
(නිමල කොඩිතුවක්කු)
බූලි සහ කෑන් සඳහා යළි දැනුම් දෙන තුරු ඉන්ධන නිකුත් නොකරන ලෙස සියලුම ඉන්ධන පිරවුම් හල් සඳහා දැනුම් දි ඇතැයි ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී. ජේ රාජකාරණා මහතා සඳහන් කළේය.
ජාවාරම්කරුවන් බූලි සහ කෑන් සඳහා තෙල් රැගෙන විත් වැඩි මිලට ඉන්ධන අළෙවි කරන බවට තොරතුරු ලැබි ඇති බැවින් මෙම පියවර ගෙන ඇති බවත් සභාපතිවරයා සඳහන් කළේය. ජාවාරම්කරුවන්ට සහයෝගය පළ කරමින් එවැනි ආකාරයට බූලි සහ කෑන් සඳහා ඉන්ධන නිකුත් කරන පිරවුම්හල්වල බලපත්‍ර අත්හිටුවීමට කටයුතු කරන බවත් ඔහු පැවසීය.
කෑන් හෝ බූලි වලට ඉන්ධන රැගෙන අනවශ්‍ය විදිහට තොග රැස් කළහොත් තදින් නීතිය ක්‍රියාත්මක කරන ලෙස පොලිස් ස්ථාන සඳහා දැන්වත් කර ඇතැයිද සභාපතිවරයා සඳහන් කළේය.
මෙම තත්ත්වයන් නිරීක්ෂණය සඳහා යුද හමුදාව සහ බුද්ධි අංශ යොදවා ඇති බවත් ඔහු තවදුරටත් පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd