(ගයාන් සූරිය ආරච්චි)

පුදුකුඩු ඉරිප්පු ප්‍රදේශයේ නිදන් හෑරීම සඳහා ලෝහමය ද්‍රව්‍යයන් නිරීක්ෂණය කළ හැකි යන්ත්‍රයක් ප්‍රවාහනය කළ බව කියන සිද්ධියකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ අංශයේ සාජන්වරයෙකුගේ වැඩ තහනම් කළ බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

පරන්තන් මුලතිව් මාර්ගයේ කයිවේලි යුද හමුදා කඳවුරඅසලදී පුදුකුඩු ඉරිප්පු පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඔවුන් ගමන් කළ මෝටර් රථය පරීක්ෂා කිරීමේදී නිදන් හෑරීමට යොදා ගන්නා උපකරණ සමඟ එම සාජන්වරයා ඇතුළු සැකකරුවන් පස් දෙනකු අත්අඩංගුවට ගෙන තිබුණි.

මෙම සාජන්වරයා ඔහුගේ බිරියට අසනීප තත්වයක් හේතුවෙන් රාජකාරියට වාර්තා නොකරන බව විශේෂ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයාට පවසා මුලතිව් ප්‍රදේශයේ නිදන් හෑරීමට ගොස් තිබූ බව පොලිසිය කියයි.

එම විෂමාචාර්ය ක්‍රියාව හේතුවෙන් සාජන්වරයාගේ වැඩ තහනම් කළ බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පවසයි.