(ගයන් සූරිය ආරච්චි)

බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ විශේෂ කොටසේ A අංශයේ 25 වැනි සිර මැදිරියේ  තිබී කාලයක් තිස්සේ භාවිත කළ බවට සැක කරන ජංගම දුරකථනයක්,  චාජරයක්, ලයිටරයක්,  සොයා ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.

පොලිස් විශේෂ කාර් ය බලකාය හදිසි ප්‍රතිචාර ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් බූස අධි ආරක්ෂිත බන්ධනාගාරය කළ සෝදිසි මෙහෙයුමකදී මෙම දුරකථනය සොයාගෙන ඇත.

මෙම ජංගම දුරකථනය වැඩිදුර  විමර්ශන සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට භාරදීමට නියමිතව ඇත