
(කේ බුද්ධික කුමාරසිරි)
මහරගම පතිරගොඩ පාර ප්‍රදේශයේ මාර්ග වල සිටින වීදි සුනඛයින්ට පොලු මුගුරු වලින් අමානුෂික ලෙස පහර දීම සහ යතුරුපැදියකින් යට කිරීමට තැත් කර සත්ව හිංසාව සිදු කිරීමේ චෝදනාව මත බැංකු විධායක නිලධාරිනියක අත් අඩංගුවට ගත් බව මහරගම පොලිසිය පවසයි
ප්‍රදේශවාසීන්ගෙන් ලද පැමිණිලි මත සිදුකල විමර්ශණයකින් අනතුරුව මෙම කාන්තාව අත් අඩංගුවට ගෙන පොලිස් ඇප මත මුදාහැරීමට කටයුතු කල බවද පොලිසිය පවසයි
සැකකාර කාන්තාව ඉකුත් වෙසක් පොහොය දින රාත්‍රී සහ අළුයම් කාලයේදී එම ප්‍රදේශයේ සිටි වීදි සුනඛයින්ට පහර දීම් සිදුකල ආකාරය සහ යතුරුපැදියකින් යට කිරීමට උත්සහා කරන ආකාරය ආරක්ෂිත කැමරාවල සටහන්ව තිබූ බවද පොලිසිය පවසයි.
මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ මහරගම පතිරගොඩ පාර පදිංචිව සිටි විශ්ව විද්‍යාල උපාධිධාරිණියක වන රජයේ බැංකුවක විධායක ශ්‍රේණියේ රැකියාවක නිතර කාන්තාවක බවද පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හදන සතෙක් ගෙදර හැදුවා නම් ඉවරනේ. බයිසිකල්කාරයෝ කී දෙනෙක් බෙල්ල කඩාගෙන ඇතිද ඔය සත්තු නිසා...
උපාධිය තියෙන්නේ කොලේක වුණාට මොලේ කුණු කාණුවේ...
බල්ලන්ටම ගිය රටක, බල්ලෙකුට හිරිහැර කිරීම දැඩි දඬුවම් ලැබිය හැකි වරදක් බවවත් ඇය දන්නේ නැද්ද..? තිරිසන් සතුන්ටත් වඩා අන්ත මනුසතුන් බහුල රටේ, මොනරු, අලි, රිලා වඳුරු, පමණක් නොවෙයි මදුරුවන්ට පවා මිනිසුන්ට වඩා අයිතිවාසිකමක් හිමි බව දැනගෙන මේ රටේ ජීවත් වෙන්න ඕනෑ... බල්ලෙකුව වත් දඩාවතේ නොයා අනුන්ට කරදරයක් නොවන ලෙස හරියට හදාගන්න බැරි මිනිස්සුන්ව කප්පාදු කළා නම්, මේ ගැටළුව ටිකක් විසඳෙන්න තිබුණා.. එදා සුද්දෝ, ගෙදර හදන බල්ලාටත්, බද්දක් ගෙවන්න නීතියක් දැම්මාම මිනිස්සු ඒකටත් උඩුබිරුවා. සතෙකුට ගහන්නම ඕනෑ නම්, කුකුලෙකුට ගහලා මරාගෙන කෑවා නම් මේ රටේ පව් සිද්ධ වෙන්නෙත් නැහැනේ..
අත් අඩංගුවට ගත් අයත් පාගමනින් හෝ යතුරුපැදියකින් යනවානම් ප්රශ්නය තේරුම්ගන්න පුළුවන් වේවි... ඇත්තටම වීදි හදලා තියෙන්නේ සුනඛයින්ටද නැත්නම් මගී ජනතාවටද? දන්න කෙනෙක් කියන්නකෝ වර්තමානයේදී කෙනෙකුට සුනඛයින් නිසා ආරක්ෂිතව යන්න බැහැ පැමිණිළි කර ඇත්තේ... ඒ ප්‍රදේශයේම බැංකු නිලධාරිනියට ඊර්ෂ්‍යාවෙන් සිටින කුහකයෙක් වෙන්න පුළුවන්... හරි නම් පොලිසියට කරන්න තිබුනේ සිද්ධිය විමර්ශනය කර සුනඛයින් අයිති පැමිණිළි කරුවන් අත් අඩංගුවට ගැනීම තමයි නිලධාරිතුමිය තමන්නෙ ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කළ බව එතුමිය නොදන්නවා වුණත් මාර්ගවලදී සුනඛයින්ගේ හිරිහැර විදපු කෙනෙක් හැටියට කියන්න පුළුවන් PHI ලගේ අවදානයට යොමුනොවූ මේ ප්රශ්නය පිළිඹදව වගකිවයුතු අයගේ අවධානයට යොමුවේවා...
විශ්ව විද්‍යාලය ජාතකේ වැරැදි හදන තැනක් නොවන බව පේනවා නේද?
අද රාත්‍රී කාලයේදී අතුරු පාරවල් වල ගමන් කරන විට මිනිසුන් සුනඛයින්ගේ සපා කෑම් වලට ගොදුරු වෙනවා. මේ කාන්තාව මීට පෙර වීදි සුනඛයින් විසින් හපා කෑවාද යන්නත් සොයා බැලිය යුතුයි.