වයස අවුරුදු 34 වැඩි මව්වරුන් 40 දෙනකු බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයයේ නියමය පරිදි බණ්ඩාරගම රෝහලට අද වඳ සැත්කම් කර ගැනීම සඳහා පැමිණියත් ප්‍රදේශවාසී භික්ෂූන් අතුළු පිරිසකගේ විරෝධය නිසා නතර කර දැමූ බව බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී දොස්තර චමින්ද පෙරේරා මහතා කීය. සිය කැමැත්තෙන් මේ සැත්කමට පැමිණි බව දැනගත් උද්ඝෝෂකයෝ, එහි පැමිණ ‘සිංහල ජාතිය වඳ නොකරන්නැ‘යි කියන පාඨ රැගත් පුවරු රැගෙන විරෝධය දැක්වූහ. රාජ්‍ය නොවන සංවිධානයක් මෙම සැත්කම සඳහා සිය අනුග්‍රහාය දක්වා තිබිණි.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකෙ දෙපැත්තක් තියෙනවා.... අපේ ජාතිය මේ විදියට ගියොත්නම් මේ රටේ සුලු ජාතියක් වෙනවා කවදාහරි. ඒත් ළමයි ගොඩාක් හදාගෙන අද ආර්ථිකේ හැටියට ජීවත් වෙන්නත් අමාරුයි. ඒත් රටේ අනාගතේ වෙනුවෙන් ගොඩාක් දරුවන් බිහි කරලා අපේ ප්‍රමානය වැඩි කර ගන්නත් ඕන....(ස)
මුස්ලිම් පැත්තකටත් ගිහින් මෙහෙම දෙයක් කරන්න පුලුවන්ද? (නි)
වෙන වැඩක් නැද්ද???(ස)
දැන් මේ කට්ටිය ප්‍රෙග්නනට් වුණහම තමයි වැඩේ. හාමුදුරුවො මොනවා කරයිද දන්නෙ නැහැ. කමක් නැහැ. පන්සල් වල නිකන් තියන ඉඩම් ටික බෙදලා දීලා, ගෙවල් හදල දීලා, ළමයින්ව ඉස්කෝලෙ යවලා උගන්නලා, දුක සැප බලලා, ඈ......................? මේවා මේ ගිහියන්ට අයිති වැඩනෙ. (නි)
අර හය නොතේරෙන පුංචි දරුවන් මේ වැඩේට ගාව ගත්ත එක නම් අන්තිම වැරදියි.පව් පුංචි උන් මොනව දැනගෙනද අව්වෙ වේලෙන්නේ. (ස)
මොකක්ද මේ සැත්කම? (නි)
බණ්ඩාරගම නගරයේ මේ වෙනස දැන් පේන්නම තියෙනවා. (නි)
මෙවැනි වැඩවලට මහා සංඝරත්නයේ කැපවීම හැමදාම ලැබේවා! (නි)
දැනටමත් ලංකාවේ කෝටි දෙකකට වැඩිය මිනිස්සු ඉන්නවා. මේ ගොල්ලන්ට ඒ ගාන මදි වෙලාද? කරන්න ඕනෑ ජාතිවාදී පදනමින් කෑ ගහන එක නෙමෙයි. ජාතිය මොකක් වුණත් ජනගහනය නියතව තබා ගැනීමේ වැඩපිළිවෙලක් ගැන බලන එකයි. ජනගහන වර්ධනය සීමා කිරීමට (නියතව තබා ගැනීමට ) නීති සකස් කළ යුතුයි. ජනගහනය ඕනෑවට වඩා වැඩි වෙන එක ප්‍රශ්නයක්. ජනගහනය වැඩි වුණා කියලා පාවිච්චි කරන්න තියෙන සම්පත් ප්‍රමාණය වැඩි වෙන්නේ නැහැ. (නි)
අන්න අපේ හාමුදුරුවනේ, කරනවා නම් වැඩ. බොහොම ස්තූතියි. (නි)
හාමුදුරුවනේ හසරක් නොතේරෙන කුඩා දරුවෝමේවට යොදා ගන්න එපා.අනික සැත්කම් කර ගන්න එක ඒ අයගේ මානුෂීය අයිතියක්. (ස)
උතුම්ම පින්කමක්. මෙවැනි සිතුවිලි පහළ වෙන්නෙත් පින් ඇති අයට පමණයි. ඔබවහන්සේලාට බෝහෝම පින්. තෙරුවන් සරණයි! (නි)
සාධු...සාධු...සාධු...
එහෙමනම් තාවකාලික උපත් පාලන උපකරණ පන්සල් මගින් ලබාදිය යුතුයි. ඊට අමතරව ජනගහනය වැඩිකිරීමට මෙම විරෝධතා කරුවනුත් සක්‍රීයව සහභාගී වියයුතුයි . (නි)
රජයේ නොවන සංවිධාන කියන කියන දේ කරන්න යන්න එපා. අපිට අපිවත් නැති වේවි (ස)
දරු සම්පතක් කියන්නේ වාසනාවක්නේ
රටක් දියුණු වෙන්න නම් ඒ රටේ ඉන්න මිනිස්සු ප්‍රමාණයට අනුව සම්පත් වැඩිවෙන්න ඕනෑ. නොදියුණු රටවල් බොහොමයක් එහෙම වෙන්න ප්‍රධාන හේතුව අධික ජනගහනය. මේ හාමුදුරුවරු පන්සල් වලට වෙලා හිටියට, වටේ ඉන්න අය අල්ලාගෙන කෑගැහුවට අනිත් මිනිස්සුන්ට ළමයි පහ හය හදන්න කියන එකෙන් වෙන්නේ ලංකාව දිනෙන් දින දුප්පත් වෙන එක . මොකද උඩ පැනගෙන කෑගැහුවට ලංකාවේ කොහොමත් ඉන්නේ බහුතරය කම්මැලි මිනිස්සු. එයාලා ළමයි හැදුවත් ඊට සාපේක්ෂව ආර්ථික ශක්තිය වැඩි කරගන්න එතරම් මහන්සි වෙන්නේ නැහැ. අනිත් ප්‍රධාන හේතුව තමයි තමන්ගේ ජීවිතේ හෝ ශරීරය ගැන තීරණය කරන්න අයිතිය තියෙන්නේ තමන්ට මිසක් අනෙක් අයට නෙවෙයි. අවශ්‍යම නම් දැනුවත් කිරීමක් කරන්න තිබුණා. (නි)
භික්ෂු සාසනය තව චිරාත් කාලයක් රැකේවා
අපි ගරු කලයුතු වැඩක්
ඉතා වටිනා වැඩක්
භික්ෂූන් විසින් හොද වැඩක් මෙහි කරලා තිබෙනවා. ඒත් ඔලුගෙඩි ගාන වැඩිකර ගන්නට හයක් හතරක් නොතේරෙන ඉස්කෝලේ ළමයි අරන් ගිහින් තියෙන එකට නම් මගේ එකගතාවයක් නැහැ. (නි)
වඳ සැත්කම් කිරීමට අදහස් කරන සියළු මවුවරුන් පන්සලට ගොස් විහාරාධිපති හිමියන්ගෙන් අවසර ගතයුතුය. ඉතාම සාධාරණ හේතු මත පමණක් අවසර දෙනු ලැබේ (වයස 34 හෝ 54 පැනීම සාධාරණ හේතුවක් නොවේ) (නි)
ඉතා හොද වැඩක් .. සාධු....සාධු....සාධු....සාධු....
අපිට බැරි වූ දෙය භික්ෂුන් කළා
සිංහල ජාතිය වඳ කරන්න සැහෙන උත්සාහයක් දරනවා. රට කරවන අයගේ ඇස් පෙනෙන්නේ නැද්ද? සිංහලයන්ට හෙණ වැදිලද? (නි)
බලන්න මොන තරම් පින් කමක්ද කියලා
ජාතියේ උපහාරය
පින් සිද්ද වෙන වැඩ
අපේ රටට වෙලා තියෙන තවත් පිළිලයක් තමයි මේ සැත්කම්
මේ අම්මලා තවත් දරුවෝ වැදුවොත්, හාමුදුරුවෝ ළමයින්ට කන්න බොන්න, පොත්පත් එහෙම දෙයි මගේ හිතේ. සමහර ජාතිකයෝ වගේ, බූරු පැටවූ හදන්න සිංහල අම්මලා කැමති නැහැ. හදන ළමයා හොදට උගන්නලා, තත්ත්වෙකට ගන්න අපේ අම්මලා බලන්නේ. හය හතර නොදන්න, පුංචි ඉස්කෝලේ ළමයි මේකට බෝඩ් අල්ලන්න ගෙනල්ලා. බුදු දහමත් දැන්, මුස්ලිම් වගේ වෙන්නයි යන්නේ. (නි)
හාමුදුරු කෙනෙකුට කිසිම අයිතියක් නැහැ ගැහැනියකගේ ජීවිතය ගැන තීරණයක් ගන්න. දරුවො හදනවද නැද්ද කියන එක මූලික මිනිස් අයිතිවාසිකමක්. තමන්ට දරුවකුට කන්න බොන්න දීලා උගන්නලා උස් මහත් කරන්න වත්කමක් නැත්කම් දරුවො නොහදා ඉන්න එක ඒ දෙමාපියන්ගෙ තීරණයක්. හාමුදුරු කෙනෙකුට ඒ තීරණය ගන්න බැහැ. නැත්නම් ඉන්පස්සෙ ලැබෙන දරුවන්ට සියලු වියදම් කරන්න ඒ හාමුදුරුවො බාරගන්න ඕනෑ. ඊටත් වඩා නරක දේ පුංචි දරුවො මේ වගේ විරෝධ වලට ගෙන්න ගන්න එක. මේ දරුවො මොනවද දන්නෙ, උපත් පාලනය සහ පවුල් සංවිධානය ගැන? (නි)
තවත් තියෙනවා හාමුදුරුවනේ ඒ වගේ නීති විරෝදී ඒවා අපි එකතුවී නවත්තමු
කොයි තරම් සිද්ද වෙන වැඩක්ද
පිස්සුනේ. හාමුදුරුවන්ට වෙන වැඩ නැද්ද? ළමයි හදපුවහම කන්න බොන්න දෙන්නේ පන්සලෙන්ද? (නි)
ලංකාව ආරක්ෂා කරන්න
බොහොම පින් අයිතිවෙන වැඩක් කරලා තියෙන්නේ. සිංහලයිනි, නැගිටියවු! (නි)
නියමයි. තවත් තවත් මෙවැනි විරෝධතා පවත්වන්න ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා. (නි)
උතුම් වැඩක්
මෙවන් හොර වැඩ නවත්තමු හමුදුරුන්ට තෙරුවන් සරණයි
මේක මානව අයිතිවාසිකමක්නේ. (නි)
අම්මලා එහෙම කරන්නේ දුප්පත්කම නිසා නේද? (නි)
සිංහල ජාතිය පවත්වා ගැනීමට නම් පුංචි පවුල රත්තරන් යන කියමනයි, ඔය කියන වද සැත්කමයි නවත්තන්න ඕනෑ. රාජ්‍ය නොවන සංවිධාන විසින් මේ වගේ දේවල් වලට අනුග්‍රහය දක්වන්නේ අපේ ජාතිය මේ මවු පොළොවෙන් අතුගා දමන්න මිසක් තියෙන ආදරේකට නෙමෙයි. (නි)
මොකක්ද බොලේ ඒ එන්.ජී.ඕ. එක? (නි)
ගරුතර ස්වාමීන් වහන්සේලාට නමස්කාර වේවා! බුද්ධ ශාසනය රැකගැනීමට නම් මේ රටේ සිංහල ජාතිය පැවතිය යුතුවේ. සිංහල ජාතියේ පැවැත්මට නම් සිංහලයා වඳ කිරීම වැළැක්විය යුතු වේ. මේ වඳ සැත්කම් සඳහා මූල්‍යධාර දෙන එන්.ජී.ඕවට විරුද්ධවද කටයුතු කළ යුතු වේ. මෙහි අදහස් දමන ඇතැම් අන්‍යාගමිකයින් කොතරම් ඔබවහන්සේලාට අපහාස කළත් ඔබවහන්සේලා මේ සත්කාර්යය නොනවත්වන්න. ත්‍රිවිධ රත්නය කෙරෙහි ගෞරව සම්ප්‍රයුක්ත බෞද්ධයින් ඔබ වහන්සේලා සමගයි. (නි)
ධර්මේ හරි. (නි)
ලංකාව බෞද්ධ රටක් නිසා මෙවන් සැත්කම් පිටු දකිමු
ගොඩක් හොද වැඩක්. මේක ලංකාව පුරාම කරනවා නම් හොදයි. (නි)
ජාති ජාති පලදෙන පිංකමක් ඒ
මුස්ලිම් ජාතිකයින් වැඩි වන වේගයට ඔවුනට රටේ ඉඩම් නැත. රටේ ඉඩම් බහුතරයක් අයිති සිංහලයින්ටයි. ඉතින් එම ඉඩම් අත්පත් කරගැනීමට නම් සිංහල ගහණය අඩු කළ යුතු වේ. එමෙන්ම දේවවාදී ආගම් පැතිරවීමට බාධාව මෙරටේ සිංහල ගහණයයි. මේ එන්. ජී. ඕ. සල්ලි එන්නේ අරාබියෙන්ද? නැත්නම් පල්ලියෙන්ද? බණ්ඩාරගම කියන්නේ අති බහුතරයක් සිංහල බෞද්ධයින් වෙසෙන පළාතක්. එවැනි පළාතක් වඳ සැත්කම් කිරීමට තෝරා ගැනීම අවධානය යොමු කළ යුත්තකි. (නි)
අද කාලේ හාමුදුරුවරු බලන්නේ එක පැත්තක් ගැන විතරයි. (නි)
පෙනෙන ඇස, ඇස නෙමෙයි. ඔබ දකින ඇස සැබෑ ඇසයි. (නි)
සියලු දුකෙන් නිදහස් වීම සඳහා උතුම් පැවිද්ද බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළහ. ස්වාමීන් වහන්සේලා ගිහියන්ගේ මෙවැනි ප්‍රශ්න වලට වලට මැදිහත්වීම කොහෙත්ම අනුමත කළ නොහැක. (නි)
මොනදේ කළත් හාමුදුරුවරු හරස් කපනවා හැමදාම. (නි)
මෝඩයාගේ ලොකුම සතුට දුක තුළ ජීවත්වීමයි. (නි)
කියලා නිම කරන්න බැරි තරම් වැඩක්
සිංහල බෞද්ධයිනි, අවදිවවු! මේ ස්වාමීන් වහන්සේලා කරන්නේ ඔබ කළ යුතු කාර්යයයි. ඔබලා නිසි ලෙස ඔබේ වගකීම් ඉටු නොකරන නිසා ශාසනයේ පැවැත්ම වෙනුවෙන් හෙළ ජාතිය රැකගැනීමට ස්වාමීන් වහන්සේලාට මේ කටයුතු කිරීමට සිදුවේ. බොදුනුවනි, ඔබ පෙරමුණ ගන්න. අපේ ස්වාමීන් වහන්සේලාට අබෞද්ධයින්ගෙන් අපහාස සිදු වීමට ඉඩ නොතබන්න. (නි)
ඉතාම කාලෝචිත වැඩක්. හාමුදුරුවරුන්ට පින් සිද්ධ වෙනවා අපේ ඇස් පෑදුවට. (නි)
මෝඩ වැඩ කොපමන කළත් කම් නැත. පුංචි දරුවන් සහභාගි නොකරගන්න අපේ හාමුදුරුවනේ. (නි)
අපිත් එකතු වෙනවා මේ වැඩේට
රජිත්,චූලක,එස්.එල්.ටී.කේ,චම්ස්,ධර්මේ,දයා දිසානායක,ලංකා,නුවන්,ප්‍රගීත්,මේනක,රවී,ගුරුගොඩ... මේ සියලුම දෙනා අන්‍ය ආගම් වලට අයත් පුද්ගලයන්. පේනවා නේද මේ ගොල්ලෝ කොච්චර මේක ගැන කලබල වුණාද කියලා? (නි)
අනේ හාමුදුරුවනේ, අපිත් කැමතියි ඔබවහන්සේලා වගේම ඉන්න. ඇයි අපේ නිදහසට බාධා කරන්නේ කියලා මේ අම්මණ්ඩිලා ඇහුවෙ නැත්තේ ඇයි? (නි)
වද සැත්කම් ලංකාවට එපා
දැන් බෞද්ධයන් ඉස්සරට වඩා කල්පනාකාරීව සිටින බවක් පේනවා. එය ඉතාම හොඳයි. අනිත් බෞද්ධයන්ටත් මේ පණිවිඩය පතුරුවන්න. ඔබට තුණුරුවන්ගේ සරණයි! (නි)
සුභපැතුම්
ඉතාම හොද දෙයක් හමුදුරුවනේ. ඔබවහන්සේලාට පිං සිද්ධ වේවා! (නි)
ජනක, අපිට සමහර රටවල් සංවිධාන කරනවා වාගේ සල්ලි පොම්ප කරවලා සිංහලයන්ව වද කිරීමට අවශ්‍ය වෙන්නේ නැහැ. සමහරවිට ඔය සංවිධානයත් සිංහලයන්ගේම වෙන්න පුළුවන්. නිකම් මුස්ලිම් කට්ටියට බැන බැන ඉන්නේ නැතුව ඒ කට්ටිය ගැන හොයන්න. තවත් එකක්. මේ දෙමවුපියන්ගේ ආර්ථික තත්ත්වය නිසා මෙහෙම කරනවා වෙන්න පුළුවන්. මොකද ගිය දවස්වල ළමයට කන්න දෙන්න බැරිව ගගේ පැනපු සිද්ධීන් තිබුණා. සමහර කට්ටියට ඕනෑ විදිහට ඔලු ගෙඩි ගණන වැඩි වෙන එක හොදද? ඒ ළමයින්ට කන්න දෙන්න බැරුව ගගට දාන එක හොදද? නැත්නම් මේ වාගේ වැඩක් කරන එක හොදද? (නි)
පුළුවන් නම් මේ වද සැත්කම් මුස්ලිම්වරුන් ඉන්න පළාතක කරලා පෙන්වන්න කියලා අභියෝග කරනවා. එදා සුද්දොත් අපේ හාමුදුරුවරුන්ට කහ හමුදාව කියලා අපහාස කළා. දැන් ඉන්න කලු සුද්දො අපේ හාමුදුරුවන්ට අපහාස කරන එක ගැන පුදුම විය යුතු නැහැ. (නි)
අපිත් ඉන්නවා ඔබ සමග
සිද්ධාර්ථ කුමාරයා තමන්ගේ පළවැනි දරුවා උපන් දවසේම "රාහුලයෙක් උපන්නා" කියලා ගිහිගෙය අතහැරලා යනවා. භික්ෂූන් මහණ වෙන්නේ ගිහි ජීවිතයේ තියෙන බැඳීම පමණක් නෙමෙයි සංසාරෙම තිබෙන බැඳීම් අතහරින්න. එහෙම තියෙද්දි මේ සංඝ හමුදාව යනවා උපත් පාලනේ නවත්තන්න. ඊළගට උද්ඝෝෂණය කරයි වින්නඹු ගෙදරටත් රිංගන්න ඕනෑ කියලා. (නි)
ජයවේවා
ඒගොල්ලොත් කසාද බැන්දා නම් හරිනේ. (නි)
ජනක හරි චමිස් ඔබ වැරදියි. දැන් ලංකාවේ තියෙන්නේ ආණ්ඩුවට රස්සා දෙන්න බැරිකමද මිනිස්සු වැඩ කරන්න කම්මැලිකමද ? වද සැත්කමට පක්ෂව කතාකරන සියලුම දෙනා මුස්ලිම් ජාතිකයන්. ඔය කන්න නැතුව හරි ළමයි හදපු උතුරුමැද පළාතේ තාත්තලා නිසා තමයි යුද්දේ දිනුවේ. අදත් යුදහමුදාවේ බහුතරයක් සාමාන්‍ය සෙබළුන් ඉන්නේ උතුරුමැද පළාතෙන්.සම්පත් තිබුණත් නැතත් සිංහල ජනගහනය වැඩිකළ යුතුයි. මුස්ලිම් අය කරන්නේ සම්පත් තිබිලද? හදනවා 18 වෙනකම් ඉන්නවා මැදපෙරදිග අරිනවා. මම නැවත කියන්නේ බස්නාහිර වගේ පවුලක එකා දෙන්න ගානේ හිටියා නම් මොකාද යුද්ධ කරන්නෙ? (නි)
හාමුදුරුවනේ, වැඩේ නම් පංකාදුයි. හැබැයි වැඩේට පොඩි එවුන් අරන්ගිය එකයි කැත. (නි)
චූලක, කවුරු කරත් හොඳ දේට අපි ගරු කරන්න ඕනි. මට පේන්නේ ඔයත් මුදලට යටවෙලා වෙන්න ඇති (ස)
අයියෝ කියන්න දෙයක් නැහැ
තෙරුවන් සරණයි
තිලකරත්න, ජනක. මේ සංවිධානය කවුද කියා නොදැන නිකම් ජාතිවාදී අදහස් ලියන්න එපා. මේකට මුස්ලිම් අය සම්බන්ධ නැහැ. මේකට මුස්ලිම් ගැහැණු කට්ටියත් ඇවිත් ඉන්නවා. (නි)
භික්ෂුන් මැදිහත් වී කල වැඩේ මම අනුමත කරනවා (දී)
වැඩේ නම් පංකාදුයි
මේකේ සමහර අදහස් දාලා තියෙන කට්ටිය සිංහල නොවේ. සිංහල නම් වලින් දාන වෙන ජාතීන්. (නි)
මේක උපත් පාලන කොපු හදන සමාගමක කුමන්ත්‍රණයක් විදියටයි මම හිතන්නේ. ගම්වල ඉන්න මිනිස්සුන්ට දරුවෝ හදලා ඇති වුණහම ඔය සැත්කම කරගන්නවා. ඒක ඒ මිනිස්සුන්ගේ කැමැත්ත. සිංහල වුණ පළියට ළමයින් ගොඩක් හදලා කන්න දෙන්නේ කවුද? උපත් පාලන ක්‍රමයක් විදියට මේ සැත්කම කරන්න බැරි වුණ ගෑනු තමන්ගේ සැමියත් එක්ක ඉන්න වෙන්නේ උපත් පාලන කොපු පාවිච්චි කරලා. එතකොට කොච්චර සල්ලි යනවද? (නි)
උගත්යැයි හිතාගෙන ඉන්න හිස් මොළ ඇති සිංහලුනේ, මේ වද සැත්කමට රාජ්‍ය නොවන සංවිධාන උදවු කරන්නේ ආදරේට කියලද උඹල හිතන්නේ? තේරුම් ගනිවු, මෙතන කෙරෙනනේ බොහොම කාලයක ඉදලා කෙරෙන සිංහලයන් වද ජාතියක් කිරීමේ ව්‍යාපාරයමයි. කලකට ඉහත පුංචි පවුල රත්තරං කියලා කළෙත් ඔය කෙන්ගෙඩියම තමා. (නි)
දරුවන්ට කන්න දෙන්නෙ කවුද? ඒ අයට නිකන් කෑම ලැබෙනවා. කෝ කාන්තාවන්ගෙ නිදහස? (නි)
කරුණාකර කියන්න. මුස්ලිම්වරු වද සැත්කම් කරනවද? (නි)
සියලු දුකෙන් නිදහස් වීම සදහා උතුම් පැවිද්ද බුදුන්වහන්සේ අනුදැන වදාළහ.එය සත්‍යයකි. ස්වාමීන් වහන්සේලා ඒ මගම පමනක් වැඩියේ නම් අද වනවිට සිංහලයාද බුදුදහමද මේ රටෙන් සොයාගත නොහැක. (නි)
මම ක්‍රිස්තියානි. ඒත් අපේ හාමුදුරුවන් කළ දේ කාලෝචිතයි. (නි)
මීට විරුද්ධව අදහස් දාලා තියෙන අය ජාතියක් ජන්මයක් නැති සිංහල ජාතිය වැනසෙනවා දකින්න කැමති අයයි. (නි)
මේක සම්පූර්ණයෙන්ම මෝඩ වැඩක්. සිංහල බෞද්ධ ජනගහනය අන් ජාතීන්ට සාපේක්ෂව වැඩි කිරීම වෙනම දෙයක්. ඒත මෙතන මේකට එතන හිටපු හාමුදුරැවරු විරැද්ධ වෙලා තියෙන්නේ කාරණා නොදැන. එල්.ආර්.ටී. සැත්කම් කියන්නෙ උපත් පාලනයට තියෙන එක් ක්‍රමයක් විතරයි. ඒ හැර තව ඕනෑ තරම් ක්‍රම තියෙනවා. දැන් එතකොට අනිත් ක්‍රම වලටත් ඔය විදියට විරෝධතා පවත්වන්න යනවද? එම නිසා බොරුවට ආවේගශීලී නොවී දරුවන් හදනවාද නැද්ද යන්න එම පවුල් වලටම තීරණය කිරීමට ඉඩ හරින්න. බුදු සරණයි! (නි)
හාමුදුරුවෝ කරපු දේ වැරදියි කියලා කියන අය පුලුවන් නම් මුස්ලිම් අය 10 දෙනෙකුට ඔය වඳ සැත්කම කරලා පෙන්නන්න එන්.ජී.ඕ. අයට කියලා. (නි)
මට හිතෙන්නේ හාමුදුරුවෝ මේ අම්මලාටයි, දරුවන්ටයි කන්න බොන්න දෙන්න කැමතියි වගේ. (නි)
ජපානයේ වගේ අපේ හාමුදුරුවන්ටත් විවාහ වෙන්න දුන්නා නම් ජාතිය තවතවත් වැඩිකරගන්න පුලුවන්. (නි)
හාමුදුරුවන්ට තියෙන අයිතිය මොකක්ද ඕක නවත්වන්න? (නි)
මේ වඳ සැත්කම් කරන්න ඕනෑ සිංහල ජාතිකයන්ට නෙමෙයි. මෙහිම සඳහන් අනිත් ජාතිකයින්ට. සිංහල ජනගහන වේගය අඩුවෙලා හොඳටම. ඒත් මුස්ලිම් ජනගහනය ඉතා වේගයෙන් වැඩිවෙනවා. (නි)
මේක මාර වැඩක්නේ. ඇයි මේකටත් මේ අහක ඉන්න මුස්ලිම් අයව ගාවාගන්නේ? (නි)
ලංකාවේ වැඩියෙන් ඉන්න ඕනෑ සිංහල මිනිස්සු නේද? (නි)
හාමුදුරුවරුම සිවුරු හැරලා වැඩේට බැස්සා නම් නරකද ? (නි)
එන්.ජී.ඕ. කාරයින්ගේ යටි අරමුණ තේරුම්ගත්තේ අපේ සෝම හාමුදුරුවන් ප්‍රමුඛ මහා සංඝරත්නය විතරයි. (නි)
අනේ අනේ මෙහෙමත් මෝඩ වැඩ? (නි)
ලමයි සංඛ්‍යාව වැඩිවෙන තරමට කිරිපිටි, බෙහෙත්, පාසැල්, ඇදුම්, පොත්පත්, ආහාර, රැකියා, ඉඩම්, නිවාස මේ එකක්වත් ඔය කට්ටිය දෙනවද? අඩුම තරමින් ඒ අම්මලාගේ සෞඛ්‍ය තත්ත්වය ගැනවත් හිතන්න ඔවුන්ට මොළයක් නැහැ. (නි)
ලංකාව වගේ රටකට මෙවන් අපරාධ එපා නවත්තපු එක හොදයි
මේවා නැවැත්තුවේ නැතිනම් සදාචාරය පිරිහෙනවා
ශාසනෙත් ඉවරයි. අහිංසක කුඩා පාසල් ළමයිනුත් ඉවරයි. (නි)
හරියට හරි. අපි ඔබ සමගයි. (නි)
දරුවන් දෙදෙනෙක්ට වඩා ඉන්න ගෙවල් වලට පන්සල් වලට එකතුවෙන ආදායමින් කොටසක් බෙදන්න ක්‍රමයක් හදන්න බැරිද දන්නෙ නැහැ හාමුදුරුවන්ට. (නි)
ඒ සැත්කමට තමන්ගෙ කැමැත්තෙන් ඔක්කොම ආවෙ. මෙතන ජාතිය වෙනුවෙන් අදහස් දාපු අය ඒ මවුවරුන්ට නැවත දරුවො ඉපදුනොත් කන්න අදින්න ඉගෙනීම් කටයුතුවලට යන සම්පූර්ණ වියදම බාරගන්න ලෑස්තිද? (නි)
නවත්තපු එක නම් හොදයි
මේක කරන්න දෙන්න හොද නැහැ තමයි. (නි)
මේක මුස්ලිම් අයට කළා නම් නේද හොද? (නි)
සැත්කම් නැතුව ළමයි අඩුකරන්න පුලුවන්නේ. (නි)
හාමුදුරුවන්ට බණින අයට මේක තේරෙන්නෙ නැහැ. (නි)
ඕක ඕනෑතරම් කරන්නේ කාසල් එකේ. (නි)
දැන් ලංකාවේ බුද්ධාගම සහ ක්‍රිස්තියානි ආගම් දෙකම අන්තවාදී වෙලා. (නි)
වඳ සැත්කමට හාමුදුරුවරු ඔහොම කතාකෙරුවට, නූපන් දරුවන් ගබ්සා කරද්දී කතෝලික ස්වාමිලා එහි තිබෙන බරපතළකම නියද්දී ඇයි ඒවාට කතා නොකළේ? (නි)
ඔබවහන්සේලා හොදට හිතලා බලලා කරලා තියෙන්නේ හොද වැඩක්. (නි)
මම හිතන්නේ අපි මේ අම්මලට උදව් කළ යුතුයි. ළමුන් හතර දෙනෙකුට වැඩි හැම පවුලකටම ශිෂත්ව දුන්නොත් එම ළමුන්ගේ අධ්‍යාපනයට පහසු වේවි. (නි)
සිංහල බෞද්ධයිනි, අවදිවවු /// ඉස්සර එක ගෙදර ළමයි 7,8 හිටියේ සම්පත් තිබිලාද? ඇයි බෞද්ධ අය විතරක් මේක කරන්නේ? නැගෙනහිර වෙන අය පැතිරෙන්නේ සම්පත් තිබිලද? ගිහින් බලන්න.රටක් දියුණු වෙන්න නම් ඒ රටේ ඉන්න මිනිස්සු ප්‍රමාණයට අනුව සම්පත් වැඩිවෙන්න ඕනෑ කියන්නේ බටහිර සංකල්පයක්. ඒ රටවල ජනගහනය අඩුවෙමින් මුස්ලිම් ජනගනය වැඩිවෙන එක, ආගම අතින් ප්‍රශ්නයක්. ස්වදේශිකයින් වඳ වෙලා යනවා. කොහොමත් 2060 වෙනකොට මහජාතිය සිංහලයින් නොවේ.ඇත්ත එයයි. (නි)
ඇත්ත වශයෙන්ම ගිහියන් මෙම ප්‍රශ්නයට මැදිහත් වුණා නම් භික්ෂුන් වහන්සේලාට මෙම ප්‍රශ්නයට මැදිහත් වීම අවශ්‍ය නැත. නමුත් ගිහියන් අවදි කිරිමට භික්ෂුන් වහන්සේලා සිදුව තිබි ඇත. දැනටමත් අපේ අයගේ පවුල්වල ඇත්තේ එක් දරුවකු හෝ වැඩිම දෙදෙනකි. ජනතාව රටකට සම්පතකි. එම සම්පතින් නිසි ඵල ප්‍රයෝජන ගැනීමට පාලකයන් දක්‍ෂ වියයුතුය. චීනයට එම ජනතාව සම්පතක් වූ හැටි නිසා අද ඔවුන් ලොව දෙවැනි බලවතා බවට පත්වී ඇත. ලොව සිටින දක්ෂ විද්වතුන් හා කලාකරුවන් පවුලක සිටි එකම එක දරුවකු තුළින් බිහිවී ඇත්තේ නම් එය අහඹු සිදුවීමක් පමණි. බොහෝ දක්‍ෂයන් බිහිව ඇත්තේ 4ක් හෝ 5ක් සිටි පවුලක් තුළිනි. අවසන් වශෙයෙන් කීමට ඇත්තේ ලොව සිටින ගණනින් අඩු වර්ගයා වන්නේ අප බවත් එසේම වදවී යන වරිගයක් ද වන වගය ! (නි)
පිරිමින්ගේ අවයව සම්පූර්ණයෙන් ඉවත් කිරීම වඩාත් යෝග්‍ය වේ. (නි)
ලංකාවේ සත්තු මරණ එකත් නවත්තන්න
කියලවත් කරගන්න බැරි දෙයක්
ළමයින්ට කන්න දෙන්නේ හාමුදුරුවොද? (නි)
අවුල තියෙන්නේ රාජ්‍ය නොවන සංවිධානයක් ඔතෙන්ට රිංගපු එකයි. (නි)
අනේ මන්දා. සෝභිතලා වගේ කට්ටිය ඉන්දැද්දී මෙයාලා මොකට මෙහෙම කෑගහනවද කියලා. (නි)
තව ටික කලකින් මුස්ලිම් අපි තමයි මහ ජාතිය. පල්ලි යන්න ලැහැස්ති වෙයල්ලා. (නි)
හොඳ වැඩක්, නිදාගන්න සිංහලයගේ ඇස් අරින්න. (ස)
ලෝකෙටම සිංහල කියලා රටක් ඇත්තේ මෙච්චරයි. රට රැකගන්න ජනගහනය ඹ්නෑ. අඩුම ගානේ පකිස්තානේ එක්ක ක්‍රිකට් ගහනකොට අප්පුඩි ගහන්නවත්. (නි)
හාමුදුරුවනේ, ජාතිවාදී අදහසින් තොරව බැලූ විට නම් මෙය හොද වැඩක්. (නි)
අදහස් දක්වලා තියෙන හුගක් අයට සිංහල නම් තිබුණට, දක්වා ඇති අදහස් බැලූවිට නම් සිංහල යැයි සිතෙන්නේ නැහැ. (නි)
සන්තෝසයි
ධිර්ග කාලින ව තිබ්බොත් හොදයි
කර ගන්න බැරුව හිටිය වැඩක්
ජයවේවා
වැඩේ නම් හොදයි. ලංකාවට මේවා හොද වැඩ නොවෙයි
හොද යෝජනාවක් සම්පත්. අපිත් කැමතියි උදවු කරන්න. (නි)
මීට වඩා දේවල් තියෙනවා හාමුදුරුවරුන්ට කරන්න ආගම සහ සමාජය වෙනුවෙන්. (නි)
ඔන්න නොකිවුවයි කියලා කියන්න එපා. ඔය කෑගහන අය අර නිවුන් දරුවන්ට උදවු කරන්න ඕනෑ හොදේ. නොමිලේ බැරි නම් අඩුගානෙ සහන මිලකටවත් මිනිසුන්ට උපත් පාලන උපකණ බෙදාදීමට කටයුතු කළ යුතුයි. (නි)
එකනම් පින් සිද්ද වෙන වැඩක්
අපේ රටට මෙවන් වැඩ එපා
හොද වැඩක්
අපි සැවොම එකා වැඩේ විරුද්ද වන්න ඕනේ
හාමුදුරුවනී. සිංහල ජාතිය වෙනුවෙන් හඩ අවදි කර යුතු කාලය පැමිණ ඇත
තෙරුවන් සරණයි
ජිවිත නැති කරන්න එපා
සාධු..සාධු..සාධු..
වැඩේ නම් බොහොම හොද වැඩක්
ඔබ සැමට තෙරුවන් සරණයි
ඉතා එක්මනින් ලංකාවේ සියලු ජන කොට්ටාශ වලට බලපාන පරිදි උපත් පාලන නීතියක් ඕනේ (ස)
රාජ්‍ය නොවන සංවිධාන වලට අපේ රටේ උපත් පාලනයට ඉඩ නොතැබිය යුතුයි. මේ අයට කරන්න වෙන වැඩ නැත්නම් මට පුළුවනි වැඩ ටිකක් අල්ලලා දෙන්න.(ස)
මේක බෞද්ධ රටක්
සිංහල ජාතිය අපි රැකගත යුතුයි (ස)
මාතෘකාව තමයි කැත
සන්තෝසයි
සතුටට කාරණයක්
මුස්ලිම් දුප්පත් පවුල්වල වුනත් ළමයි වැඩි වුනාට ඒ අයගේ සමාජ සංවිධාන මගින් ඒ පවුල් වලට දරුවන්ට හැකි පමනින් උදවු උපකාර කර ගැනීමේ වැඩ පිලිවෙලවල් තියෙනවා. ඒ නිසා ඒ ළමයි එක්කෝ හොඳට ඉගෙන ගන්නවා බැරිනම් ඒ අයගෙ වෙළඳ කටයතු ජාලයට එකතු වෙල ඉදිරියට යනවා. සිංහල බෟද්ධයන්ගෙ එහෙම හොඳදේවල් කෙරෙන්නෙ නැහැනෙ? (ස)
මම විරුද්දයි
වක්‍ර ජිවිත හානියක් තමයි ඒ
අන්න එහෙම තමයි වෙන්න ඕනේ
ජාතියට යහපතක් කරන්න , අනිත් ජාතීන්ට ගරු කරන්න සහෝදරයිනේ (ස)
සමන්ත , ඇත්ත කිව්වම තරහ යනවා නේ (ස)
ජනගහනය තරඟෙට වැඩි කරමු. ඔබ කැමති සිංහල සොමාලියාවටද මුස්ලිම් සෝමාලියාවටද? (ස)
මෙහෙ ජනගහනය වැඩි වුනාම අන්තිමට ඕස්ට්‍රේලියාවට තමයි කරදරේ. (ස)
අර නොතේරෙන පොඩි ළමයි නොමනා දේකට යොදාගත්ත අයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක වෙන්නෙ නැද්ද? (ස)
දැන් ඕක නැවැත්තුව කියල ජනගහනය වැඩි වෙන්න ගන්නවද? (ස)
පින් සිද්ද වෙන වැඩක්
මාතෘකාව වැරදියි
තේරුනේ නෑ (ස)
සිංහල බෞද්ධයිනි, අවදිවවු! මේ ස්වාමීන් වහන්සේලා කරන්නේ ඔබ කළ යුතු කාර්යයයි රාජ්‍ය නොවන සංවිධාන වලට අපේ රටේ උපත් පාලනයට ඉඩ නොතැබිය යුතුයි. මෙවැනි වැඩවලට මහා සංඝරත්නයේ කැපවීම හැමදාම ලැබේවා!!!!!!.................(ස)
සාධු,,,සාධු,,,සාධු,,,
ගොඩාක් හොද වැඩක්
ස්වාමීන් වහන්සේලාවත් මේක හොදයි කියන පාඨකයිනුත් දන්නවද ඇයි මේ සැත්කමට ඉඩ දෙන්නෙ කියලා. දරුවෙක් හදන්න අම්මලා කොච්චර දුක් විදිනවද. කියනවා වගේ ඒක ලේසිද? රජයේ රෝහල් වල මේ සැත්කමට ඉඩ දෙන්නෙ අවම දරුවන් දෙදෙනෙක්වත් ඉන්න, දෙවන දරුවාට වසර දෙකහමාරක් සම්පූර්ණ, වයස වසර 35ට වැඩි සහ ස්වාමියාගේ කැමැත්ත ඇති මවුවරුන්ට විතරයි. ඒක අම්මලාගේ අයිතිවාසිකමක්. මවුවරුන්ගෙ සෞඛ්‍යය හා පවුලේ සාර්ථකත්වය වෙනුවෙන් තමයි එහෙම අවසර දෙන්නෙ.ඒ අම්මල දරුවො දෙන්නෙක්වත් අදරෙන් හදා ගෙන තමයි ඔය සැත්කමට යන්නෙ. (නි)
ඇත්ත. අපි 1981 කෝටි 10.9යි, දැන් 15.2යි. අවුරුදු 30ක් ඇතුලේ කෝටි 5ක් කියෙන්නේ ලොකු සෙල්ලමක් නෙමේ. කහ සිවුර රැකගන්න හාමුදුරුවන්ට නුවණ පෑදේවා! සාදු ! (නි)
තේරුනේ නැහැ මට නම්
බිලියන ගානක් දරුවන් අපා දුක් විඳීමට වඩා ජාතිය ආගම රැකගැනීම වැදගත් බැවින්, කවුරුන් මොන විදිහට ජීවත් වුණත් සිවුරක්, කුරුසයක්, දැක්ක විට හා සලාත් කරන වේලාව පැමිණි විට හතරගාතේ දමා, දනින් වැටී, වැඳීම හා ජාතිය/ආගම ආරක්ෂා කරනවා යැයි කියන පක්ෂයකට ඡන්දය දීම ප්‍රශ්න නොඅසා කරන රොත්ත බුරුත්තක් රටක සිටීම වැදගත් බැවින් සියලු අඩූ ආදායම් ලාභී ජාති/ආගම් ලැදි ජනතාව පුලුවන් තරම් ළමයි හැදිය යුතුය. පවුල් සැළසුම් නොකරන ආකාරය පිළිබඳ උපදෙස් තම තමන්ට ආදාල ආගමික මධ්‍යස්තාන වලින් නොමිලේ ලබාදෙනු ඇත. - ප.ලි. මෙම නිවේදනය ළමයින් කීප දෙනෙක් හැදිය හැකි මධ්‍යම පන්තියට අදාල නොවේ. මධ්‍යම පාන්තිකයන්ට වෙන වැඩ ඇති නිසාත්, ඉන්න ළමයින් ටිකට හොඳින් උගන්වා ඔවුන්ද ඉහළ මධ්‍ය පන්තියට හෝ සුපිරි පැලැන්තියට අනුගත කරවීම ඇවැසි නිසාත්, සිය ආර්ථික තත්වයට නොගැළපෙන දේවල් කිරීම ඔවුන්ට තරම් නොවේ. (නි)
ලෝකේ කොයි රටෙත් ඉන්න අතීතකාමී ආගමික නායකයින්, කිසිම ආගමික බේදයකින් තොරව එකඟ වෙන දෙයක් තමයි තමන්ගෙ ආයතනගත ආගමට සම්බන්ධ වෙලා ඉන්න අය පවුල් සැලසුම් නොකළයුතු බව. අලුතින්ම මේ ගොඩට ලංකාවෙ සමහර හාමුදුරුවරුත් එකතු වෙලා ඉන්නවා කියල දැක්ක ප්‍රවෘත්තිය නිසා තමයි උඩ අදහස ලියවුනේ. ආයතනගත ආගම් කියන්නෙ තමගෙ කඳවුරේ තියෙන හිස්ගෙඩි ගණන ගැන පමණක් වදවෙන හුදෙක් දේශපාලන ආයතන කියන එක තමයි මේකෙන් තවත් පැහැදිලි වෙන්නෙ. නූතන තාක්ෂණයේ ප්‍රයෝජන විඳින ගමන් උපත් පාලනය කරන්නත් එපා කියනවා නම් ඒක මහා භයානක කතාවක්. මේ විදියේ මත ප්‍රචාරය කරන ආගමික කල්ලි දිනකට හරිතාගාර වායූන් ටොන් ගණනක් පරිසරයට එක්කරන ෆැක්ටේරියක් තරම පරිසරයට අහිතකරයි. (නි)
රාජ්‍ය නොවන සංවිධාන වලට ඇති අමාරුව මොකද්ද මේවා කරන්න (ස)
පන්සල ඊට විරුද්ධ නම් පන්සල විසින් ඔවුන් රැකබලා ගතයුතුයි. (නි)
මුස්ලිම් අයත් වද සැත්කම කරනවාද කියලා දැනගන්න පුලුවන් හොදම කෙනා තමයි ගමේ පවුල් සෞඛ්‍ය නීලධාරිනිය. අනිත් එක ඕක හැමෝටම කියකියා කරගන්නා සැත්කමක් නෙමෙයි. (නි)
මොකද්ද අනේ ඒ කතාව
සිංහල ජාතිය රැකගැනීමට නම් දරුවන් වැදීමට වඩා තව කළයුතු තවත් බොහෝ දේ ඇත. (නි)
දැන් ඉතින් ජාතිය වැඩි කරන්නත් උදව් කළා නම් අවසර!! (නි)
අද හැම ප්‍රශ්නෙටම හාමුදුරුවරුන්ට අතගහන්න වෙලා තියෙනවා. මිනිසුන්ගෙන් සත පහක වැඩක් නැහැ. සමහර සිංහල මිනිස්සු හදන්නෙ අපේ රටත් මුස්ලිම් රටක් කරන්න. නමට බෞද්ධ වුණාට ළමයෙක් දෙන්නෙක් හදාගන්න සිංහල මිනිසුන්ට පණ නැහැ. හාමුදුරුවරු නැත්තම් මෙලහකටත් සිංහලයා සුලු ජාතියක් වෙලා. අපේ පන්සල් වල අපිට දහයක් දොළහක් මහණ කර ගන්න පුළුවන්. ඒ නිසා මම සිංහල මිනිස්සුන්ට කියන්නෙ හදපල්ලා දුසිම් භාගයක්වත් ළමයි. පන්සලට දියල්ලා වැඩි හරිය.අපේ අයට බැරි වුණාට විශාඛාවට දරුවො 20 ක් හිටියා. ධම්මික උපාසකට දරුවො 14 ක් හිටියා. තමන්ගේ පවුල ගැන විතරක් හිතන්න එපා. රට ජාතිය ආගම ගැන හිතන්න. (නි)