෙන් පිරිහිහුණු මවුවරු පිළිබධව නිතර ඇසෙන කාලයක ආදරණීය අම්මෙ මෙම අසරණ දරුවා කෙරෙහි ඔබ හදවතෙ ඇති සෙනෙහස මෙකරපු කැපකිරීම වචනවලින් විස්තරකළ නොහැකිතරම්වේ වැලේ ගෙඩි වැලටබර නොවේ කියා අපේ සිංහල කියමනක් ඇත සත්තකින්ම ඒ මෙවැනි උතුම් අම්මලාටය. අම්මෙ ඔබ බුදු වේවා. (අ)
ඇත්තෙන්ම මෙවැනි ක්‍රියා අපි අගේ කළයුතුයි (අ)
ඇත්තමට සංතෝෂයි මෙයට දායක වූ සියල්ලන්ටම මගේ ආචාරය.!(නු)
පින් සිද්ධ වෙන වැඩක් (අ)
සහතික ඇත්ත
ගොඩක් වටිනා වැඩක් අහනත් සතුටුයි. අපත් හදවතින්ම ඔබ සමගයි. පුතේ ඔබට තෙරුවන් සරණයි. (අ)
දිවා රෑ නොනිද වෙහෙසී දිගු කලක් සිට මව් තුමි ඇතුළු දිරිගැන්වූ සැම වෙතට දෛවය නොවේ ධෛර්ය්‍ය පෙන්වූ ඔබට සුභ පතනෙමී ඉදිරියෙ ඇති දිවි මගට .(ස)