
(අංජුල මහික වීරරත්න)
ජනතාවගේ බදු මුදල් වලින් මහා භාණ්ඩාගාරය පිරී තිබුණත් ආණ්ඩුව ඒවායින් කිසිම සහනයක් ජනතාවට දෙන්නේ නැතැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා මාධ්‍ය හමුවකදී අද (31) පැවසීය.
මීට වඩා වැඩි මුදලකින් ඉන්ධන මිල අඩු කරන්නට ආණ්ඩුවට හැකියාව තිබූ නමුත් ආණ්ඩුව එය නොකළ බව ද රහුමාන් මහතා කීය.
සමගි ජන බලවේගයේ කොළඹ ප්‍රධාන කාර්යාලයේ පැවැති මෙම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ මුජිබුර් රහුමාන් මහතා මෙසේද කීය.
ජනතා විමුක්ති පෙරමුණ ප්රමුඛ ජාතික ජනබලවේග ආණ්ඩුවේ මැතිවරණ ප්රකාශනය හරහා ජනතාවට විශාල පොරොන්දු රැසක් ලබා දුන්නා. ජනතාව මත පටවා තිබෙන බදු , ඉන්ධන බදු , භාණ්ඩ හා සේවාවලට පනවා තිබෙන බදු ඉවත් කරන බව පොහොසත් රටක් ලස්සන ජිවිතයක් යන මැතිවරණ ප්රකාශනයේ සඳහන් කර තිබුණා. නමුත් ඒ සහන කිසිවක් ගතවුණ වසර දෙක තුළ ලබාදෙන්න ආණ්ඩුව කටයුතු කළේ නැහැ. නමුත් රටේ අත්‍යාවශ්‍ය භාණ්ඩ හා සේවාවල මිල ගණන් සීඝ්‍ර ලෙස ඉහළ ගොස් තිබෙනවා. ඒ වගේම රටේ ජනතාවගේ ජිවන වියදම දිනෙන් දින ඉහළ යනවා. ඒ වගේම රටේ උද්ධමන වේගය සියයට 7.2 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ වගේම භාණ්ඩ කිහිපයක මිල ගණන් ඉහළ යාම හේතුවෙන් එම අගයන් ඉදිරියේදී තවත් ඉහළ යාමට හැකියාවක් තිබෙනවා. භාණ්ඩවල මිල ඉහළ ගොස් තිබුණත් ජනතාවගේ වැටුප් ඉහළ ගොස් නැහැ. ඒ වගේම ජනතාවගේ භාණ්ඩ මිලදී ගැනීමේ හැකියාවත් ක්‍රමක් ක්‍රමයෙන් පහළට වැටී තිබෙනවා. කෙසේ නමුත් ආණ්ඩුව ජනතාවගේ ජිවන බර අඩු කරන්න කිසිදු වැඩපිළිවෙළක් සකස් කරලා නැහැ. රටේ තිබෙන සෑම භාණ්ඩයක්ම මිල ගණන්වල පාලනයක් නැහැ. අවිනිශ්චිත වූ වෙළඳපොළක් රට තුළ නිර්මාණය වී තිබෙනවා. ඒ අවිනිශ්චිතතාවයේ ප්‍රතිවිපාක ජනතාවට විඳින්න සිදුවෙලා තිබෙනවා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd